ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගායන ශිල්පියකු මෙන්ම ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉරාජ් වීරරත්න හා ගායන ශිල්පිනියක වන ටෙහානි ඉමාරා තරුණ සේවා සභාවේ

අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ මත හා අදහස් සංසරණය වෙමින් පවතී.

ඒ අතරින් 'සිරස' සුපර් ස්ටාර් හරහා ජනප්‍රියත්වයට පත් ටෙහානි ඉමාරා පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබේ.  සිරස TV ඔස්සේ කරලියට පැමිණෙන ඇය සිරස සුපර් ස්ටාර්  7 වන අදියරේ නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.

ටෙහානි 'වියත්මග' සාමාජිකාවක් ද ?

tehani12“තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වියත්මග සාමාජිකා ටෙහානි ඉමාරා ගායන කෝකිලාවියට උණුසුම් සුභ පැතුම්” තේමාවෙන් Address නෑ නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් එක්දාස් හත්සීයකට අධික සංඛ්‍යාවක් අතර ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන තිබිණි. 

මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර සියල්ලම පාහේ උපහාසාත්මක කෝණයකින් වූ බැවින් එම සටහන පිළිබඳව Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) කරුණු විමර්ශනය කර සටහනක් ද පළකර තිබිණ. 

'Address නෑ' ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ කරුණු තහවුරු කර ගැනීම පිණිස 'වියත්මග' සංවිධානය වෙත මෙම සටහන යොමු කල බවත්, එහිදී  ටෙහානි ඉමාරා කිසිඳු අවස්ථාවක වියත්මග සංවිධානයේ සාමාජිකාවක් නොවූ බව ඔවුන් විසින් තහවුරු කරන ලද බවත් Fact Check වාර්තා කර ඇත.

ටෙහානි ඉමාරගේ පත්වීම පිළිබඳව මෙවැනි උපහාසාත්මක සටහන් බොහොමයක් ෆේස්බුක් ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. 

නාමල් දාපු ගෑල්ලමය අඩි ගහනව කියල හෝගාල පෝස්ට්ස්:

ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පලවී ඇති එවැනි සටහන් සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

''ඒ පාර අර තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂකමකට නාමල් දාපු ගෑල්ලමය අඩි ගහනව කියල හෝගාල පෝස්ට්ස් දානව කට්ටිය. මේව දාන්නෙ පොහොට්ටු කඳවුරේ අය නෙමෙයි. කන බොන රමණයේ යෙදෙන සමාජයක් වෙනුවෙන් ඉන්න අය. හරිම කණගාටුයි ඒ ගැන. 

කාන්තාවන්ට tavern එකකට ගිහින් මත්පැන් මිලදී ගන්න පුලුවන් විදියට ඒ පරණ නීති සංශෝධනය වෙන්න ඕනෙ. ඔය හම්පඩ ජාතික චින්තන මතවාද නැති කරන්න නම්, මේවගේ අයව ඒ ඒ තනතුරු වලට පත්කරන්න ඕනෙ කියල නාමල් බේබි හිතන්න ඇත. ඒව ඉදිරි පියවර.

117592794 3840520445965149 6493727483713458768 n'' රාජපක්‍ෂලා බලයට පත්කරන්න කඩේ ගියපු ජාතිකවාදීන් හිතන් ඉන්නෙ ගැහැණු ලමයින්ට ළමා සාරි අඳන්ල, ගැහැණුන්ට බුරිය වැහෙන්න සාරි අන්දල තියන්න ඕනෙ කියල.''


 රාජපක්‍ෂලා බලයට පත්කරන්න කඩේ ගියපු ජාතිකවාදීන් හිතන් ඉන්නෙ ගැහැණු ලමයින්ට ළමා සාරි අඳන්ල, ගැහැණුන්ට බුරිය වැහෙන්න සාරි අන්දල තියන්න ඕනෙ කියල.14054858 316732252009262 1986009838 n 480x445

බොන ගැහැණු සංකරද මොනාද කියන ජාතියක් කියල. ඒක අමුතු තලේබාන් සීන් එකක්. 

නාමල්ල ඒ සෙට් එක බලයට එන්න පාවිච්චි කරාට සත පහකට ගනන් ගන්නෙ නැහැ කියන මේකෙන් පේන්නෙ නැද්ද?''

(උපුටා ගැනීම අවසන්)

‘අදාළ නෑ හිටං’ ක්‍රිකට් මැච් එකට ගෙනිහින් ! 



මෙසේ මේදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව ඇති ටෙහානි ඉමාරා පළමුවරට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වුයේ, ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර 2016 වසරේ අගෝස්තු මාසයේ දී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති එක්දින තරඟයක දී  ”අදාළ නෑ හිටං ” යනුවෙන් ලියු බෝඩ් එකක් ප්‍රදර්ශනය කරමින් එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව හැල්ලුවට ලක්කිරීමත් සමගය. 

එම සිද්ධිය දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ කතා බහට හා දැඩි විවේචනයට ලක්විය. 

118002524 310428383619198 652901297764274973 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්