කමලා දේවි හැරිස්ගේ සීයා පී.වි ගෝපාලන් මානිපායි, යාපනයෙ. 
ආච්චි රාජම්මා ඩකළපුවේ. 
 
දෙන්නම ලාංකීය දෙමළ.
 
ගෝපාලන්ට සුදු පාලකයින් මදුරාසියේ රස්සාවක් දීලා දෙන්නම යනවා එහේ පදිංචියට. 
 
මදුරාසියේදී දෙන්නට දුවක් ලැබෙනවා. 
 
ඇය ශ්‍යාමලා ගෝපාලන්.
 
පවුලම මදුරාසියෙන් දිල්ලියට යනවා. 
 
ටික කලකට පස්සෙ කැලිෆෝනියාවට යනවා. 
 
කැලිෆෝනියාවේදී ලාංකීය දෙමළ පවුලක දියණියක් වන ශ්‍යාමලා ජෙමෙයිකානුවෙක් වන ඩොනලාඩ් හැරිස් සමග විවාහ වෙනවා. 
 
හැරිස්ගෙ පිය පරම්පරාව ජෙමෙයිකාවට පැමිණි අයර්ලන්ත ජාතිකයින්ගෙන් පැවත එන්නන්. 
 
මව කලු ජෙමෙයිකානු පවුලක්. 
 
ඒ කියන්නෙ අප්‍රිකාවෙන් ගෙනෙනු ලැබූ වහල් පරම්පරාවකින් පැවත එන්නියක්.
 
එනිසා ඩොනලාඩ් හැරිස් ජෙමෙයිකානුවෙක් කියනවා මිස, ඔහුගේ වාර්ගිකත්වය කුමක්ද කියන්න බැරි තරම් මුහුන් වී තියෙන්නෙ.
 
ඩොනලාඩ්ට හා ලාංකීය දෙමළ ශ්‍යාමලාට ඕක්ලන්ඩ් හිදී දුවක් ලැබෙනවා. 
 
ඇය නම් කෙරෙන්නේ කමලා දේවි කියලා. 
 kamala
 
ජනවර්ගය හරියටම තීන්දු කරන්න බැරි පිය පාර්ශවය හා ලාංකීය දෙමළ මව් පාර්ශවය සමග කමලා දේවිගෙ ජනවර්ගය කුමක්ද කියලා තීන්දු කිරීම තවත් අසීරුයි. 
 
ඇය ඇමෙරිකාවේ ඉපිද ඇමෙරිකානුවෙක් හැටියට හැදී වැඩුණු ඇමෙරිකානු පුරවැසිකේ නිසා, පියා ජෙමෙයිකානු යැයි කියන ආකාරයටම කමලා දේවි හැරිස් ඇමෙරිකානුවෙක් වෙනවා.
 
ඇය මෙවර ඇමෙරිකානු ජනාධිපති ධූරයට තේරි පත්වන ජෝ බයිඩෙන්ගේ නියෝජ්‍ය ජනාධිපතිනිය ලෙස පත් වෙනවා. 
 
එය ඓතිහාසික පත්වීමක් නිසා සමහරු ලාංකීය සම්භවයක් ගැන කියමින් ස්වයං වින්දනයක් ලබනවා. 
 
තවත් සමහරු ඇයට මව් පාර්ශවයෙ ලාංකීය සම්බන්ධයක් ඇතැයි නොදැන, සීයා දකුණු ඉන්දියානුවෙක් යැයි සිතා ආසියාවෙ අපේ කලාපයේ කාන්තාවක් ලද ගරුත්වය අපටද ආඩම්බරයක් යැයි උදම් අනන්නට එය හේතුවක් කර ගන්නවා. 
 
අපට අයිතියක් ඒ කිසිවකට නැතත් කෙසේ හෝ කෙළවරක සම්බන්ධයක් අල්ලාගෙන ආඩම්බරවීමේ උමතුවට මම පදයක් සෙව්වා. 
 
තාම හමු උනේ නැහැ. 
 
හොයා ගත් කෙනෙකු ඇත්නම් දන්වන්න.
 
 
Kusal Perera j(කුසල් පෙරේරා)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්