බැසිල් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානී තනතුරට පත්කරපු ගමන් ප්‍රශ්ණයක් ආව

එයා කොහොමද පොහොට්ටුවේ ජාතික සංවිධායක කම තියාගෙන මේක කරන්නෙ කියල. ඒක ඡන්දෙට බලපෑම් කිරීමක්. ඒකෙන් තමයි අර 5000යි, සහන මලුයි කොවිඩ්-ඡන්ද කාලෙ බෙදුවෙ. එතකොට කිව්ව එයා පොහොට්ටු තනතුරෙන් ඉල්ලා අස්වුනා කියල.

ඊට පස්සෙ ඡන්ද රැස්වීම්වල කතා කරනකොට මම ප්‍රශ්ණයක් මතුකරා මෙයා කොහොමද ඒ තනතුර දරණ ගමන් දේශපාලන රැස්වීම්වල කතා කරන්නෙ කියල. එතකොට, හැම එකටම උත්තර දෙන පුවත්පත් මණ්ඩලයේ සභාපති පතිරණ පැනපු ගමන් කියපි බැසිල් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානී කමෙන් ඉල්ලා අස්වෙලා දේශපාලනය කරන්නෙ කියල.

මේ ඊයෙ ජනාධිපති එක්ක කරපු සාකච්ඡාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරල තිබ්බ විදිය: "........ඉහළ තාක්‍ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ, ගොවීන්ට බෙදාදී ඉලක්කකය ජය ගැනීමටත්, වෙනත් ආදේශක අල වර්ග පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. ලබන වසරේදී බඩඉරිඟු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්වය අත්කර ගැනීමට හැකියාව ඇතැයිද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය....." (ජනාධිපතිගෙ ෆේස්බුක් පිටුවෙත් එහෙමමයි වාර්තාකරල තියෙන්නෙ)

දැන් ආයෙත් එතකොට ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්‍ය සාධක බලකායේ ප්‍රධානී!

ගන්නව, ඉල්ලා අස්වෙනව, ආයෙ ගන්නව!

*ෆොටෝ එක ඊයෙම තිබ්බ තවත් වැඩ සටහනක් වන "සමෘද්ධිය දුගී ජනතාව බලගැන්වෙන වැඩසටහනේ" එකක්, රජයේ පින්තූරයක්.

Basil Mahinda

(උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

සබැඳි පුවත් :

සියලු සංවර්ධන කටයුතු බැසිල් යටතට : අරලියගහ මැදුරෙන් මුදල් අමාත්‍යංශයට යයි 

බැසිල්ට හා කමල්ට යටත්කළ අලුත් ඇමති මණ්ඩලය 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්