කටුගස්තොට ඇඳි විශාලම බිත්ති සිතුවම අඳිද්දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ නළලේ තිබූ තිලකය ඇඳ ප්‍රදර්ශනය කරද්දී මැකී ගියේ කෙසේද? මෙය මහනුවර ඉතිහාසය නොදත් මැටි මෝලුන්ගේ වැඩක් බවට සැක නැත. 

ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා නුවර වැව ද පත්තිරිප්පුවද තැනූ උඩරට ආක්‍රමණය කල ඉංග්‍රිසි භීෂකයාගෙන් මහනුවර නගරය අවස්ථා තුනකදී බේරා ගත් රණකාමීයෙකි. එතුමා තෙලිඟු නායක්කර් [ක්ෂත්‍රිය] වංශිකයෙකි. මහනුවර දෙපිටකාට්ටු රදලයන් රට පාවාදෙන්න සුදානම් වෙද්දී එය කීප වතාවක් වැලැක් වූ ජාතී හිතේශියෙකි. 

එතුමන් උපතින් හින්දු ය. නමුත් බුදු දහමට හා උඩරට රාජ්‍ය යේ නිදහසට ජීවිතය කැප කලේය. උඩරට රාජධානිය පාවාදී වසර 205 ගෙවෙන තැන රජතුමාගේ නළ්ලේ ඇඳි තිලකය මැකූ අමනයෝ කවරහුද?


----- පසු එකතු කිරීමකි ------

මහනුවර මිත්‍රයන් වාර්තා කරන අකාරයට එහි වෙසෙන කුලවාදී භික්ෂුන් ගේ උපදෙස් මතය මේ තිලකය මැකීම කර ඇත්තේ. මේ සියම් නිකායික භික්ෂුන් අදත් සෙසු කුලවලට මහණ උපසම්පදාව නොදෙන්නේ උඩරට Shiwicrama 2019.12.25රාජධානියේ රජකම් කල කීර්ති ශ්‍රි රාජසිංහ නායක්කර් වංශික රජතුමාගේ නියෝගයක් මතය. 

මල්වත්තේ හා අස්ගිරියේ වෙසෙන සිවුරු ධාරීන් ඉංදියාවේ බුද්ධකාලයේ පටන් පවතින බ්‍රාහ්මන - ක්ෂත්‍රිය ගැටුම අප සිංහල බුද්ධ ශාසනය මත පටවමින් සිටින්නේය. නමුත් ඓතිහාසික කටුක සත්‍ය නම් මේ රදල වෙසෙන් සිටින උඩරට ගොවි [පට්ටි]ය, තෙලිඟු නායක්කර් ක්ෂත්‍රියන් ට 18 වෙනි සියවසේ මැදදී රජකම දීමට සිදුවන්නේ ඔවුන් රාජ්‍යපාලනයට තරම් කුලවත් නොවූ නිසාය. 
 
 දැන් මේ කුලවත්කම රාජසිංහ රජවරුන්ගේ තිලක මැකීමෙන් කල නොහැකිය. හෙට අනිද්දා මේ අමන ගොන් රැල දඹුළු, ගඩලාදෙනි සිතුවම් වල සිටින කීර්ති ශ්‍රි රාජංහ රජතුමාගේ රුව මකා දමා උන්ගේ ඉතිහාසයක් ලියනු ඇත. 


සිගිරියේ ස්ත්‍රි සිතුවම්වල නිරුවත් පියයුරුමත තාර ගෑවේත් මේ අමනයන්ගේ නියෝජිතයෙක් බවට දැන්නම් සැකයක් නැත.

ලංකාවේ උසම සිතුවම කටුගස්තොටදී නිර්මාණය වුන හැටි..!

දැන්වීම් අලවා අපවිත්‍ර කර තිබූ තාප්ප, පැති බැමි ආදී ස්ථාන පවිත්‍ර කර ඒවායේ සිතුවම් නිර්මාණය කරන ආකාරය මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී ලැබෙනවා. 

ඒ අනුව මෙම සිතුවම් අතර දැනට උසින් වැඩිම සිතුවම පසුගියදා නිර්මාණය වූවා. ඒ කටුගස්තොට නගරයේදී.

මහවැලි ගඟ අසල නව පාලමේ ආරම්භක ස්ථානයේදී. මෙලෙස නිර්මාණය කෙරුණු සිතුවමේ උස අඩි 60ක් වන අතර එහි පළල අඩි 40 කින් යුක්ත වනවා.

(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

79883932 10157235268206773 550249211141029888 o

Rajasingha 2019.12.25

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්