සිංහලෙන් කියන්න ඕනේ ජාතික වැදගත්කමක් හා පිළිගැනුමක් ඇති උත්සවයක

ගොඩ නැගුණු සංස්කෘතික විනයක් තියෙනවා. ඒ නිසා ඒ උත්සව වල ඓතිහාසික වැදගත්කම රැකෙන ආකාරයේ වෙනස්කම්, අලුත් කිරීම් එකතු කර ගැනීමේ වගකීමක් සමාජයට පැවරෙනවා.  



අයාලේ යන ලිංගික ආශාවන් අවුරුදු ක්‍රීඩා වශයෙන් තරග වලට එකතු නොකළ යුත්තේ එනිසායි. මේවා ක්‍රීඩා නෙවෙයි. මේ දෙමළ සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතික වැදගත්කම නොදන්නා සහ තම ලිංගික ආශාවන් සමාජය හමුවේ මුදා හැරීමේ නොඉවසීම, ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයන්ය. ලිංගික ක්‍රියාකාරකම් අනියමින් ප්‍රසිද්ධියේ රඟ දැක්වීම්ය.



මේවයින් විනෝද වෙන, තෘප්තියක් ලබන තරුණ පරම්පරා හැදීමේ ප්‍රතිපලය තමයි බරපතල ලෙස ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් ලිංගික අතවරයට ලක් කිරීම හා ළමා හිංසන වැඩි වීම. පොලිස් වාර්තා අනුව 2021 පළමු මාස 09 ස්ත්‍රී දූෂණ හා බාලවයස් දැරිවියන් ලිංගික සේවනයට යොදා ගැනීම්, 1,500 ක් වාර්තා වී ඇත. ඉන් සියයට 86.6 ක්ම බාල වයස් දැරිවියන් දූෂණය කිරීම්ය.

මේ ශිෂ්ඨ සමාජයක් සඳහා අවශ්‍ය වෙනස්වීමක අහලකවත් නොතිබිය යුතු, අශිලාචාර  හැදියාවක් අවුරුදු ක්‍රීඩා වෙසින් ප්‍රසිද්ධියට දැමීමකි.


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්