ඇමති මණ්ඩලය 30 කට සීමා කරව්!
එය සටන් පාඨයකි.
ඇමති මණ්ඩලය 30කට සීමා කෙරුවෙමු!
මෙය යහපාලන ආණ්ඩුවේ නායකයින් සහ නොයෙකුත් ආධාරකරුවන්ගේ ලොකු ටෝක්ස් වලින් එකකි
[ජවිපෙ සජබ මීට ඇතුලත්] බොරුවකි.
19වෙනි සංශෝධනයේ සඳහන් සීමාව එම සංශෝධනයේම ‘ජාතික ආණ්ඩුව’ නම් වූ උප්පරවට්ටියෙන් නිශේධ විය.
20වෙනි සංශෝධනයෙන් මේ බොරුව ඉවත් කර ඇත. දැන් බොරු සීමා නැත. කොටින්ම සීමා නැත.
මෙය සතුටු විය හැකි තත්ත්වයක් නොවේ.
කැබිනට් ඇමතිකම යනු පාර්ලිමේන්තු අංක ගණිතය පාලක පක්ෂයේ වාසිය සඳහා අළෙවි කරන භාණ්ඩයක් බවත් එය පවතින නිර්ලැජ්ජිත දේශපාලන සංස්කෘතියේ ප්‍රකාශයක් බවත් හැමෝම දන්නා කරුණකි.
ඒ හරහා උදාවන සෞභාග්‍යයක් නැත.
එය නිර්මාණය කරන්නේ වැඩ කරන රටක් නොව දිගින් දිගටම වැඩ අවුල් කරන රටක්මය.
ප්‍රතිඵලය මෙයයි:
ව්‍යවස්ථාදායකයින් තමන්ට විධායක බලතන ඇතැයි සලකමින් කටයුතු කිරීමයි. නීති සම්පාදනයෙහිලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ දායකත්වය ඇත එසවීමට සීමා වීමයි.
එබැවින්, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා ප්‍රධාන කමිටුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ මොහොතේ මෙම කාරණය පිලිබඳ අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක තක්කඩි රැල එක් වගන්තියකින් සාධනීය වෙනසක් කරන අතර තව වගන්තියකින් එය නිශේධනය කරන ලදී.
එවැනි ව්‍යවස්ථා සම්පාදනයන් රටට අවශ්‍ය නැත.
''යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක තක්කඩි රැල එක් වගන්තියකින් සාධනීය වෙනසක් කරන අතර තව වගන්තියකින් එය නිශේධනය කරන ලදී. එවැනි ව්‍යවස්ථා සම්පාදනයන් රටට අවශ්‍ය නැත.''
ඇමති මණ්ඩලය සීමා කිරීම විෂයෙහි පහත යෝජනා සලකා බලන ලෙස අප ඉල්ලා සිටිමු.
1. යෝජිත නව ව්‍යවස්ථාවේ අමාත්‍යංශ විෂයන් නම් කිරීම: මින් ඇමති මණ්ඩලයේ සීමාව තීන්දු වනු ඇත. ස්විට්සර්ලන්තයේ ඇමති මණ්ඩලය හතකට හෝ අටකට සීමා වී ඇත. මෙය කළ හැකි දෙයකි.
2. නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව ඇමති සංඛ්‍යාවට සමාන විය යුතුයි.
3. ‘රාජ්‍ය ඇමති’ තනතුර ඉවත් කල යුතුයි.
4. කිසියම් හෝ පැහැදිලි පටිපාටියකට අනුකූලව සියලු රාජ්‍ය ආයතන ඉහත අමාත්‍යංශවලට අනුයුක්ත කල යුතුයි (අමතර ආයතන ස්ථාපිත කිරීමට අවශ්‍ය නම් ඒ ඒ ආයතනය අදාළ අමාත්‍යංශයට අනුයුක්ත කල හැක).
ව්‍යවස්ථාදායකය සැබවින්ම නීති සම්පාදනයට සීමා කිරීමට මෙය ඉවහල් වනු ඇත.