කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ සතුටෙන් මුලු රටම එකවර යළි පිබිදුනේය. 


ජනාධිපති රනිල් වික්‍රමසිංහද චමරීට දුරකතන ඇමතුමක් දෙමින් සුබපැතුම් එක් කළා. 

මේ අතර සමාජ විචාරක චින්තන ධර්මදාස විසින් ෆේස්බුක් එකේ දමා තිබූ පෝස්ටුවක් ගින්දර වගේ ඇවිලෙන්න ගත්තා.

චමරි සහ හිමායා එක්ව සිටින ඡායාරූපයක් සමග චින්තන ධර්මදාස කියන්නෙ මේ වගේ කතාවක්.

''රටකට කොයිතරම් අභිමානයක් ගෙනාවත් ඒ ධෛර්‍යය ශක්තිය ලබාදුන්  ආදරේවත් පිලිගන්න මේ රට ලෑස්තිද? තාම ඇය ඉන්නෙ නීති විරෝධී ප්‍රේමයක. සමරිසි නිදහස පිලිබඳ පණත තාමත් සම්මත නෑ. (කැප්ෂන් එක සහ පිංතූරය අතර සම්බන්ධතාවක් නොමැත)''

මේ කතාව සහ පිංතූරය ගැලපෙන්නෙ කොහොමද කියල නොදන්නවා වුනත් ලංකාවෙ සමරිසි ප්‍රේමය අපරාධයක් නොවේ යැයි සම්මත කරන්නට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පණත තවමත් එතනමයි. සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතිය දීමෙන් අපේ රටේ සංස්කෘතිය විනාශ වෙනවා යැයි කියන පසුගාමී, ආගමික අන්තවාදයක ගිලුනු රටක අපි 2024ත් ජීවත් වෙනවා කියන්නෙ ලැජ්ජාවක් නෙමෙයිද? සිංහයෙකු සමග ගැහැණියක් රමණය කිරීමෙන් නිර්මාණය වුනා යැයි කියන ජාතියක සංස්කෘතිය සමරිසිභාවයෙන් වැනසෙන්නෙ එලෙස? කෙලෙස?

(උපුටා ගැනීම අන්තර් ජාලයෙන්)

 

worky sin

නවතම පුවත්