කටුනායක තිබ්බ දුෂ්කර කාලගුණය යටතේ ඔය කියල ශ්‍රී ලංකන් ගුවන්යානේ මත්තලට ගෙනාපු එක නම් හොඳයි.
ලොකු අනතුරක් උනානම් එහෙම ලේලන්ඩ් එකේ ගියා කියල නෙවෙයි බනින්නේ. එහෙනම් අම්ම මෝ නැතුව ටිපර් කරන්නේ ලේලන්ඩ් එකක හරි පයින් යන්න හරි ජිවිතේ බේරලා දෙන්න තිබ්බ නේද කියල. දන්නවනේ අපේ අය.
අනික තමයි මත්තල හරි කොහේ හරි එයාබස් එකක් (Airbus) බාන්න පුළුවන් තවත් ගුවන් තොටුපළක් තිබ්බ එක හොඳයි වී ගබඩා කරන්නේ නැතුව. නැත්නම් ඔය යානේ චෙන්නායි යන්න ඕනි ආපහු හරවලා.
හැබැයි මත්තල ඉඳන් කටුනායක දක්වා දම් රැජිණ වර්ගයේ ලේලන්ඩ් (Ashok Leyland) වල ආව කියන ගුවන් මගීන් ගැන මගේ මෙව්වා එක.
මොකද මත්තලට ආව කියන්නේ එයාල තවදුරටත් ගමනාන්තයට ඇවිල්ල නැහැ. එයාලගේ අවසන් ගමනාන්තය කටුනායක. එයාල ගත්ත ටිකට් එකට සරිලන පහසුකම් ප්‍රමාණයක් ඉල්ලන්න එයාලට ගුවන් මගියෙක් හැටියට අයිතියක් තියනවා. සුවපහසු සීට් එකක්, ආරක්ෂාව, කෑම බීම තියනවා නම් ඒවා, හයි වේ ගියත් තවත් පැයක් විතර ගමනක් නිසා අදාළ විනෝදාංශ ඒ ටිකට් එක ඇතුලේ තියනවා. බිස්නස් ක්ලාස් නම් තවත් වෙනස්.
ඒ නිසා එහෙම අයිතියක් තියන මඟියෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරන්න ඒ ගුවන් සේවය බැඳිලා ඉන්නවා. ලෝකල්ස්ලා විතරක් නෙවෙයිනේ ඉන්න ඇත්තේ.
අනික් අතට තියෙන්නේ ලේලන්ඩ් කතාව. අපේ දිනපතා යථාර්තය ලේලන්ඩ් උනාට එයාලට ඒක එකපාරම ගන්න බැරුව ඇති. ලේලන්ඩ් කියපුවම අපි දන්නේ දම්රැජිණ වුණාට ලේලන්ඩ් කියන්නේ ලොකු ඉතිහාසයක් තියන සමාගමක්.
ලේලන්ඩ් කියන්නේ නිකම් ලොරි චැසිවලට බස් බොඩි ගහපු ''හාල් බස්'' කියල දැන් කාලෙක තිස්සේ මතයක් පැතිරෙනවා. ඒකෙත් යම් සත්‍යයක් තියනවා. මොකද කොළඹ ඉඳන් 99 බස් එකක බෙලිහුල්ඔය ගිහිල්ල බහිද්දී (ඒවා ඔක්කොම වගේ ලේලන්ඩ්) ඇඟ තලලා දැම්ම වගේ. සමහරු පෙරසිටමෝල් අරන්ම තමයි යන්නේ.
ඒ දම්රැජිණ පන්නයේ ලේලන්ඩ්. හැබැයි ලේලන්ඩ් කියන්නේ සුඛෝපභෝගී කාර්වල ඉඳල යුද්ධටැංකි දක්වා විශාල පරාසයක මෝටර් වාහන හදපු සමාගමක්. අදටත් ලෝකයේ සුවපහසු වාහන වගේම, දෘඪ පාවිච්චිය සඳහා වන වාහන වගේම, ආරක්ෂක වාහනත් එයාල නිපදවනවා.
උගේ හොඳ බඩු ගන්න අපිට සල්ලි නැති උණාට ලේලන්ඩ්කාරය පලි නෑ බ්‍රෝ. අපි හිඟා නොකා හිඟා කනකොට ඌ ලෝකෙවටේ ගේම ගහල ඉවරයි.
එකම දේ අපි දම්රැජිණට වඩා වැඩියමක් අපේ පොළොවට එකතු කරන්න දක්වන මැලිකම. නොහැකියාව.
මත්තල අවටින් (ඒ කියන්නේ පොඩ්ඩක් ඈත ඇඹිලිපිටිය, හම්බන්තොට පැත්තෙන්) හයි වේ යන සුඛෝපභෝගී ලේලන්ඩ් දෙකක් තුනක් හොයාගන්න එක නම් ලොකු දෙයක් වෙන්න බැහැ. අනික ඉතිං එයාපෝට් එකේ උණත් ලක්සිරි බස් එකක් දෙකක් තිබ්බට මොකද වෙන්නේ.
දම්රැජිණ ගෙන් ඔබ්බට යන්න අපි තව ජීවිතේ ගැන පොඩ්ඩක් අනුරාගික වෙමු.
මීට වඩා හොඳ හෙටක් වෙනුවෙන් වැඩකරමු.(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)