විශේෂඥතාව හා වෘත්තීය භාවයෙන් තොර මැතිවරණ ජයක් ගැන සිතාගැනීමට හෝ නොහැකිවනු ඇත.
 
වැඩිම අවදානම් රස්සාවත්, වැඩිම ප්‍රතිලාභ සහිත රස්සාවත් ‘දේශපාලනය‘ යි. 
 
ඇමරිකානු මැතිවරණය උගන්වන පාඩම ‘විශේෂඥතාවය හා වෘත්තීය භාවයෙන් තොර මැතිවරණ ජයක් ගැන‘ අනාගතයේ දී හිතා ගැනීමට හෝ නොහැකි බවයි. 
 
වෙනත් වචනයෙන් කිව හොත් ‘ගමේ හිත හොඳ අයියලා‘ වූ පමනින් විතරක් තවදුරටත් ඡන්ද දිනන්නට නොහැකිය.
 
 
ටෙක්සාස් ‘ජිල්මාට්‘ වැඩ !
 
Texas
ටෙක්සාස් හි තවමත් ඡන්ද ගණන් කරයි. හැබැයි ට්‍රම්ප් එහි ඡන්දය දිනා ඇත. එතැන ‘ඡන්ද 18‘ කි.
 
ටෙක්සාස් ඡන්දය ට්‍රම්ප් දින්නේ ‘ජිල්මාට්‘ වැඩකිනි. කෙටියෙන් කථාව මෙහෙමය.
 
ටෙක්සාස් හි තැපැල් ඡන්ද මිලියන 2.4 කට ඡන්ද අයිතිය ලබා දීමට කටයුතු කරන එයට විරෝධතා එක් විය. 
 
ටෙක්සාස් දිස්ත්‍රික් අධිකරණය ඔවුන්ට තැපැල් ඡන්ද අයිතිය දුන්නේය. රිපබ්ලිකන් ආධාරකරුවෝ උසාවි ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය මිලියන 2.4 ක තැපැල් ඡන්දය අත්හිටවූවේය.
 
දැන් ට්‍රම්ප් ටෙක්සාස් දිනලාය. ඒ ඡන්දය ලක්ෂ 6 කින් විතරය. (තවම ගණන් කර ඇත්තේ 85% කි.) 
 
ට්‍රම්ප් ලක්ෂ 6 කින් දිනන්නේ තැපැල් ඡන්ද මිලියන 2.4 ක් නවත්තලාය. ඒ තැපැල් ඡන්ද, ප්‍රකාශයට පත් වූවේ නම්, ටෙක්සාස් දිනන්නේ ට්‍රම්ප් නොවන්නට තිබුණි. 
 
මේ වන විටත් ජෝ බයිඩ්න් නිල ජයග්‍රාහකයා වන්නට ද තිබුණි.
 
ට්‍රම්ප් තැපැල් ඡන්දය වලක්වන දරණ උත්සාහයෙන් පෙනෙන්නේ, මෙවර ඇමරිකාවේ ජනපති පත්වී ඇත්තේ ‘තැපැලෙන් ඡන්දය දෙන්නට උනන්දු වූ පිරිස‘ විසින් බවයි.
 
ඇමරිකාව සුක්ෂම ඡන්ද දුෂණ සඳහා තෝතැන්නකි. 
 
ප්‍රාන්ත ගණනාවක, මේ ඡන්ද ‘කළමනාකරණය කිරීමේ ක්‍රම‘ දැන් එකින් එක එළියට එමින් ඇත. 
 
ගෙවුණු වසර 12 ක් පුරා මේ විද්‍යාව මම ඉගෙන ගත්තේ ද ඇමරිකාවට පින්සිද්ධ වෙන්නටය.
 
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දිස්ත්‍රක්ක කිහිපයකට ප්‍රතිඑල වෙනස් කරනු ලැබූවේ පවත්නා නීති පද්ධතිය තුලම ‘මන්ත්‍රී ධූරයකට ඇති වටිනාකම අඩු වැඩි කරමිනි‘.
 
ලංකාවේ සෑම ඡන්දයකටම, චෙස් ක්‍රීඩාවේ ‘පොන්‘ ඉත්තෙකුට මෙන්ම ඇත්තේ එකම වටිනාකමකි.
 
 නමුත්, ‘පොන්‘ ඉත්තෙකුගේ සැබෑ වටිනාකම සෙල්ලමේ දී අනෙකුත් ඉත්තන් ස්ථානගතවීම මත අඩු වැඩි වන්නේය.
 
ඡන්දය වටිනාකම සමාන වුව ද, උපයෝගීතාව අඩු වැඩි වන විදිහට ස්ථාන ගත කිරීම ‘මැතිවරණ කලමනාකරණය‘ නම් වේ. 
 
එය විද්‍යාවකි. එය කළාවකි. එය ශිල්පයකි.
 
ඇමරිකාවේ හෝ ලංකාවේ හෝ වෙනත් රටක වේවා, මේ ශිල්පය නැතිව ජාතික දිස්ත්‍රික් මැතිවරණ දිනීම නම් තවදුරටත් ලේසි හෝ පහසු වන්නේ නැත. 
 
එය විශේෂඥතාව හා වෘත්තීය භාවය පිළිබඳ ව්‍යවහාරයකි.
 
 
 
ප.ලි. 
 
1. කරුණාකර මේ ගැන මහින්ද දේශප්‍රිය මහතා ගෙන් විමසීම් නොකරන්න. 
2.  Project 538 - දැන් වත් වහලා දානවා ඔය බඩකයිත්තුව.  තමුන්ලත් රනිල් හා ගෝලයෝ වගේ. තමන්ට කෙළවෙනකල්, ඔයාලම දන්නේ නෑ. 
 
 -රජිත් කීර්ති තෙන්නකෝන්-
(හිටපු ආණ්ඩුකාර) 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
ඇමෙරිකානු ජනාධිපතිවරණය : අවසන් ප්‍රතිඵලය පමා වේ! - මැතිවරණ රාත්‍රිය නොසන්සුන්, විරෝධතාකරුවෝ වීථි බසිති.
 
 
 
 
 
කියවන්න:
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්