(රංගන ශිල්පි ශාලික් රුක්ෂාන් සේනාධීර ගේ සටහනක්)

නමින් ශාලික් රුක්ෂාන් සේනාධීර වන මම වෘත්තීය රංගන ශිල්පියෙක්මි. කෙදිනක හෝ  ඔබ මා පුංචි තිරයෙන් දැක  ඇත.

මේ ටික ප්‍රකාශ කරනුයේ මා පොරක් බව කීමටවත් මා පිලිබඳ පුරාජේරු කීමටවත් නොව මට මා හඳුන්වා දියහැකි කෙටිම ක්‍රමය එය බවා මා හට හැඟෙනා නිසාවෙනි...

 



කතාව එය නොවේ...,

මීට දින කීපයකට ඉහත දී කලුතර ප්‍රදේශයේ සිදු වූ ඒ ඛේදනීය අවාසනාවන්ත සිදුවීම පිලිබඳ ඔබ සැම දැනුවත් බව මා දනිමි....

එම අවාසනාවන්ත සිදුවීමට පසු එම සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකුගේ ජායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබිනි..

එම සැකකරුගේ ජයාරූපය සහ මාගේ ජායාරූපයක් ගෙන එම සැකකරු මා බව පවසමින් යම් දේශපාලන කන්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා ව්‍යාජ අසත්‍ය පුවතක් ජනගත කරමින්,

"අරගලයේ රඟපාපු පාසල් සිසුවිය මරා දැමූ තිරිසනා"

යැයි ප්‍රකාශ කරමින් ඉතා පහත් අයුරින් අපහාස කරමින් කටයුතු  කර ඇත...

smpw

යම් හෙයකින් වරදවා වටහාගැනීමකින් හෝ දේශපාලන පලිගැනීමක අවශ්‍යතාව මත එම සිදුවීමට මා අත්තඩංගුවට ගත්තා නම් ඒ මා නොවන වග සනාත කිරීමට ප්‍රථම ලේ පිපාසිත පාලකයන්ගේ අවශ්‍යතාව ඉටුකරනු වස් ම්ලේච්ඡ ලෙස මාගෙන් පලි ගන්නා බව මා ඉන්තේරුවෙන්ම දන්නා කරුනකි...

එසේ නොවූයේ ඔබ නිසාය..

සහෘද කලාකරුවනි, ආදරනීය මිනිසුනි,        

ඔබලා ඒ සිටින්නෙ ශාලික රුක්ශාන් බවත්, සිදුවීමේ සැකකරු ලෙස දැමූ පිංතූරයේ සිටින්නෙ ශාලික නොවන බවත් පවසමින් දැමූ දහස් ගනනක් කමෙන්ටු සහ ලිපි මම දුටුවෙමි..

මා මෙය ලියන්නට සිතුවේම ඔබ සියලු දෙනාට ඇති ආදරය ඔබට ප්‍රකාශ කිරීමටය...

මිතුරනි,

මා වෙනුවෙන් ලියු හැම වචනයකටම ලියූ හැම අකුරකටම බොහොම පිං???, බොහොම  ස්තූතියි..???
හැම දෙනාටම මං ආදරෙයි ❤❤❤

හිතවතුනි . මා මෙයද කියා තැබිය යුතුය...

 

මාගේ සහෝදර ජේෂ්ඨ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සොයුරිය සමග ගත් ජායාරූප මා පල කර ඇත. එසේම තවත් නොයෙක් කලාකරුවන් සමග ගත් ජායාරූප පල කර ඇත... ඒ දේශපාලනික කාරනා නිසා නොව ඔවුන් මාගේ සහෘද  කලාකරුවන්  බැවිනි...

 

පවතින මඩ දේශපාලනක්‍ මඩ ගොහොරුවේ හිඳිනා මන්ද මානසික මිනිසුන් එම පිංතූරද රැගෙන මා එක් එක් දේශපාලන පක්ශවල ඉත්තෙක් යැයි පවසමින් මඩ ගැසීමට ඉඩ කඩ ඕනෑතරම් ඇත...

 

එබැවින්  මා මෙය පවසා තබමි..

මා අරගලයේ සාමාජිකයකු වූයේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමවේදයට එරෙහිව නැගී සිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියෙක් ලෙසය...
එය අදටත් හෙටටත් එසේමය...  

මා කිසිම දේශපාලන පක්ෂයක් හෝ කන්ඩායමක් වෙනුවෙන් පෙනී නොසිටිමි...

මාගේ පක්ශය සමස්ථ පුරවැසියන් ය...එබැවින් මා පෙනී සිටින්නේ පුරවැසියෙක් ලෙස මිනිසුන් වෙනුවෙන් පමණක්ම බව ආදරයෙන් කියා තබමි...


(ශාලික රුක්ෂාන් සේනාධීර)
Shalika Rukshan Senadheera  ගේ ෆේස්බුක් පිටුවෙන්


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්