රටම කතා කරන්නේ Fitch Solutions 2023 වාර්තාව ගැනයි. දවස් හතරක් මේ වාර්තාව මිලදී ගන්නට බැරුව, සොයාගන්නට ද බැරිව සිට ලියමි. මම කියවා නැත. ඔබ කියෙව්වා ද?



ජාත්‍යන්තරයේ ඉහළම පිළිගැනීමක් තිබෙන පර්යේෂණ ආයතනයක කණ්ඩායමක් මට 2022 නොවැම්බර් මුල් සතියේ දිනක හමුවිය.  

ඔවුන් කීවේ, 2023 මාර්තු වන විට ලංකාවේ මහා සගතයක් පැමිණෙන බවත්, උද්ධමනය නිසා ලෝකයේ මන්දපෝෂණ දර්ශකයේ ඉහළින්ම සිටින රටක් බවට ලංකාව බවය. උපන් දා සිට ගොවිතැන් කළ, අදත් ගොවිතැන ප්‍රධාන ආදායම කර ගත් මට, වසන්ත සමය පටන්ගන්න විට සාගතයක් ඇතිවීම සිතාගත නොහැකිය.  

මාස  හතකරට පසුව, අද ලංකාවේ වැඩිම ආහාර අස්වැන්න ලැබෙන මාර්තු මාසය පැමිණ ඇත. වී කිලෝව රු. 90 ට විකුණාගත නොහැකි, එළවළු කිලෝවකට රු. 40 ගොවියාට නොලැබෙන තැනක සාගතයක් ඇතිවිය හැකි ද?

 

a1 fitch rating

Fitch Ratings ආයතනයේ පර්යේෂණ ඒකකය වන Fitch Solutions මගින් Sri Lanka Country Risk Report වාර්තාව නිකුත් කර ඇති වාර්තාවකි.  ඒ වාර්තාව ගැන ‘ප්‍රවෘත්ති ලියන බොහෝ දෙන ඒ වාර්තාව කියවා නැත. (ඩොලර් 1,555 ක් නිසා මටත් මිලදී ගෙන කියවන්නට හැකියාව නැත)

ආතල්ම තැන මෙතනය. ෆිච් 2022 වාර්තාවෙන් කිව්වේ ලංකාවේ ආර්ථිකය හැකිලෙනවා යැයි පුර්වකථනය කළ (9.8%) ක ප්‍රමාණය, 2023 වාර්තාවෙන්  (9.2%) ලෙස සංශෝධනය කර ඇත. නමුත්, 2022 කිව්ව ඩොලරය 390 යන කතාව, ගෙඩිය පිටින් එලෙසම ඇත. ආර්ථිකයේ සංකෝචනය අඩුයි ලු. හැබැයි ඩොලරය 2022 කිව්ව ගානම වෙනවාලු.   (??)

එම ප්‍රවෘත්තියේ පදනම්

වාර්තාව ‘බ්ලූම්බර්ග් ආයතනය විසින් ෆිච් රේනටින්ග්ස් ආයතනයෙන් කමෙන්ට් එකක් ලෙස ලබාගත් ඊ - මෙල් පණිවුඩයකි.  

මේ ෆිච් 2023 වාර්තාව සකස් කර ඇත්තේ රුපියල ශක්තිමත්වීමට පෙර අවස්ථාවේ දත්ත මත පදනම් වෙමිනි. මේ වාර්තාව මිලදී ගෙන කියවන්නට ඩොලර් 1,555 ක් නොමැති අපි, බ්ලූම්බර්ග් ප්‍රවෘත්තිය අපි එකිනෙකා කැමති තැන අල්ලාගෙන උඩ දමමින්, විකෘති කරමින් ප්‍රවෘත්ති ලියමින්, තම තම කැමැත්තට ගැලපෙන කොටස් සමාජ මාධ්‍ය මගින් උපුටා දක්වමින් සිටිමු.

මිත්‍රවරුණි, මේක ආතල් වැඩකි.

මුළු රටම දේශපාලන කඳවුරු දෙකකට බෙදී රුපියල ශක්තිමත් බවත්, රුපියල ශක්තිමත් නොවන බවත් තර්ක කරමින් සිටී. හැබැයි, කිහිප දෙනෙකු හැර එය සිදු වන්නේ කෙසේදැයි කියා ඔවුන්ගේ විග්‍රහය ලියන්නේ නැත. අඩුම ගානේ මේ සතියට අදාළ දත්ත ඉලක්කම් හෝ කියන්නේ නැත. මේක ආතල් වැඩකි.

sajith blue print

ආර්ථික විද්‍යා මුලිකාංග ගැන අවබෝධයක් ඇති ජනයා පසුගිය සතියේ ආර්ථීක වර්ධනයන් ගැන සතුටට පත්ව සිටී. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ ‘බ්ලූ ප්‍රින්ට්‘ ආර්ථික වැඩපිළිවෙල මගේ දේශපාලන කියවීමට අනුව නම් අද ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්තියට සර්ව සමයි. (එසේ නොවේ නම්, වෙනස්කම් තුනක් ලියන්නට මම යෝජනවා කරමි.)  

ආණ්ඩුව හා ‘රාජ්‍යය‘ පටලවා ගෙන ඇති පිරිස ‘ආණ්ඩුව‘ සමඟ ඇති තරහට ‘රාජ්‍යය‘ පට්ටගසමින් සිටී. මිත්‍රවරුණි, ආණ්ඩුව සමඟ ඇති කෝපය, කේන්තිය ‘රාජ්‍යය‘ සමඟ පටලවා ගත යුතු ද?

තමන්ට නොගෙවන බද්දකට විරෝධය පළ කරමින් වැඩවර්ජනය කරන රාජ්‍ය සේවයක් ඇති ලොව එකම රට ලංකාව යි.  

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්වී ලෝක බැංකුව, ඉන්දියාව, චීනය, පැරිස් ක්ලබ් (සහ ජපානය) සමඟ මුල්‍ය එකඟතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇත. 1965 සිට අද දක්වා අවස්ථා 6 ක දී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතා කඩා බිඳ වැටී රටේ ආර්ථීක ගමන්මඟ අභ්‍යන්තර ගැටුම් නිසා අනතුරේ හෙලා ගෙන ඇත්තෙමු.

අප රටට අවශ්‍ය නැවත අනතුරේ වැටීමට ද? නැතිනම් ගොඩයන්නට ද? යන්න අප විසින්ම තීරණය කළ යුතුව ඇත. .



Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(කීර්ති තෙන්නකෝන් ගේ ෆේස්බුක් පිටුවෙන් ...)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්