අපේ කුස්සියේ කෑම පිසීමට කැඳවා ගන්නා අරක්කැමියා රසට ආහාර පිළියෙල කිරීමට දක්ෂවීම පමණක් ප්‍රමාණවත් නැත.

 

ඔහු අපේ කුස්සියේ තිබෙන උදුන් සහ අනිකුත් උපකරණ ආරක්ෂිතව පාවිච්චි කරන අයුරුද මනාව දැන සිටිය යුතුය.

එසේ නොවුනහොත් අපට අපේ සිදුවන්නේ අපේ නිවස ගිනිගෙන විනාශවන අයුරු බලා සිටින්නටය.

රසවත් (ආර්ථික) ආහාර වේලක් උයාදෙන්නට හැකි යයි පුරාජේරු කතා කියමින් අපේ කුස්සිය බාර ගත් අරක්කැමියා මේ දිනවල නටන සවුදම රටට කියා දෙන්නේ එම පාඩමය.

ඔහුට අපේ ප්‍රජාතන්ත්‍රවාදි ගෘහයට ගිනි තබමින් සිටියි. ඔහු පෙන්වන්නෙ අපේ කුස්සියේ උදුන්, අවන් සහ උපකරණ ආරක්ෂිතව පාවිච්චි කිරීමට අවශ්‍ය දැනුම ඔහුට නොමැති බවය.


(1887 දී මහාචාර්ය වුඩ්රෝ විල්සන් රාජ්‍ය පරිපාලකයාට වෘත්තිය ස්වාධීනත්වය ලබා දෙනවිට ඇතිවිය හැකි අණතුරක් ගැන අපේ අවධානය යොමු කරන්නට යොදා ගත් උදාහරණය ඇසුරින් මෙය ලියන ලදි.
- The Cook must be trusted with a large discretion as to the management of the fires and the ovens” the Study of Administration - Woodrow Wilson)



Nawarathna bandara(මහාචාර්ය නවරත්න බණ්ඩාර )
Former Dean, Faculty of Arts, University of Peradeniya, Sri Lanka, Nov. 2012 to Sept 2015

නවරත්න බණ්ඩාර ගේ ෆේස්බුක් පිටුවෙන් ....

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්