ඊයේ පෙරේදා අපෙන් සමුගත්ත ටෙනිසන් කුරේ රිදී රැයක් ප්‍රසංගයකදී බන්දු සමරසිංහ එක්ක කරපු ප්‍රහසන ජවනිකාවක්

මේ දවස්වල සමාජ මාධ්‍යජාලවල සංසරණය වෙනවා. ඒකෙ එක තැනක ටෙනී මෙහෙම කියනවා.

" මං ඒ කාලෙ මෙයාගෙන් ඇහුවා තැනකට එන්නෙ කොහොමද කියලා. මෙයා කිව්වා දැන් ගන්නෙ විසිපන්දාහයි නම් චිත්‍රපටයකට ලක්ෂයක් ඉල්ලපං කියලා. එතකොට වැඩ ගෙදරට එයි, ගෙදරින් හෙල්ලෙන්නෙපා කියලා. මමත් ඉතිං ගාන ලක්ෂෙට උස්සලා ගෙදරට වෙලා බලං හිටියා. අවුරුදු තුනක් ගියා එකෙක් ආවෙ නෑ. පස්සෙ හොයලා බැලුවම මට ලක්ෂයක් ඉල්ලන්ඩ කියලා ඒ ඔක්කොම චිත්‍රපටිවල මෙයා පනස්දාහට රඟපාලා"

ප්‍රේක්ෂකාගාරය සිනා සයුරේ ගිලෙනවා. ඒ සිනහව අතරේ බන්දු මෙහෙම කියනවා.

" ඒකට තමයි යකෝ කියන්නෙ සිංහල සිනමාවේ පොලිටික්ස් කියලා."

" ඒකට තමයි යකෝ කියන්නෙ සිංහල සිනමාවේ පොලිටික්ස් කියලා. "

සිනමාවේ පොලිටික්ස් ගැන කියැවෙන ඒ ප්‍රහසන ජවනිකාව එක පැත්තකින් බැලුවහම ලංකාවේ පොලිටික්ස්වලට ද අදාළයි. ටෙනී ඒ කරන්නේ විහිළුවක්. බන්දු ඇත්තටම එහෙම කියන්නෙ නැතුව ඇති. හැබැයි ඒ දෙබසෙන් මතුවෙන හරය, ලංකාවෙ පොලිටික්ස්වල ලොකු ඇත්තක් වගේම ලොකු පැත්තක් නිරාවරණය කරනවා කියලා අපට හිතෙනවා.

 

බන්දු ආණ්ඩුවයි ටෙනී ජනතාවයි

ඒ විහිළු කතාවට අනුව එක්කෙනෙක් අනිත් එක්කෙනාට ලොකු බලාපොරොත්තුවක් දීලා ගෙදර ඉන්දවනවා. එයා බකන්නිලාගෙන ගෙදර ඉන්න කොට ඒ කිව්ව වටිනාකමින් බාගෙකට අඩුවෙන් අනෙක් එක්කෙනා වැඩේ කරගෙන යනවා. නිකමට වගේ බන්දුගෙ භූමිකාව ආණ්ඩුවටයි, ටෙනීගෙ භූමිකාව ජනතාවටයි ගළපලා බලමු ද ?

ඒ කියන්නෙ ආණ්ඩුව ජනතාවට ලක්ෂෙක බලාපොරොත්තුවක් දීලා ගෙදර නවත්වලා පනස්දාහට වැඩේ කරනවා. තවත් විදිහකට කියනවා නම් ආණ්ඩුව ජනතාවගේ ඔලුවේ ලොකු ෆැන්ටසියක් මවලා ඒ ෆැන්ටසියෙන් ගොඩාක් පහතින් තියෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. නිදසුනකින් දෙකකින් මේක තේරුම් ගන්න පුළුවන්.

 

බන්දු ආණ්ඩුව ටෙනී ජනතාවට මෙහෙම කියනවා

බන්දු ආණ්ඩුව ටෙනී ජනතාවට මෙහෙම කියනවා. " ඔයා ගෙදර ඉන්න. ඔයාට සෞභාග්‍යය උදා වෙනවා. ඒකට තමා සෞභාග්‍යයේ දැක්ම කියලා කියන්නෙ." අනේ ඒක විශ්වාස කරලා ටෙනී ජනතාව ඔහේ බලං ඉන්නවා. සෞභාග්‍යය වෙනුවට සව් බාගයක්වත් නෑ. කහ කුඩු නෑ. පොල් නෑ. වාහන නෑ. ටයර් ඇතුළු වාහන අමතර කොටස් නෑ. පොර ටෝක් දීලා අඩු කරපු පරිප්පු සැමන් ඒ ගානට කඩේ නෑ. කොටිම්ම කියනවා නම් එදිනෙදා ජීවත් වෙන කොට සෞභාග්‍යය මුණ ගැහෙන්නෙ නෑ. ටෙනී පව්.

"ඔයා ගෙදර ඉන්න. අපි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නම්." අනේ ඉතිං ඒ වෙනුවෙන් තුනෙන් දෙකක් පූජ කරපු ටෙනී ජනතාව අර මෝඩ යහපාලන ආණ්ඩුවට සාප කර කර - ඒ තිරිසන් ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු දල්වගෙන ගෙදර ඉන්නවා.

බන්දු ආණ්ඩුව ටෙනී ජනතාවට මෙහෙම කියනවා. "ඔයා ගෙදර ඉන්න. අපි පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් දෙන්නම්." අනේ ඉතිං ඒ වෙනුවෙන් තුනෙන් දෙකක් පූජ කරපු ටෙනී ජනතාව අර මෝඩ යහපාලන ආණ්ඩුවට සාප කර කර - ඒ තිරිසන් ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු දල්වගෙන ගෙදර ඉන්නවා. හැබැයි ඒ අතර පරීක්ෂණ දියාරු වෙනවා. ඡන්දෙට කලින් චූදිතයො කියල හංවඩු ගහපු උදවිය එක්ක බන්දු ආණ්ඩුව පොඩි පොඩි පයුරු පාසානම් පටන් ගන්නවා. ඒගොල්ලන්ගෙ ගුණ වයනවා. ටෙනී පව්.

බන්දු ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ටෙනී ජනතාවට පොරොන්දු වෙනවා, දිවි පුදා පරිසරය රකිනවා කියලා. ටෙනී ජනතාව ඒ ගුලියත් කාලා ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා, අනේ අපේ වැඩ කරන විරුවා පරිසරය රකියි ටොප් එකට කියලා. අනේ ඒත් ඉතිං ටෙනී ජනතාව හොල්මන් කරගෙන බන්දු ආණ්ඩුව ආපු දා ඉඳන් වනාන්තර ටික ඩෝසර් කරගෙන කරගෙන යනවා. ගංගාවල වැලි ටික ගොඩදාගෙන ගොඩදාගෙන යනවා. පරිසරය ගැන කතාකරන උන්ව හිරකරන සැලසුම් සකස් කරනවා. ටෙනී පව්.

 

දිරවගන්න බැරි වූ ලොකුම ගුලිය

බන්දු ආණ්ඩුව, ටෙනී ජනතාවට ගිල්ලුවේ ඔහොම ගුලි විතරක් නෙවේ. දිරවගන්න බැරි ගුලි ගොඩක් ගිල්වලා තියෙනවා. ලොකුම ගුලිය තමයි `දේශප්‍රේමීකම`. දේශප්‍රේමී ගුලිය ගිල්වලා ටෙනී ජනතාව ගෙදර නවත්වලා , විසිවන සංශෝධනයෙන් ඒකාධිකාරී බලය තනි අතකට අරගෙන බන්දු ආණ්ඩුව යන්න හදන ගමන මොකක්ද කියලා ටෙනී ජනතාවට තාම තේරෙන්නෙ නෑ. ආණ්ඩුව ඇතුළෙම රූකඩ ටිකක් එහාට මෙහාට කරලා විරෝධය දියාරු කරලා විස්ස ගේන්න හදන්නෙ මොකටද කියල ටෙනී ජනතාවට තේරෙන්නෙ නෑ. ටෙනී පව්.

ලොකුම ගුලිය තමයි `දේශප්‍රේමීකම`. දේශප්‍රේමී ගුලිය ගිල්වලා ටෙනී ජනතාව ගෙදර නවත්වලා , විසිවන සංශෝධනයෙන් ඒකාධිකාරී බලය තනි අතකට අරගෙන බන්දු ආණ්ඩුව යන්න හදන ගමන මොකක්ද කියලා ටෙනී ජනතාවට තාම තේරෙන්නෙ නෑ.

බලය තනි අතට ගන්න හදන්නෙ වෙන මොකකටවත් නෙවේ, ඉස්සරහට ආර්ථික අර්බුදය උග්‍ර වෙනකොට විකුණන විකිණෙන ආර්ථිකය ටොප් ගියර් එකට දාන්න වෙන නිසා. එහෙම ටොප් ගියර් දාලා `ජාතික සම්පත්` විකුණගෙන යනකොට ඒකට විරුද්ධව පාරට බහින මිනිස්සුන්ව මර්දනය කරන්න තනි අතට තනි බලයක් ඕනෙ නිසා. `ජාතික` තෙල් ගහගෙන `විජාතික` ආර්ථික පාර දිගේ බන්දු ආණ්ඩුව මේ යන්න හදන්නෙ එක පාර්ලිමේන්තු ආසනයක්වත් නොදී ගෙදර යවපු රනිල් වික්‍රමසිංහගේ හීනෙට කියලා ටෙනී ජනතාවට තේරෙන්න තව ටිකක් කල් යයි. ටෙනී පව්.

 

"මට හිනා යනව ඕයි !"

ජෝක්ස් ඇතුළෙ පොලිටික්ස් තිබුණට පොලිටික්ස් කියන්නෙ ජෝක් එකක් නෙවෙයි. ඒක ගේම් එකක්. ඒ ගේම් එක ඇතුළෙ බන්දු ආණ්ඩුව ටෙනී ජනතාවගෙ කරට අත දාගෙන ගොනාට අන්ඳන ඇන්දිල්ල මාරයි. ඒකටම හරියන මීඩියා ටික. ඒ තත්ත්වය තුළ, ජනතාවයි ආණ්ඩුවයි කියන්නෙ තවමත් බන්දු - ටෙනී වගේ විහිළු තහළු යුගල පදයක්. අපට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඒක, ටෙනිසන් කුරේ තමන්ගේ ප්‍රහසන ජවනිකාවලදි නිතර කියන කතාවක්.

"මට හිනා යනව ඕයි ! "

| විමල් කැටිපෙආරච්චි |

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්