කොරෝනා වසංගතය සමයේ වසා දමා තිබුණු බ්‍රිතාන්‍යයේ බොහෝ පාසල් මේ සතියේ යළි ආරම්භ කෙරිණ.
ඇතැම් දරුවන් පාසල් ගියේ මාස ගණනාවකට පසුවය.
මාර්තු මාසය අගදී පාසල් වසා දැමීමෙන් පසු සම්පූර්ණයෙන් විවෘත කෙරුණේ මේ සතියේය.
ජුනි 01 වෙනි දින ප්‍රාථමික පාසල්වල හයේ වසරේ සහ පළමු පන්තියේ දරුවන්ට පාසල් ආරම්භ කෙරුණ ද එම පන්තිවල ඉගැන්වීම කෙරුණේ පන්තිවල දරුවන් කණ්ඩායම්වලට බෙදා සතියකට දින දෙකක් හෝ තුනක් පමණි.
ඒ දරුවන්ට එකිනෙකා සමඟ සෙල්ලම් කිරීමට පවා සිදුවූයේ එකිනෙකා අතර මීටර් දෙකේ පරතරය (social distancing) රැක ගනිමිනි.
ජාතික සෞඛ්‍ය සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නිරත දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් ඇතැම් පාසල්වල සීමිත පන්ති ප්‍රමාණයක් පමණක් දිගටම පැවැත්විණ.
ඔවුන් වෙනුවෙන් සීමිත පොදු ප්‍රවාහන සේවාවන් ද ක්‍රියාත්මක විය.
මාර්තු මාසයේ අග සියලු පාසල් වසා දැමීමට දින කිහිපයකට පෙරම පුතා ආසාවෙන් ‘self isolate’ වූවා මට මතකය -:)
එවක් පටන් මේ සතියේ පාසල් යළි විවෘත කෙරෙන තුරුම පුතා කියමින් සිටියේ යළිත් වරක් ‘self isolate’ වන බවය.
හරියටම මාස පහමාරකට පසුව පුතණ්ඩියා නම් පාසල් ගියේ එතරම් කැමැත්තකින් නොවේ.
එහෙත් බොහෝ දරුවෝ පාසල් යළි ආරම්භ වන තුරු මඟ බලා සිටියහ.
ජුනි මාසයේ මෙන් නොව මෙවර සියලුම දරුවන්ට එකවර පාසල් විවෘත කෙරුණි.
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිණිස සෑම පාසලකම විශේෂ සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙල යොදා තිබුණි.
පාසල් යළි විවෘත කෙරුණේ රටේ කොරෝනාවෛරස ආසාදිතයන්ගේ ප්‍රමාණය යළිත් ශීඝ්‍රයෙන් වැඩිවෙමින් තිබියදීය.
දරුවන් අතර රෝගය පැතිරෙන බවට සාක්ෂි නැතත්, පාචනය, බඩේ රුදාව, සහ වමනය දැමීම වැනි රෝග ලක්ෂණ දරුවන් ට වැළඳෙන කෝවිඩ්19 රෝගය විය හැකි බවට පර්යේෂකයන් ඒ අතර අනතුරු අඟවා තිබුණි.
දරුවන් පාසලට ඇරලීමේ දී සහ යළි භාරගැනීමේ දී (social distancing) රැක ගැනීමට පාසල් බලධාරීහු උපරිම උත්සහ දරා තිබුණි.
ඇතුළුවීමට සහ පිටවීමට වෙනම දොරටු වූ අතර, පන්තිවලට ඇතුළුවන තැනම එක් ගුරුවරයෙක්/වරියක් දරුවන්ට සබන් මිශ්‍රණය බෙදා දුන් අතර, අත් සෝදා ගැනීම පිණිස වතුර බූලි රැගෙන ගුරුවරු එළියේ රැඳි සිටියහ.
දරුවන්ට කැමති නම් අත් පිසදා ගැනීම පිණිස කුඩා තුවායක් රැගෙන යා හැකිය.
වතුරෙන් අත් සේදීමට අකමැති දරුවන්ට තමන්ගේ hand sanitizer රැගෙන යා හැකිය.
විවේක කාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කිරීමට අවසර නොතිබිණ.
දරුවන්ට හැසිරිය හැක්කේ තමන්ගේ වයස් ඛාණ්ඩයේ දරුවන් සමඟ පමණය.
Children with a new classroom lay-out at a school in Southwark, south London
පුතාගේ පාසලේ සෑම වසරකම පන්ති හතරක දරුවන් 120 ක් සිටින අතර, විවේක කාලයේ දරුවන්ට හැසිරිය හැක්කේ ඒ 120 දෙනා සමඟ පමණය. එය හැඳින්වෙන්නේ ‘bubble’ එකක් ලෙසිනි.
කෙසේ වුවත් පන්ති කාමරයේ දී දරුවන් අතර විශේෂ දුරස්ථ බවක් නොවීය.
වසංගත සමයක දරුවන් පාසල් යැවීමට සිදුවීම ගැන බොහෝ දෙමාපියන් කිසියම් චකිතයක් දක්වන නමුත්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ද දෙමාපියන්ගේ සතුටට හේතුවක් නොවේ.
එමෙන්ම දරුවන්ට සිය මිතුරු මිතුරියන් හමුවීමට අවස්තාව නොලැබීම සහ ඇතැම් දරුවන්ට නිවසේ සිට අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් නොතිබීම ද දෙමාපියන්ට ප්‍රබල ගැටලුවක්ව තිබිණ.
(BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ FB පිටුවෙන්)