බටහිර සංගීත ලෝකයේ කළු වෙළඹ නැතහොත් රොක් ගී රැජිණ / Queen of Rock music ලෙස හැඳින්වූ ටීනා ටර්නර් / Tina Turner සිය ජීවන රඟ මඩලෙන් සමුගන්නේ 83 වියැති ගිණි සිළුවක් ලෙසිනි.
1939 උපත ලත් ඈ කුඩා කල අවතැන් වීම තුලින් අත්විඳි කායික -මානසික පීඩනය ඇගේ රළු එහෙත් කැරිස්මටික ගායනා ශෛලය පසුපස ඇති උත්තේජනය ලෙසින් ඇය හඳුන්වන්නේ, වයස අවුරුදු 3 දී මවගෙන් දුරස්ව ඥාතින් සමග විසීමට ඇයට සිදුකළ බලකිරීම හා වයස 11 ක හිරිමල් යෞවනියක් ලෙස මව විසින් ඈ අත්හැරීම තුළ ඇගේ ජීවිතය ලත් පන්නරය නිසාය.
ඇගේ ගායන චාරිකාව තුළ, ගී තැටි මිලියන 100 ක් අලෙවි කල ජීවිතයට වඩා විශාල / Larger than life figure අය්කොනික ගායනා තරුවක් වූ ටීනා, ග්රෑමී සම්මාන 12 ක් සඳහා නාම යෝජනා වි ඉන් අවස්ථා 8 කදී ජයග්‍රහණය ලැබූ සුවිශේෂී ගායනා ශිල්පිනියක් වේ. එසේම රෝලිo ස්ටෝන් නැමැති ප්‍රකඨ සඟරාවේ කවරය සරසන්නට වරම් ලැබූ ලොව පළමු කළු ජාතික ශිල්පිනිය සේම ප්‍රථම කාන්තා ශිල්පිනිය වන්නේ ද ඇයයි.
යොවුන් වියේ දැඩි අගහිඟකම් ඔස්සේ තම ආත්ම ශක්තිය තුලින්ම ජීවිතය ඉදිරියට තල්ලු කරගෙන ගිය ටීනා, පළමුව ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් දිවි ගැටගසාගෙන, පසුව රාත්‍රී සමාජ ශාලා හී ගීත ගායනා කරමින් සිය හැකියාව උරගා බලන්නට වීය. ඒ අනුව ඇයට අවුරුදු 18 දී මුණගැහෙන සිය ජීවන සහකරුවාගේ සහාය ඇතිව, සිය උපන් නම වෙනුවට ටීනා ටර්නර් නැමැති ආදේශිත නම භාවිතා කරමින් සිය පළමු එකල ගායනය 1976 දී එළි දක්වන්නට ඈ සමත් වෙයි.
විශාල ස්වර පරාසයක් තුළ ගායනා කිරීමේ කෞශල්‍ය උපතින් හිමිකරගත් ඈ , සිය රළු හා ගැඹුරු හඬේ ඇති සුවිශේෂීත්වය / uniqueness නිසාම පමණක් නොව, ප්‍රසිද්ධ වේදිකාවේ ඇය නිරූපනය කල ඇයටම ආවේනික වූ රoග වින්‍යාසයත්, ශාරීරික භාෂාවත් / Body language සේම හැඟීම් නිරූපනයත් නිසා ඇය ලොව එදා මෙදා තුර සoගීත ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම ගායිකාවන් දස දෙනා අතර ස්ථානගත කරන්නට, සංගීත විචාරකයින් පෙළඹී තිබේ.
එසේම, ඇයටම ආවේනික කොණ්ඩා සහ ඇඳුම් විලාසිතාවක් අනුගමනය කල ඈ බොහෝ විට තම රූපලාවන්‍ය / Make up තමා විසින්ම ආලේප කරගැනීමේ පුරුද්දක් පවත්වාගන්නා ලද්දේ , තමාට වඩා කිසිවෙකු තමන්ට සුදුසු දේ තීරණය කිරීමට නොදත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.
පසුකාලීනව බෞද්ධ දර්ශනය වැළඳගෙන ජීවිතය වෙනත් ඇසකින් බලන්නට ඈ පුරුදු වූවත්, තමා ට දැඩිව ප්‍රේම කල ඈ, දැඩි ආත්ම කේන්ද්‍රීය චරිතයක් ලෙස ජීවත් වූ බව ප්‍රකඨ කාරණාවකි.
වරක් මාධ්‍යවේදියෙක් ඇගෙන් ප්‍රශ්න කරන්නේ, " ඔබ ලෝකේ ඉන්න බලවත්ම චරිතයක්. ඒ වගේම ධනවත්ම හා සරාගිකම ගැහැනියක්. ඔබට දෙවියන් ලබා දුන් මේ දේවල් පිලිබඳ ඔබ දෙවියන්ට ස්තූතිවන්ත වනවාද ? "
ඊට වහා පිළිතුරු බඳිමින් ඈ පවසන්නේ " මේ හැම දෙයක්ම මගේ හැකියාව, උත්සාහය හා ශක්තියෙන් මා උපයාගත් දේවල්. ඇත්තටම මගේ හැකියාවේ තරමට, මගේ උත්සාහයේ තරමට, මගේ ශක්තියේ තරමට මේ ලැබුන දේවල් පිලිබඳ මා සෑහීමට පත්වන්නේ නෑ. මීට වඩා දේවල් මා දිනිය යුතුයි / i deserve much more " යනුවෙනි.
එසේම තම ලිංගික ජීවිතය ගැනත්, පෞද්ගලික හුරු පුරුදුකම් ගැනත් මාධ්‍ය හමුවේ විවෘතව අදහස් පළ කල ඈ " මගේ නහය රෛනෝ ප්ලාස්ටික්, මගේ පියයුරු සිලිකන්, මගේ කකුල් දෙක ඇමරිකන්. ඒ වගේම මම
මම ස්විට්සර්ලන්තයේ ජිවත් වුනත් මගේ හදවතත් ඇමරිකන් " යනුවෙන් පවසන්නේ බොහෝ කළා ලෝකයේ කාන්තාවන්ගේ දෙබිඩි පිළිවෙත් වලට අභියෝග කරමිනි.
ඇයගේ අභාවයත් සමග ලොව පුරා මාධ්‍ය ජාලාවන් තුළ ඈ " Simply the best " ( නුඹ තමා සුපිරිම ) කියා හඳුන්වන්නේ, එය ඇගේ වඩාත් ජනප්‍රිය ගීතයක පද මාලාව වූ නිසාම නොවන බව මගේ විස්වාසයයි.(ඉසකී)
ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.