උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ පළකර තිබුනේ මෙවැනි පොස්ටුවකි.
අනේ ස' ගරු සීතා ඇමතිතුමියට හිමි ටෝච් එකයි, කුඩෙයි, iPadඑකයි, iPhoneඑකයි, VIPලයිට් එකයි ලබාදෙන්න. පෑඩ්ස් ටිකත් ඒ ගමන්ම එවන්න.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන Geethika Dharmasinghe සිය FB පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.
''උවිඳු කුරුකුලසූරිය, අරඹේපොළ අමාත්‍යවරියට පෑඩ්ස් ලබා දෙන්න යැයි කීම ගැන මට ඇත්තේ විරෝධයකි. මට මෙතෙක් හමු වූ පිරිමින් අතර ස්ත්රීන්ගේ ලිංගිකත්වය අදාලව ඇති සමාජ අගතීන් මතු නොකොට ඔවුනගේ දේශපාලනයට විරෝධය පෑමට හැකි පිරිමි හමු වී ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙනි.
උවිඳුගේ මේ "අපහාසය" පිළිබඳ මවෙතින් ප්‍රශ්න කරන පිරිස් වෙත මටද ප්‍රශ්නයක් ඇත. ඒත් ඒ අය මග හරින.
ඒ තමයි උවිඳුගේ අවුල ප්‍රශ්න කරන අය ඒක ප්‍රශ්න කරන්නේ මොන පදනමක ඉඳන්ද කියන එක.
කව්රුහරි පිරිමියෙක් ස්ත්‍රියකට පෑඩ්ස් දෙන්න කියද්දී ඒ කියන දේ අප්සෙට් කියලා හිතෙන්නේ මොන පදනමින්ද කියන එක. මගේ අදහස ඒ විහිළුවත් එහෙම නැතිනම් ඒ අපහාසයත් ඒ අපහාසය පිළිබඳ ප්‍රශ්න කිරීමේත් පදනම එකයි යන්න.
එය ස්ත්‍රියගේ ශරීරය වටා ගොඩනැගිලා තියෙන අගතිගාමී අදහස් පද්ධතියකින් එන්නේ කියන එක.
මේ “අපහාසයේ දිග පළල” සමාජයේ ඇති ආකාරයට නිදසුනකි මේ:
ඡන්දේ කාලේ ඡන්දය දාන්නේ කාටද කියන එක කතා කර කර ඉද්දි මට එක ස්ත්‍රියක් “සජිතයට චන්දෙ දෙන්න පුළුවන්ද... ඌ දෙන්නම් කියන්නේ මොනවාද දන්නවද, ඌ පෑඩ්ස් දෙනවා කියනවා” කියලා හයියෙන් හිනා උනා. ඇත්තටම ඒක දිග හිනාවක්.
එයා මාසේ ඔසප් උනාම රුපියල් 230ක් වියදම් කරන්න බැරිව මුළු ඇඟ පුරාම ලේ නොතැරවෙන්න විශාල වෙහෙසක් වෙන ස්ත්‍රියක්.
ස්ත්රීන්ගේ පෑඩ්ස් ප්රශ්නය ඉතාම අතවශ්‍ය ප්‍රශ්නයක්. කුඩේ, ෆෝන් එකට වඩා වැදගත් අතවශ්‍ය භාණ්ඩයක්.
ස්ත්රීන්ගේ පෑඩ්ස් ප්රශ්නය ඉතාම අත්‍යවශය ප්‍රශ්නයක්
මම කැමතියි අරඹේපොළ අමාත්‍යතුමිය විතරක් නෙමෙයි මේ ප්‍රශ්න කරන සියලු දෙනා එකතු වෙලා පෑඩ්ස් ඉල්ලනවනම්.
හැබැයි ඒවා ඉල්ලන්න ගියාම ලංකාවෙන් බහුතරය හිනා වෙනවා.
පාසල් පද්ධතියට, රජයේ ආයතනවලට, විශ්වවිද්‍යාලවලට, සබන්, පෑන්, කොල දෙනවා වගේ පෑඩ්ස් දෙන්න ඕනේ.
ඔහොම ප්‍රශ්න කරන අය එහෙම ඉල්ලීමක් කලාම එම ඉල්ලීමට සහාය දෙනවද?
මේ අපහාසය ගැන පෝස්ට් එක පිළිබඳ එක පාරට පෝස්ට් පහක් හයක් ලියන පිරිස් එක පෝස්ට් එකක් ලියනවද එම ඉල්ලීමට සහාය පල කරලා?
මොකද්ද මේ ප්‍රශ්න කරන්නේ?
කාවද මේ එකතුවෙලා මේ අය ප්‍රශ්න කරනවා ඇත්තේ?''
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන හිමාෂි කරුණාරත්න සිය FB පිටුවේ මෙසේ සඳහන් කර ඇත.
ප්‍රශ්න කරනවානම් ප්‍රශ්න කල යුත්තේ, උපහාසයට ලක් කරනවානම් ලක්කර යුත්තේ සීතාගේ දේශපාලනය මිසක, ස්ත්‍රියක් වීම නිසා ඇයට මාස් පතා අත්විඳින්නට සිදුවන ආර්තව තත්ත්ව නෙමෙයි. කිසිම ගෑනියෙක් ආසාවට ආතල් එකට ෆෑඩ් අඳින්නේ නෑ.
මහා දේශපාලනිකයි දාර්ශනිකයි කියන බහුතරයකගේ ඇතුලාන්තයම හිස් බව සීතාගේ ලියුමෙන් යලිත් පැහැදිලි වුනා.
ඒකම කොච්චර දෙයක්ද..?
උවිඳුගේ ප්‍රතිචාරය මෙන්න
''මම මේක අද කියන්නෙ ප්‍රසිද්ධියේ. දුප්පතුන්ට නොමිලේ පෑඩ්ස් දෙන්න කියන යෝජනාව සමාජගත කරන්න කියල සජිත්ට කිව්වෙ මම. මම අනුරටත් ඒකට අදාල ඔක්කොම දත්ත යැව්ව. දෙන්නම ඒක කිව්ව. මට පක්ෂ
බේදයක් තිබ්බෙ නැහැ. මට අවශ්‍ය උනේ ඒ පිළිබඳව සමාජ කතිකාවත දේශපාලන තලයට ගෙනත් ඒක දේශපාලනඥයින් අතින් තවදුරටත් සමාජ ගත කරන්න. '' - Uvindu Kurukulasuriya
''අනේ ස' ගරු සීතා ඇමතිතුමියට හිමි ටෝච් එකයි, කුඩෙයි, iPadඑකයි, iPhoneඑකයි, VIPලයිට් එකයි ලබාදෙන්න.
පෑඩ්ස් ටිකත් ඒ ගමන්ම එවන්න.'' යයි තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන්ගේ විවේචන වලට ප්‍රතිචාර දක්වා ඇති උවිඳු කුරුකුලසූරිය සිය FB පිටවේ මෙවැනි සටහනක් පළකර තිබේ.
''මම මේක අද කියන්නෙ ප්‍රසිද්ධියේ. දුප්පතුන්ට නොමිලේ පෑඩ්ස් දෙන්න කියන යෝජනාව සමාජගත කරන්න කියල සජිත්ට කිව්වෙ මම. මම අනුරටත් ඒකට අදාල ඔක්කොම දත්ත යැව්ව. දෙන්නම ඒක කිව්ව. මට පක්ෂ බේදයක් තිබ්බෙ නැහැ.
මට අවශ්‍ය උනේ ඒ පිළිබඳව සමාජ කතිකාවත දේශපාලන තලයට ගෙනත් ඒක දේශපාලනඥයින් අතින් තවදුරටත් සමාජ ගත කරන්න.
දැන් මම ඊයෙ පෝස්ට් එකක් දැම්ම "අනේ ස' ගරු සීතා ඇමතිතුමියට හිමි ටෝච් එකයි, කුඩෙයි, iPadඑකයි, iPhoneඑකයි, VIPලයිට්, එකයි ලබාදෙන්න. පෑඩ්ස් ටිකත් ඒ ගමන්ම එවන්න." කියල.
දැන් මේ අමුතු ප්‍රබුද්ධයො වගයක් ඒකේ "පැඩ්ස්" කිව්ව එක ස්ත්‍රීත්වයට නිගාවක් කියල ලොකූ කේස් එකක් ඇදන් යනව.
මට මෙතන සීතගෙ ලිංගිකත්වය අදාල නැහැ. සීතගෙ ලියුම ලීක් වෙච්ච නිසා තමයි සීතාව ටාගට් වෙන්නෙ.
ඒත් සීතගෙ වියත්මගයි, එළියයි ඔක්කොමල, ප්‍රෙස්කොන් තියල මේ නොමිලේ පැඩ්ස් දෙන්න ඕනෙ, ඒවගෙ ටැක්ස් අයින් කරන්න ඕනෙ කියන යෝජනාවට විරුද්ධව කොච්චර කතා කරාද? කාන්තාවො දාලම කියෙව්ව. ඒ යෝජනාව හාස්‍යයට ලක්කරා.
''සීතගෙ වියත්මගයි, එළියයි ඔක්කොමල, ප්‍රෙස්කොන් තියල මේ නොමිලේ පැඩ්ස් දෙන්න ඕනෙ, ඒවගෙ ටැක්ස් අයින් කරන්න ඕනෙ කියන යෝජනාවට විරුද්ධව කොච්චර කතා කරාද? කාන්තාවො දාලම කියෙව්ව. ඒ යෝජනාව හාස්‍යයට ලක්කරා.''
එතකොට මේ අමුතු ප්‍රබුද්ධයො ඒ ගැන මොකුත් කතාකරේ නැහැ. ඒ යෝජනාව ඩිෆෙන්ඩ් කරේ නැහැ.
අනික සීත ඇවිත් පාර්ලිමේන්තුවෙ ඩිස්කවුන්ට් එකට දෙන කෑම වේලටත් ප්‍රසිද්ධියේ විරෝධය පාපු කෙනෙක්.
ඒවගේ කෙනෙක් කුඩෙත් නොමිලේ ඉල්ලනකොට, ඒ ගොල්ල හෙලාදැකපු නොමිලේ දෙන්න කිව්ව පෑඩ්ස් මතක් කරන එක වරදක්ද?
දවසට ලක්ෂයකට වැඩිය ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකෙන්ම උපයපු කෙනා නොමිලේ කුඩෙත් ඉල්ලනව.
ඉතිං ඒ ගොල්ල හාස්‍යයට ලක්කරපු පෑඩ්ස් නොමිලේම දෙන්න කියන ඒකෙ මොකක්ද තියෙන ස්ත්‍රීත්වයට නිගරු කිරීම.
මගේ ඔර්ජිනල් පෝස්ට් එකට ගිහින් කොමෙන්ට්ස් බලන්න. එතන උත්තර දෙන්නෙ නැතිව, එක එක තැන්වලට ගිහින් මේ කතා දාන්නෙ. මරු සෙට් එක!
සෝමාලියාවට පාන් දැම්ම වගේ -Uvindu Kurukulasuriya
ඒ සම්බන්ධයෙන් උවිඳු පළකර ඇති තවත් FB සටහනක මෙසේ සඳහන් වේ.
''සජිත්, අනුර - පෑඩ්ස් දුප්පත් අයට නොමිලේ දෙන්න කතාකරන කොට ඒවට ගහපු අයවත්, ඒ විවේචනවලට පිළිතුරු නොදුන් අයවත් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන තත්ත්වයට පත් කරන්න හැකිවීම ගැන සතුටු වෙමි.
බලන්න අද ඒ ප්‍රශ්ණය කොව්චර සමාජගතවෙලා තියෙනවද කියල. අප්‍රමාණ සන්තෝසයි ෆ්‍රෙන්ඩ්ස්.
ගැහැණු [අප්පොලා] අශුද්ධ වී සිටි කාමරය - Ladies room for menstruation period - කියල එකක් තිබ්බනෙ සිංහල-බෞද්ධ සමාජයේත්.
මේ මඩුවන්වෙල වලව්වෙ ඒ තිබ්බ කාමරේ. ඒ දවස්වලට ලොකු මැණීකෙ ඉඳන් ඔක්කොම ඒ කාමරේ ඇතුලට දානව.
දැන් ඉතින් සීතා කුඩෙත් නොමිලේ ඉල්ලපු නිසා පැඩ්ස් ටිකත් නොමිලේ දෙන්න කියන්න - ස්ත්‍රීත්වයට ගරුකරන්න - නොසිතූ පිරිසක් එකතුවෙලා ඉන්නව.
ස' ඒ ගැන ඉක්මනට තීරණයක් ගනියි.
පෑඩ් ඇඳීම ගැන කතාකිරීම ඩිස්ක්රිමිනේෂන් එකක්ද ?
මෙම සංවාදයට එක්වෙමින් Suneth Abedheera සිය FB කොමේන්ටුවක මෙවැනි සටහනක් පළකර ඇත.
''පෑඩ් ගැන කිවුවම කාන්තාවන්ගෙ මොකක්ද එක කැඩෙනවා නම් පිරිමින්ටත් පෑඩ් අන්දන්න තියෙන්නෙ. පෑඩ් ඇඳීම ගැන කතාකිරීම ඩිස්ක්රිමිනේෂන් එකක්ද ?''
ජනාධිපතිවරණය :සනීපාරක්ෂක තුවා දැන්වීම් වාරණයක් !
රැඩිකල් දෙයක් : වහා ගිණි ඇවිලෙන සුළු සනීපාරක්ෂක තුවා !- Mahesh Hapugoda
සජීට පෑඩ් මෑන් කීම: අනුරගේ ප්‍රකාශයෙන් ඔබ්බට...-‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා'
මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක්!
ඔසප් වීම නිසා කිසිම කාන්තාවකට හෝ ගැහැණු ළමයකුට පසුබසින්නට ඉඩ නොදෙමු!
සජිත් දේශපාලන කරලියට ගෙනා 'පෑඩ්' ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද? -BBC
සජිත්ගේ 'පෑඩ්' කතාවට රොෂාන් මහානාමත් පැටලේ (VIDEO)
පෑඩ් එකේ වැඳුන පන්දුව හතරේ සිමාවෙන් ඔබ්බට: සැබෑ ‘පෑඩ් මෑන්‘ සජිත්ව අගයයි