පොහොට්ටුවට අවුරුදු 4 ක් පිරෙන වෙලාවෙ, 'එලියෙ' ඉදන් ආණ්ඩුවක් හදපු බැසිල් රාජපක්ෂ

'ඇතුලට' යයිද? කවුරුහරි මගෙන් ඒ ප්‍රශ්නය ඇහුවොත්, ඒකට මම දෙන පෞද්ගලික දේශපාලනික උත්තරය තමා, ‘නෑ දැන්ම ඇතුලට යන්න එපා මොකද අපේ එලියේ වැඩේ තාම ඉවර නෑ’ කියන එක. 

හැබැයි අපේ පොදු දේශපාලන මතය ඇහුවොත් ‘ඔව් මේ මොහොතේ දේශපාලනික කළමනාකරණ මැදිහත්වීමක් බැසිල් රාජපක්ෂගෙන් අත්‍යාවශ්‍යයි, ඒ සදහා ඔහු පාර්ලිමේන්තුවේ සිටීම යෝග්‍යයි’.

ඊයේ රෑ සජිත් පාර්ශවය දැවැන්ත සමාජ මාධ්‍ය කැම්පේන් එකක් දියත් කළා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනවා කියල. ඒක තාර්කිකව කරපු අනුමානයක්. 

Harin post

බැසිල් රාජපක්ෂ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියල පක්ෂය ඇතුලේ තියන බලවත් ඉල්ලීම, පාර්ලිමේන්තුවේ අපේ කණ්ඩායමේ තියෙන ඉල්ලීම, පොදුවේ සමාජ මතයක් නිර්මාණය වී තිබීම වගේ කාරනා ටික ගත්තාම හරින් ප්‍රනාන්දු වගේ අයගේ අනුමානය හරි.  හැබැයි බැසිල් රාජපක්ෂ හෝ පොහොට්ටුවේ දේශපාලනය අනුමානයක් නෙමෙයි විද්‍යාවක්.

Basil Pohottuwaබැසිල් රාජපක්ෂ හෝ පොහොට්ටුවේ දේශපාලනය අනුමානයක් නෙමෙයි විද්‍යාවක්.

ඊයේ කැලැන්ඩරේ අපුරු දවසක්. පොහොට්ටුවේ හතර වෙනි සංවත්සරය.

 ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වයසින් අඩුම, බලයෙන් වැඩිම, සංවිධාන ශක්තියෙන් ප්‍රබලම, දේශපාලන පරිණත බැවින් ගැඹුරුම පක්ෂය. 

ලංකාවේ මුල් වතාවට අපේ පරම්පරාවේ දේශපාලනය කරන අයට හැකියාවක් ලැබුනා පක්ෂයක් හදලා, පක්ෂයක් රට පුරා ව්‍යාප්ත කරවල, පොඩි චන්දෙ, මහා චන්දෙ සහ ලොකුම චන්දෙ දිනවන සම්පුර්ණ දේශපාලන වැඩ පිළිවෙලකට දායක වෙන්න.  ඒ ජයග්‍රහණයේ අයිතිකාරයෝ වෙන්න. 

‘සිව් දිගම ජයගත් සිව් වසර’ සමරද්දී, හිරේ විලංගුවේ ලැගල, අවලාද අපවාද අහල, රට වටේම ඇවිදලා, පොහොට්ටුව පක්ෂය හදපු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගියානම් පොඩි ගතියක් නැත්තෙත් නෑ.

‘සිව් දිගම ජයගත් සිව් වසර’ සමරද්දී, හිරේ විලංගුවේ ලැගල, අවලාද අපවාද අහල, රට වටේම ඇවිදලා, පොහොට්ටුව පක්ෂය හදපු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගියානම් පොඩි ගතියක් නැත්තෙත් නෑ.

 

දේශපාලනික අත්‍යාවශ්‍යතාවය Vs මගේ මතය :

ඇයි මම පෞද්ගලිකව හිතන්නේ බැසිල් රාජපක්ෂ දැන්ම ඇතුලට එන්න හොද නෑ කියල. 

බැසිල් රාජපක්ෂව මට හම්බවෙන්නේ අවුරුදු 4 කට කලින්, පක්ෂය හදද්දී, නෙලුම් මාවතේ. 

එතකොට එතන වාඩිවෙන්න තිබ්බේ බංකු.  අපි කඩෙන් බිස්කට්, තේ, සීනි, කිරි අරගෙන තමා තරුණ සංවිධානේ මීටින් වලට යන්නේ. 

පක්ෂ උඩ ඉදන් යටට හදාගෙන යන න්‍යායට ප්‍රතිවිරුද්ධව යමින් බැසිල් රාජපක්ෂ යට ඉදන් උඩට පක්ෂය හදාගෙන ආව. 

මම ඔහුට කැමති වෙන්න හේතුව මේ අලුත් දේශපාලන අත්හදා බැලීම සහ ඒ ඇතුලේ අපි වගේ තරුණ එවුන්ට තිබ්බ ඉඩ, බලය සහ මතවාදී ගෞරවය. 

බැසිල් රාජපක්ෂ මීටින් පටන් ගත්තෙම ‘ඔව් ඔහෙල කියන්න බලන්න’ කියල සභාව අපිට විවෘත කරලා.

''බැසිල් රාජපක්ෂ මීටින් පටන් ගත්තෙම ‘ඔව් ඔහෙල කියන්න බලන්න’ කියල සභාව අපිට විවෘත කරලා.''

මට අද වගේ මතකයි පළාත් පාලන චන්දයට කලින් තරුණ සංවිධානයට එන්න කියල ඇහුවා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතුවෙලා පලවෙනි ඡන්දෙට යමුද කියල. 

අපි පුටු උඩ නැගගෙන බාල්දියක් පෙරලුවා පොහොට්ටුවේ අනන්‍යතාවය නැතිකරන්න එපා කියලා. 

 

ඒ ඡන්දය තමා අපේ හැරවුම් ලක්ෂය. 

මම හිතනවා බැසිල් රාජපක්ෂ පක්ෂයක් නිර්මාණය කරමින් එලියේ ඉදන් කරපු කාර්යභාරය පාර්ලිමේන්තුවේ හිටියනම් වෙන්නේ නෑ කියලා.

2015 පස්සේ මිනිස්සු හිටියේ එලියේ. දේශපාලන අරගලය තිබ්බේ එලියේ.මතවාදී අරගලය තිබ්බේ එලියේ. අලුත් දේශපාලන නායකත්වයක අවශ්‍යතාවය තිබ්බේ එලියේ. සංවිධානගතවීමේ අවශ්‍යතාවය තිබ්බේ එලියේ. බැසිල් රාජපක්ෂ හිටියේ එලියේ. එනිසා තමා පොහොට්ටුව එලියේ පිපුණේ. 

බැසිල් පාර්ලිමේන්තුවේ හිටියනම්, එතැන බල අරගලය ඇතුලේ ඔහුගේ කාලය හා ශ්‍රමය දියවෙන්න තිබ්බා. 

අන්තිමට බැසිල් එලියේ ඉදගෙන එලියේම හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා ඇතුලට දැම්මා. 

මහින්ද රාජපක්ෂ අගමැති වෙලා ඇතුලට ගියා. ඒ දෙන්නා ඇතුලේ ඉන්නම ඕනා. ඒ නිසා බැසිල් එලියේ ඉන්න තීරණය කළා.

මගේ අදහස අපේ එලියේ වැඩේ තාම ඉවර නෑ. 

කොරෝනා නිසා සමහර දේවල් තවත් පරක්කු වුනා. 

චීනයේ කොමියුනිස්ට් පක්ෂය වගේ ඉන්දියාවේ බීජේපී එක වගේ පොහොට්ටුවත් හදන්න තව පොඩිම පොඩි කාලයක් බැසිල් රාජපක්ෂගේ නායකත්වය එලියේ අවශ්‍යයි. 

අපි වගේ එලියේ මතවාදී අරගලයක ඉන්න පක්ෂ කාඩර් එකට තව පොඩි වැඩ ටිකක් ඉතුරුවෙලා තියෙනවා. 

ඒ ටිකත් කරලම බැසිල් රාජපක්ෂ ඇතුලට ගියොත් හොදයි කියන එක තමා මගේ නම් කල්පනාව.''

Milinda Rajapaksha(මිලින්ද රාජපක්ෂ)

කොළඹ නාගරික මන්ත්‍රී 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

සබැඳි පුවත් :

බැසිල්ගේ දිව්රුම්දීම හෙට නොවේ! -හදිසියක් නැතැයි කැටගොඩ කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්