රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න මේ මොහොතෙ දේශපාලන පක්ෂ කණ්ඩායම් කිසි එකකට බෑ කියලයි මගේ පිලිගැනීම.

ඒකට හේතුව රනිල් වයස්ගත දේශපාලකයෙක් වීම. හැමෝම තරග කරන්නෙ තරුණකමත් එක්ක.

දේශපාලනය විශේෂයෙන් ලංකාවෙදි වයසට යමින් කළ යුතු ක්‍රීඩාවක්. ඒකට හේතුව දේශපාලනයේ වැදගත්ම දේ ඉවසීම සහ කල්මැරීම හින්ද. ලංකාව වෙනස් කළා කියන අරගලය මතුවෙන්නෙ මීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්. බ්‍රොයිලර් දේශපාලන ක්‍රියාකාරීත්වයක් විදිහට. හැමෝටම ඕන ඉන්ස්ටන්ට් විසදුම්. රට ගොඩදාන දැක්ම හැමෝටම තරුණ වීම නිසාම ලැබිලා තිබුන.

ඒත් ඒ තරුණ දේශපාලනය පිට්ටනියෙ පැසුනු උන්ට ජෝක් එකක් වගේ වෙනවා. හරියට මැරතන් තරගෙකට මීටර් සීය දුවන එකෙක් ඇවිත්  වගේ.

රනිල්ව පරද්දන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ කීපදෙනයි. එක්කෙනෙක් මහින්ද. නැත්තං චන්ද්‍රිකා. අනුර තාම පුංචියි. සජිත්ට බෝඩ් වෙන්නවත් බෑ.

වයස්ගත වීමේ දේශපාලන වාසිය, හැකියාව තේරුම් ගන්නකල් දේශපාලනය කියල කිතිකැවීම් කරන ගොඩක් අයට වෙන්නෙ රනිල්ගෙ බෝර්ඩ් එකේ ඉත්තො වෙන්න.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates