දින කිහිපයක සිට දෙරණ, දිවයින, ලංකාදීප ඇතුළු මාධ්‍ය වල දරුවෙක් කුසගින්නේ මිය ගිය බවට වාර්තා කර තිබුණි.

නමුත් මේ ගැන වාර්තා කර ඇත්තේ කිසිවෙක් සොයා නොබලා බව ඊට අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාව පවසනවා. ගම්වාසීන් හා අදාළ අනෙකුත් පිරිස් පවසන්නේ මෙය කුසගින්නේ මියයාමක් නොවන බවයි.

දරු ප්‍රසූතියේදී මරණාසන්න වූ මව රෝහලේ වෛද්‍යවරුන් විසින් බේරාගෙන ඇති අතර, දරුවා බිහිවී ඇත්තේ අවදානම් තත්ත්වයන් උඩයි.

දරුවාගේ වැඩීම ගැන සැකසහිත වුවත් ඇගේ දුප්පත්කම සලකා රෝහලට යාමට ඒමට පවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වාහන ලබාදී ඇති බවත්, රෝහල් ළමා රෝග සායනයේ බේත්හේත් ගැනීමට මුදල් දී ඇත්තේද ‍පවුල් සෞඛ්‍ය සේවිකාවන් මුල්ව බවත් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අඩුබර මන්දපෝෂණ දරුවන්ට ත්‍රිපෝෂ පැකට් 2ක් නිකුත් කළත්, මේ අයට පැකට් 4ක් නිකුත් කළ බව පැවසෙනවා..

මානසික රෝගියෙක් වන පියා කිසිදු දීමනාවක් ලබා නොගෙන සිටින බවත්, සමෘද්ධි ආධාර පවා නොගෙන උමතුව ක්‍රියාකරන බවත් පැවසෙනවා. දෙමාපියන්නේ නොසැළකිල්ල, උද්ධච්චකම සහ නූගත්කම මේ දරුවාගේ මරණයට හේතුව බව කියවෙනවා. ගම්වාසීන් නොයෙකුත් උපකාර කළත් එයින් පලක් වී නැහැ...

පෙර සටහන

නමුත් මාධ්‍ය මගින් ඒ අය ලබාදෙන වොයිස්කට් අනුව වහා පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මොකද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ එහි නිලධාරිනියන් සියලු දෙනා සිය රාජකාරී උපරිමයටත් වඩා සිදුකර ඇති තත්ත්වයක මෙය අවාසනාවන්ත සිදුවීමකි.

කලින් සටහනක මා දැක්වූ පරිදි රාජ්‍ය නිලධාරිනිය ලෙස පවුල් සෞඛ්‍ය සේවිකාව සහ ඊට අදාළ අංශ ගැන තිබූ සටහනට මගේ කණගාටුව පළකරමි. මක්නිසාද යත් එය නිවැරදි නොවන නිසාය. ඔවුන් නිසිපරිදි කටයුතු කර ඇත..

manorama W(මනෝරම වීරසිංහගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්