වැලන්ටයින් දිනය සමරමින් සනත් ගුණතිලක 'හදවිල මත පිපි අරවින්දය' කියලා පොතක් එළිදක්වනවා. 'අරවින්දට පණදුන් සනත්ගේ කතාව' කියලයි ඔහු එය නම් කරන්නේ.
සනත් තාමත් අරවින්ද ගෙන් ඔබ්බට ගිහින් නෑ. සනත් 'විරාගයේ' හොදට රගපානවා. කොච්චර හොදට රගපානවාද කියල කිව්වොත් ලොකු වෙහෙස මහන්සියකින් ඇගට වද දෙමින් නොකා නොබී කෙට්ටු වෙමින් ඉතාම ආයාසයෙන් සනත් රගපානවා.
නොකා නොබී ඇගට වද දුන්නට ඒක විශිෂ්ට රගපෑමක් නෙවෙයි කියලා ටෝනි රණසිංහ වැනි විශිෂ්ට නළුවෙක් ඒ දවස්වල කියලා තිබුණා.
ලෙස්ටර් හදන්න ගිය 'විරාගයේ' අරවින්ද වෙන්න හිටියේ ටෝනි. තිස්ස තමයි ලෙස්ටර් කරන්න ගිය 'විරාගයේ' තිරරචනය ලිව්වේ. පැය දෙකක චිත්‍රපටියක් විදියට තිස්ස අතින් ලෙස්ටර්ට අවශ්‍ය විදියට ලියවුණු ඒ තිරරචනය තිස්ස අතින් ලියැවුණු තවත් විශිෂ්ට ස්ක්‍රිප්ට් එකක්.
තිස්ස අබේසේකර
තිස්සගේ 'විරාගයට' වියදම් කරන චන්ද්‍රා මල්ලවාරච්චිට මුලින්ම තිස්ස දෙන්නේ ඒ විශිෂ්ට තිරරචනය. ඇය මුලින්ම තිස්සට කැමැත්ත දෙන්නේ ඒ ස්ක්‍රිප්ට් එක ෆිල්ම් කරන්නයි. නමුත් තිස්සට ඕන උනේ අලුත් පිටපතක් ලියන්නයි. තිස්ස අද්විතීය දක්ෂයෙක් උනත් ඒක නම් වල ඉහගෙන කෑමක්. නිෂ්පාදිකාව හූරගෙන කෑම කොච්චර දක්ෂ විදියට තිස්ස කරාද කියනව නම් ඇයට තමන්ගේ ගේදොර ඉඩකඩම් පවා අහිමි වෙනවා. 'විරාගය' වැනි චිත්‍රපටි තව හදන්න හිතාගෙන හිටපු ඇය අපේ සිනමාවට අහිමි වෙන්නේ කාගේ වරදින්ද. ( ඒ කතාව ඇත්තද කියලා ඇගෙන්ම අහන්න පුළුවන්. ලංකාවේ නැති උනත් fb එකේ ඇය ඉන්නවා.)
ඇය වියදම් කරන 'විරාගයේ' අරවින්දට සනත්ව ගන්න ඕනෑ කියලා තිස්සට යෝජනා කරන්නේ ඇයයි. තිස්ස ඒ චරිතයට ගන්න හිටියේ ලක්ෂ්මන් විජේසේකර. ඔහුට කතා කරලත් තිබුණා. ඒ කතාව ඇත්තද කියලා මම ඔහු ගෙන්ම අහලා සහතික කරගත්තා. (ඒකේ recording එකක් මං ගාව ඇති) තිස්සගේ තේරීම හරියටම හරි. ලක්ෂ්මන් විජේසේකර පත්තරවලින් 'වෙන්ඩරවින්ද' කෙනෙක් වෙන්ඩ මහන්සි නොවුණේ ඇත්තටම ඔහු අරවින්ද වගේම නිවුණු මුණිවරයෙක් වැනි චරිතයක් වූ නිසයි.
චන්ද්‍රිකාගේ උපදේශක වෙලා හිටපු කාලේ සනත්ට එල්ල වෙච්ච චෝදනාවලින් දශමෙකවත් චොදනාවක් ලක්ෂ්මන් විජේසේකරට එල්ල නොවුණු නිසා තිස්සගේ තේරිම හරි කියලා හිතෙනවා. වික්ටර් අයිවන් 'රාවය' පත්තරෙන් සහ 'චෞර රැජින' පොතෙන් සනත්ට එල්ල කරපු චෝදනා වලට සනත් නිශ්ශබ්දව සිටීමෙන් අප තේරුම් ගත යුත්තේ මොකක්ද.
ඒ නමුත් මල්ගස් වටේ දුවන තොරොම්බල් නළුවෙක් විදියට ප්‍රසිද්ධ වෙලා හිටපු සනත්ට තිස්ස කැමති නොවුනත් නිෂ්පාදිකාවගේ ඉල්ලීමට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. නමුත් තමුන්ව ගත්තේ තිස්ස කියලා දශක ගණනාවක් තිස්සේ පුන පුනා පත්තරවලට කීමෙන් තමුන්ට ලොකු ආලෝකයක් ලැබෙනවාය කියලා සනත් හිතනවා. තිස්ස සනත්ව දක්ෂ විදියට මෙහෙයවනවා. ඒ නිසා සනත්ව තෝරා ගත්තේ නිෂ්පාදිකාව කියලා කියන්න ඔහු නිහතමානි නොවීම සාධාරණයි.
සනත් ඇගට වද දෙමින් හොදට රගපෑවට පස්සේ තිස්ස ඒ ගෞරවය තමන්ගේ පැත්තට හරවා ගන්නවා. සමහර විට සනත් ඔය කතාව දන්නෙවත් නැතුව ඇති. එහෙම නම් සනත් ගැන වරදවා හිතන එක සාධාරණ නෑ. නමුත් සනත් අරවින්දගේ ඇගේ එල්ලිලා ඉන්න එකෙන් ඔප්පු වෙන්නේ එකනින් එහාට ඔහු රගපාලා නැති බවයි.
තිස්සගෙන් පසුව ලෝකෙම දිනපු විශිෂ්ට තරුණ අධ්‍යක්ෂවරු සනත්ව නොගැනීමෙන් ඔප්පු වෙන්නේ සනත්ට රගපාන්න බැරි බවද. එහෙමත් නැත්නම් මං අරවින්ද වගේ කියමින් පත්තර හිතවතුන් ලවා ලෝකෙට කියන සනත්ගේ ඇතුලේ අරවින්ද කෙනෙක් ගෑවිලාවත් නැති පවද. තරුණ කාලේ කීප දෙනෙක්ටම ආදරේ කරලා මැදිවියට යද්දි තනිකඩව ඉන්න එක අරවින්ද කෙනෙක් වෙන්ඩ සුදුසුකමක් කියලා හිතනවද.
ආදරවන්තයින්ගේ දවසේ තමුන් ආදරණීයයි කියලා පෙන්වනවාට වඩා මං කැමතියි සනත් ඒ වගේ තවත් හොද එක චරිතයක් හරි රගපාලා පෙන්වනවා නම්. මා විසින් මෙම සටහන අරභයා හදනු ලබන 'වෙන්ඩරවින්ද' කියන වචනය ශාස්ත්‍රීයව පැහැදිලි කිරීමට ඉදිරියේදී (හිටියොත්) මා යොදාගන්නා බර වචන දෙකක් විය හැක්කේ megalomania (මානෝන්මාදය) සහ personification (පුද්ගලත්වාරෝපනය)යි.(අජිත් ගලප්පත්ති)
ප්‍රවීන චිත්‍රපට විචාරක
(අජිත් ගලප්පත්තිගේ ෆේස්බුක් පිටුවෙන් )