සිරකරුවෝද මනුෂ්‍යයෝ බව නිතර කී මාත්, ඒ වෙනුවෙන් හඬ නගන මිනිස්සුන් කීපදෙනා මෙන්ම මෙලෙස කියන ඔබත් දැන් NGOකරුවෙක්ද? ඔබට මතකද මා ඔබත් සමඟ දුරකථනයෙන් කතා කළ විට ඔබ බොහෝ

වෙලා වැලිකඩ සමූහ ඝාතන ගැන කී දේවල්? " යමකට නිලධාරීන් යැව්වම ඒ අය එතන ගිහින් කරන ඒවට මම වගකියන්න ඕනද කසුන්? එහෙම වරදක් කරපු අය ඉන්නව නම් නීතියෙන් දඬුවම් දෙන්න ඕන". ඔබ හිනා වෙවී එහෙම කතා කළා.. 

ජේ.ආර්ගෙ කාලයෙ කුට්ටුමනී ඝාතනය, චන්ද්‍රිකා කාලයෙ බිඳුණුවැව ඝාතනය, ඔබේ සහෝදරයගෙ කාලෙ වැලිකඩ ඝාතනය එක්කම ඔබේ සාකච්ඡාවත් ඇතුළත්ව යහපාලනය තවදුරටත් යුක්තිය පමා කරපු බොරු පොරොන්දුව ගැන අවුරුදු 7ක් පුරා ලියපුව එකතු කරල පොතක් ලිව්වම මට ඔබේ හිතෛෂින් NGOකාරයෙක් කියල ඇමතුව. 

ඔබගේ ජයග්‍රහණයට සහාය දක්වපු ශ්‍රීනිලප මහා ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස සූරීන් දුරකථනයෙන් කතා කරලම ඒ පොත ඔහුටත්, ඔහු සේවය කරන කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා නිර්දේශිත ශාස්ත්‍රීය කෘතියක් විදියටත් ගෙන්වා ගත්තා. ඒ පොත අදටත් පාවිච්චි කෙරෙනව. 

නිරායුද සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අදටත් නඩුව ඇහෙනව. ඒ නඩුව පටන් ගත්තෙත් 2012.11.10 වෙනිද. එම නඩුවට චූදිතයන් වුණු නිලධාරීන් දෙදෙනා එක්ක මට කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැතත් මාව ඝාතනය කරන්න ඕන කියල කීපතැනකම මීට අවුරුදු කීපයක ඉඳන් කිව්වට නඩු ගණනාවක්ම අධිකරණයෙ සහ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතෙ තියෙනව. 

Kasun textඒ විතරක්ද තව සමහරු කිව්වෙත් කියන්නෙත් ලියන්නෙ රට පනින්න කියල. ඒ වගේම කාලෙක ඉඳන් සිරකරුවන් වෙනුවෙන් හඬ නගන නන්දිමාල්, නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න වගේ මිනිස්සුන්ටත් එකපිට එක ජීවිත තර්ජන. මමත්, ඔවුනුත් කරපු එකම වරද ඔබ අද මේ කියන " සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියන වචනය. 

2012.11.18 වැනිදා රාවයෙ තුන්වෙනි පිටුවෙ " වැලිකඩ ඝාතනය - මරණ දඬුවම දීමේ අලුත් ක්‍රමයද" මැයෙන් ලියල අවුරුදු 7කුත් ගෙවෙනකම්, ඔබ ඇතුළු ජනාධිපතිවරුන් තුන්දෙනෙක් යටතේ ආණ්ඩු තුනක් තුළම අහගත්තෙ ඔය උඩ කිව්ව වචන ටික. 


welikada
ඒව ලියන්න හේතු දෙකයි තිබ්බෙ. එකක් මම ඉගෙන ගත්තු ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යාපනය. දෙක හෘදසාක්ෂිය. යුක්තිය මානව හිමිකම් කතා කරපු කලින් ආණ්ඩුවෙ සමහරුන් පස්සෙ දොරෙන් දැන් අලුත් ආණ්ඩුව ඇතුලෙ. ඒව නම් හැමදාමත් එහෙමයි. මේ රටේ කැත දේශපාලනය ඒක. 

කොහොම වෙතත් කලින් වගේ දැන් ආණ්ඩු එකපාරටම නොමරන, පැහැරගෙන නොයන බව තාවකාලිකව විශ්වාසයි, ඒත් චරිතය ඝාතනය කරල පැත්තකට කරන තියරිය රජ වෙන බව නම් ස්ථිරයි! 

ඉතිං ගරු ජනාධිපතිතුමනි, වෙල්කම්ටු ද NGO ක්ලබ් කියමින්ම, ඔබ අද සපථ කර ඇති පරිද්දෙන් "සිරකරුවෝද මනුෂ්‍යයෝය" නම් ඔවුන්ට සහනය මෙන්ම, ඝාතනය වූ සිරකරුවන්ට යුක්තියද, මෙතෙක් අධිකරණ පරීක්ෂණ අඩපණව කෙරෙන ඝාතනය වූ සහ පැහැරගෙන ගොස් අතුරුදන් කෙරුණු ජනමාධ්‍ය සගයින්ටද, ශ්‍රී ලාංකික පුරවැසියන්ටද යුක්තිය ඉටු කිරීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ඔබේ වගකීමය. අපරාධ විනිර්මුක්තියට ඉඩ නොතබනු!


ස්තුතියි!

Kasun Pussewela

(කසුන් පුස්සෙවෙලගේ FB පිටුවෙන් උපුටා ගැනිණ)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්