මැයි දිනයේදී "...කොට්ඨාශයට පහලින් තියෙන ඔබේ ගමට නීති හදාගැනීමට ඔබට බලය දෙනවා..

ඔබට බලය ලබාදෙන පාලන ක්‍රමයක් ඔබට හදල දෙනව, අපි ඒ සඳහා ඉහල තියෙන බලය පල්ලෙහාට දෙනව, පල්ලෙහාට බෙදනව, ඔබේ ගමට නීති හදාගැනීමේ ඔබට බලය දෙනවා, හැම එකටම නෙමෙයි, අපි ජාතික වශයෙන් දේවල් ටිකක් තියා ගන්න ඕන, ජාතික ඒකාග්‍රතාවයට. ...ඔබේ ගමට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් අපි ඔබට හදල දෙනව, ඒ කියන්නෙ බලය බෙදනව. ගමේදි නීතිය පසිඳලන්න ක්‍රමයක් අපි ඔබට දෙනව, ඒ කියන්නෙ යම් අධිකරණ බලයකුත් අපි ඔබට දෙනව. අද ඒව ඔක්කොම උඩ තියෙන්නෙ..... ".

ඔය ටික නෙමෙයි, ලාල් ඔය ටික කියන්නෙත් ඔයිට වඩා දීර්ඝ පැහැදිලි කිරීමක් ඇතුලෙ. මම නම් ඒකෙ කිසිම වරදක් දැක්කෙ නැහැ.

ලාල් කියන කතාවෙ "ජනතාවට 'යම්' අධිකරණ බලය දෙනවා" යන ලාල් කියූ කොටස සන්දර්භයෙන් පිටතට ගෙන සමාජයේ යම් ස්ථරයක් විසින් ජනතා විමුක්ති පෙරමුණේ අතීයටද ගැට ගසා විවේචන කිරීම, බිල්ලන් මැවීම ආදියේ සිට මඩ ගැසීම දක්වා පරිවර්තනය කරමින් පවතී. 

සමහරු අසූවේ අගභාගයේ ජවිපෙ විසින් හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපරය නමින් පවත්වාගෙන සංවිධානය මගින් ජවිපෙ තහනම් කර කැලෑවට යවා තිබූ අවදියේ කළ පුද්ගල ඝාතන, පවත්වාගෙන ගිය කැංගරු උසාවි පන්නයේ ඒ අයගේ ඉතිහාසයද මතක් කරමින් සිටී. 

ඊයේ දෙරණ 360 වැඩසටහනේ දී අනුරගෙන් ඇසූ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේද "ගමට කොහොමද අධිකරණ බලයක් දෙන්නෙ" යන ලාල්ගේ උක්ත කතාවේ කොටසකි. 

 



ඇත්තටම ලාල් ප්‍රශ්න අසන්නා කී ආකාරයේ දෙයක් කීවේද නැත. 

“යම්”යන වචනය ඒකෙන් හලල තමා ප්‍රශ්නය අහන්නෙ. 

අනුර පැහැදිලි කරමින් කීවේ, "ලාල් සහෝදරය අදහස් කළේ ඕක නෙමෙයි." ටිකක් පැහැදිලි කරමින් අනුර කිව්වෙ, බලය බෙදීම කියන්නෙ පුරවැසියා තව තවත් ශක්තිමත් කිරීම කියන එක, පුරවැසියා තව තව බලගන්න ඕන. ඔහොම කියාගෙන ගිහින් සමථ මණ්ඩලය පිළිබඳ අදහස ගැන කියල පැහැදිලි කරනව. එතකොට ප්‍රශ්න අසන්නා කියනව එතන තියෙන්නෙ සමථකරණයක් නෙ, අධිකරණ බලයක් නෙමෙයිනෙ කියල.

 

ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අද !නමුත් ජනතාවට අධිකරණ බලයක් දෙනව කියල ලාල් කිව්වෙ
"ඔව් ඔව්, ඒත් ලාල් සහෝදරය ඒ වචනෙන් අදහස් කළේ ඒක නෙමෙයි, ජනතාවට අධිකරණ බලයක් දෙන්න බැහැනෙ. ඒත් ඒ සභා තවත් ශක්තිමත් කරල.... අපි ඉන්දියාවෙ පංචායත් ක්‍රමයත් අධ්‍යයනය කරනව, ..ලංකාවෙ උසාවිවල නඩු ගොඩගැහිල...." කියල. නමුත් ජනතාවට අධිකරණ බලයක් දෙනව කියල ලාල් කිව්වෙ, වචනෙ වැරදියිනෙ කියල ප්‍රශ්න අසන්නා ස්ට්‍රෙස්කරල කියල පොඩ්ඩක් අනනව ඇත්තටම. 

සාකච්ඡාව ඉවරකරන හරියෙත් ප්‍රශ්න අසන්නා අනුරගෙ එක අදහසයි, ලාල්ගෙ තව අදහසයි වගේ එකක් පෙන්නන්න හදනව. ඒක වැරදියි. ඒත් අනුරට කෙලින්ම කියන්න තිබ්බ, එහෙම එකක් නැහැ, ලාල් කිව්ව එක හරි, අපි මහේස්ත්‍රාත් අධිකරණවලට පහල තව අධිකරණ හදනව කියල. ඇත්තටම දැනටත් තියෙන්නෙ කම්කරු උසාවි. ග්‍රමීය උසාවි වර්ගයක් තියෙනව - ඉතිං ඊටත් පහළට ඕන නම් උසාවි ක්‍රමය ගේන්න පුළුවන්. 

ඉතිං ලාල් කියන්නෙ "ජනතාවට යම් යම් ප්‍රශ්ණ විසඳන්න ඒ බලය දෙන්නෙ කියල. අළුත් ක්‍රම ලෝකෙ කොච්චර තියෙනවද. ලංකාවෙත් ඉස්සර ඔය වතුර ප්‍රශ්ණ වගේ ඒව විසඳුවෙ කොහොමද? ඒත් වැඩසටහන මෙහෙයවන්නා කියන්නෙම මහේස්ත්‍රාත් අධිකරණ ගැන. ඊට පහළ ඒව ගැන දන්නෙම නැහැ වගේ. ඔය වැඩසටහන් මෙහයවන අය අතර මම දැනට දැකල තියෙන හොඳම කෙනා තමා ඊයෙ 360 කළේ. ඒත් මෙතනදි ලාල් කියපු එක ටුවිස්ට් කරල, එහෙම නැතං ස්පින් කරල වෙන මතයක් ස්ථාපිත කරන්න හදනව. ඒක කැතයි.

 

විශේෂාංග - Results from #660මම විජේවීරවාදයේ මේවා ගැන කුමක් තිබෙන්න ඇත්දැයි කියා නැවත පරීක්‍ෂා කළෙමි
ඔය "ජාතික ජන බලවේගය ආවොත් ජේවීපීකාරයින්ට අධිකරණ බලය දීල ගමේ නඩු අහල දඬුවම් දෙනවා," කියමින් එහි විරුද්ධවාදීන් කරගෙන යන වැඩ නිසා, මම විජේවීරවාදයේ මේවා ගැන කුමක් තිබෙන්න ඇත්දැයි කියා නැවත පරීක්‍ෂා කළෙමි. අපි ජේවීපිය එක්ක ඇරගන්නා කාලයේදි මට මේව කට පාඩම් 

විජේවීර ඇතුලු පිරිස හිර ගෙදර සිටියදී සංවර්ධනය කරමින් සිට හිරෙන් නිදහස ලබා එලියට ආ පසු 1978දී ප්‍රකාශයට පත්කල ජවිපෙ නව ප්‍රතිපත්ති ප්‍රකාශය, එනම්, "ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශණයේ" පිටපතක් මා සතුව තාමත් සුරැකිව තිබේ. එහි THE STRUCTURE OF THE STATE - "රාජ්‍ය ව්‍යුහය" නැමති කොටසේ අංක 18 යටතේ මෙසේ සඳහන් වේ;

i. A People’s Judiciary will be established. 
ජනතා අධිකරණ ක්‍රමයක් ඇතිකරනු ලැබේ.

ii. Accordingly, rural, urban, district and provincial People's Courts and a People's Supreme Court will be established.
මේ අනුව ගම් බද, නගරබද, ප්‍රදේශබද හා දිසාබද ජනතා අධිකරණද, උත්තරීතර ජනතා අධිකරණයක්ද පිහිටුවනු ලැබේ.

iii. The present capitalist judicial system and Court procedure, which is a heritage of the imperialist colonial era, will be completely changed.
අධිරාජ්‍ය යටත්විජිත යුගයෙන් උරුමවී ඇති වත්මන් ධනේශ්වර අධිකරණ ක්‍රියාපටිපාටියත් මුළුමනින්ම වෙනස් කරනු ලැබේ.

iv. The state shall not intervene in judicial matters. 
රාජ්‍ය අධිකරණ කෘත්‍යයනට මැදිහත්වීමෙන් වලකිනු ඇත.

v. The death penalty shall be abolished.
මරණීය දණ්ඩනය අහෝසි කරුනු ඇත. 

මේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ, 1, 2, 3 යන ප්‍රතිපත්ති වලින් විජේවීරලා කුමක් අදහස් කළා දැයි මට තවමත් තේරුම්ගත නොහැක. ඒවායින් කුමක් අදහස් කලත් 4වන ප්‍රතිපත්තියෙන් කියන්නේ, "රාජ්‍ය අධිකරණ කෘත්‍යයනට මැදිහත්වීමෙන් වලකිනු ඇත." කියාය. එමෙන්ම, 5වන ප්‍රතිපත්තියෙන් කියන්නේ "මරණීය දණ්ඩනය අහෝසි කරුනු ඇත." කියාය. 

මේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ, 25 කොටසේ මෙසේ කියයි; 

i. Full civil liberties shall be guaranteed to all persons.
පූර්ණ සිවිල් නිදහස සහතික කරනු ඇත.

ii. The sanctity of home of every individual shall be guaranteed.
පුද්ගලයාගේ පදිංචිය නොකෙලසනු ඇත.

iii. There shall be no detention without trial.
විනිශ්චයෙන් තොරව රඳවා තබා නොගනු ඇත.

iv. Freedom of conscience, religious belief, religious practice, speech, publication, assembly, work, organization, movement and employment shall be guaranteed.
හෘද සක්‍ෂියේ, ආගමික විශ්වාසයේ, ඇදහීමේ, කථාකිරීමේ, ප්‍රකාශණයේ, රැස්වීමේ, වැඩ කිරීමේ, සංවිධානය වීමේ, සංචරණයේ හා රැකියාවේ නිදහස සහතික කරනු ඇත.

v. The United Nations Charter on Human Rights will be observed.
මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන් පිළිගත් ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කරනු ලැබේ.

විජේවීරවාදයත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගත්තා නම්, අද එහි ඉන්නා ඊට වඩා දියුණු නායකයින් විජේවීරවාදයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉවත් වී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක ගමන් ගන්නා බව පැහැදිලිව පෙනෙත්දීත් එයට එරෙහිව බිල්ලන් මැවීම තවදුරටත් ඵලදායක දෙයක් නොවනු ඇත. ගහන්න ඕන නම් වෙන ප්‍රශ්ණ හොයා ගන්න බලන එක තමා හොඳ.

[සැ.යු. ඒ විජේවීරගෙ ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශණයෙ අදට නෙමෙයි එදාටවත් ගැල පෙන්නෙ නැති බහුබූතත් තියෙනව. මම මෙතන උපුටා දැක්වූයෙ මේ ප්‍රශ්ණෙට අදාල ඒව]

@ Uvindu Kurukulasuriya

චන්ද්‍රිකාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 'බකල් කළ' මහින්ද ගෙන් සුපිරි කතාවක් !  (වීඩියෝ)(උවිඳු කුරුකුලසුරිය)
කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

[උපුටා ගැනීම - Uvindu Kurukulasuriya ෆේස්බුක් පිටුවෙන් )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්