අපේ ජාතිය ඇරඹෙන්නේ සිංහයකුගෙන් කියලා අපි කියනවා.
අපේ ජාතික කොඩියටත් සිංහ රූපය ඇතුළුවෙලා. නිකම් ම නිකම් සිංහ රූපයකුත් නෙවෙයි. අපිට ඉන්නේ කඩුවක් අතින් ගත්ත සිංහයෙක්. මොකක්ද මේ කඩුව?
 
 
බෞද්ධයෝ බුද්ධ ප්‍රතිමා නෙලන්න පටන්ගත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු හාර පන්සීයක් විතර ගතවුනාට පස්සේ. 
 
යවන (ග්‍රීක) බලයට යටත්වෙලා තිබුණු ඝාන්ධාරයේත් ඒ ආභාෂය ලැබුණු මථුරාවේත් තමයි මුලින් ම බුද්ධ රූප නෙළීම ආරම්භ වුනා කියලා කියන්නේ. 
 
හැබැයි මේ විදිහට බුද්ධ ප්‍රතිමා නෙළන්න කලිනුත් ඊට පස්සෙත් බුදුන්වහන්සේ නිරූපණය කරන්න විවිධ සංකේත භාවිතාකරන්න බෞද්ධයෝ පුරුදුවෙලා හිටියා. 
 
ඉතින් ධර්ම චක්‍රයත් බෝධි වෘක්‍ෂයත් සිරි පතුලත් වජ්‍රාසනයත් පාත්‍රයත් සිංහ රූපයත් තමයි ඒවා අතරින් වඩාත් ම ප්‍රචලිත‍ වෙලා තිබුණේ.
 
මේ විදිහට යොදාගත් විවිධාකාර සංකේත අතර තියෙන සිංහ රූපය ගැන යමක් කියන්න ඕන.
 
සාම්ප්‍රදායික ව සිංහයාගෙන් සංකේතවත් කෙරෙන්නේ රාජකීයත්වයත් ශක්තියත් බලයත්. 
 
බුද්ධ දේශනාව බොහෝ විට සීහනාදයක් විදිහට හඳුන්වලා තියෙනවා. 
 
මහා සීහනාද සූත්‍රය, 
චූල සීහනාද සූත්‍රය, 
චක්කවත්ති සීහනාද සූත්‍රය, 
කස්සප සීහනාද සූත්‍රය, 
උදුම්බරික සීහනාද සූත්‍රය වගේ සූත්‍ර ගැන අපි හැමෝ ම වගේ අහලා තියෙනවා. 
 
මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ සීහනාද වර්ගයක් ම තියෙනවා. 
 
බුද්ධ දේශනාවේ ශක්තිය හා බලය මේ නම්වලින් නිරූපණය කළා වෙන්න පුළුවන්.
 
සාරානාත්වල අශෝක ස්ථම්භය මුදුනේ නෙලපු සිංහ රූප හතර තියෙන්නේ ධර්මචක්‍ර හතරටත් උඩින්. 
 
ධර්මචක්‍ර හතරත් ඒ මත නෙලා ඇති සිංහ රූප හතරත් පිහිටුවා ඇත්තේ පද්මාසනයක් මත්තේ.
 
ධර්මචක්‍රයටත් උඩින් ඉන්න පුළුවන් සිංහයා කවුද?
 
බුද්ධ රූපත් බෝධිසත්ව ප්‍රතිමාත් විතරයි බෞද්ධයන් විසින් පද්මාසනයක් මත නිර්මාණය කරන්නේ. 
 
ඉතින් සාරානාත්වල නිර්මාණය කරලා තියෙන මේ සිංහ රූප හතරින් සංකේතවත් වෙන්නේ ලෝකයේ සිව් දෙසට ම ඇහෙන විදිහට අප මහා බුදුරජාණන්වහන්සේ ධම්මචක්කප්පවත්ත සූත්‍රය දේශනා කොට වදාළ ආකාරය බවට සැකයක් නෑ
 
ඉන්දියාව කියලා හදලා තියෙන රටේ රාජ්‍ය සංකේතය විදිහට 1950 අවුරුද්දේ ඉඳලා ම භාවිතා කෙරෙන්නේ මේ සාරානාත් සිංහ සංකේතය.
 
සිංහයා කියන්නේ ශාක්‍ය වංශයේ සංකේතය. 
 
විඩූඪහ රජ්ජුරුවෝ ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න පටන්ගත්තට පස්සේ ඒ අනතුරින් ගැලැවුණු අය විවිධ ප්‍රදේශවලට පලායන්න පටන්ගත්තා. 
 
ඒ විදිහට බේරුණු අයගෙන් සෑහෙන පිරිසක් අපේ රටටත් ආවා. 
 
තවත් පිරිසක් කාලිංගය වගේ ප්‍රදේශවල රැඳුණා. 
 
කැලෑ වැදිච්ච අයත් ඉන්න ඇති. 
 
ඉතින් සිංහබාහු කතාවෙන් කියැවෙන්නේ මේ විදිහට පලායන ශාක්‍යයෝ වංග (බෙංගාල) ජාතිකයෝත් එක්ක ඇතිකරගත්ත සහසම්බන්ධකම් වෙන්න පුළුවන්.
 
අපේ ජාතිය ඇරඹෙන්නේ සිංහයකුගෙන් කියලා අපි කියනවා. 
 
අපේ ජාතික කොඩියටත් සිංහ රූපය ඇතුළුවෙලා. 
 
නිකම් ම නිකම් සිංහ රූපයකුත් නෙවෙයි. 
 
අපිට ඉන්නේ කඩුවක් අතින් ගත්ත සිංහයෙක්.
 
 
මොකක්ද මේ කඩුව? 
අත් පා බැඳලා දාලා ඉන්න කෙනෙකුට ඒකෙන් නිදහසක් වෙන්න පුළුවන් ඒ විදිහට බැන්ද රැහැන් කපලා දාන්න පුළුවන් නම් විතරයි.
බුද්ධාගමෙන් කියන විදිහට අපේ මනසත් විවිධ බැමිවලින් වෙලිලා තියෙන්නේ. 
අපි සංසාරයේ දුක් විඳින්නේ මේ බැමි හින්දා. 
ඉතින් මේ බැමි කපාදාන්න පුළුවන් නම් විතරයි අපිට අපි පතන උතුම් වූ නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.''
 
අත් පා බැඳලා දාලා ඉන්න කෙනෙකුට ඒකෙන් නිදහසක් වෙන්න පුළුවන් ඒ විදිහට බැන්ද රැහැන් කපලා දාන්න පුළුවන් නම් විතරයි.
 
 බුද්ධාගමෙන් කියන විදිහට අපේ මනසත් විවිධ බැමිවලින් වෙලිලා තියෙන්නේ. 
 
අපි සංසාරයේ දුක් විඳින්නේ මේ බැමි හින්දා. 
 
ඉතින් මේ බැමි කපාදාන්න පුළුවන් නම් විතරයි අපිට අපි පතන උතුම් වූ නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ.
 
 මේ බැමි කපන්න පුළුවන්වෙන්නේ ප්‍රඥාව නමැති කඩුවෙන්.
 
කඩුව කියන්නේ ප්‍රඥාවේ සංකේතය. 
 
ඒකත් බෞද්ධයන් ගේ සංකේතයක්. 
 
Manju Sri Buddha
උදාහරණයක් විදිහට කියනවා නම් ප්‍රඥාවට අධිපති මංජු ශ්‍රී බෝධිසත්වයන්වහන්සේට වඳින පුදින බෞද්ධයෝ උන්වහන්සේ අතටත් කඩුවක් දීලා තියෙනවා. 
 
ඒකෙන් නිරූපණය වෙන්නේ උන්වහන්සේ ගේ ප්‍රඥාව.
 
අපේ ජාතියේ සංකේතය කඩුවක් අතින් ගත්ත සිංහයෙක්. 
 
ගේබ්රියල් ගාර්සියා මාකේස් ගේ නිර්මාණවල, ෆ්‍රාන්ස් කෆ්කා ගේ නිර්මාණවල සංකේත කියවන අපේ සමහර අය සිංහ කොඩියේ ඉන්න සිංහයාව දකින්නේ තිරිසනෙක් විදිහට විතරයි. 
 
ඉතින් “තිරිසනෙක් ඉන්න එක ම ජාතික කොඩිය තියෙන්නේ අපේ රටේ” වගේ කතා කියන අය අපි අතර ම ඉන්නවා.
 
අපි නැවතත් හිතමු.
 
අපේ ජාතික කොඩියේ ඉන්නා මේ සිංහයා කවුද?
 
 (වරුණ චන්ද්‍රකීර්ති - gammiris.lk)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්