දිලිත් ජයවීර තම පශ්චාත් දෟෂ්ඨිවාදී දේශපාලනයේ (post ideological politics)නියමු කාර්ය භාරයේ අවසාන ඉනිමට පැමිනෙමින් තිබේද????
උපාය මාර්ගික දේශපාලන සන්නිවේදනය පිලිබඳව උනන්දුවක් දක්වන අප වැනි පුද්ගලයන් දිලිත් නායකත්වය දෙන 'දෙරන' හා 'අරුන 'පුවත්පත් හරහා රටේ දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීම පිලිබඳව බලාසිටින්නේ උනන්දුවෙනි.
අපට අනුව දිලිත් කරන්නේ පශ්චාත් දෟෂ්ඨිමය දේශපාලනික අවකාෂයක තුල තම මාධ්‍ය හරහා දේශපාලනික ඉලක්කයක් ජය ගැනීමට කටයුතු කිරීමයි.
ඒ අර්ථයෙන් ඔහු 'හිරු' නාලිකාව හසුරුවන රේනෝ ගෙන් හෝ 'මව්බිම' හසුරුවන ටිරාන් ගෙන් වෙනස් වන්නේය. ඒ සන්නිවේදනය තුලය.
එසේම ඔහුගේ සන්නිවේදන කලාව හරහා බැසිල් තම පොහොට්ටුව පක්ෂයේ සමාජිකයන් හසුරුවනවාට වඩා වේගයෙන් 'දෙරන 'හරහා ගෝඨාබය වෙනුවෙන් මේ රටේ පුරවැසියන් හැසිරවීමට සමත්වුයේය. එම නිසාම බැසිල්ට හිමිව තිබු ඡන්ද මිලියන 5 ක සීමාව මිලියන 6.9 දක්වා ගෙන ඒමට දිලිත් තම සන්නිවේදනය හරහා සමත්වී තිබුනේය.
එසේම ඔහුගේ සන්නිවේදන කලාව හරහා බැසිල් තම පොහොට්ටුව පක්ෂයේ සමාජිකයන් හසුරුවනවාට වඩා වේගයෙන් 'දෙරන 'හරහා ගෝඨාබය වෙනුවෙන් මේ රටේ පුරවැසියන් හැසිරවීමට සමත්වුයේය. එම නිසාම බැසිල්ට හිමිව තිබු ඡන්ද මිලියන 5 ක සීමාව මිලියන 6.9 දක්වා ගෙන ඒමට දිලිත් තම සන්නිවේදනය හරහා සමත්වී තිබුනේය.
එසේම ජනාධිපතිවරනයෙන් පසුව පොහොට්ටු පක්ෂයෙන් තම පාක්ෂිකයන් අරබයා කලයුතු අභ්‍යන්තර සන්නිවේදනය මෙන්ම ජනාධිපති ප්රමුඛ ආන්ඩුවේ බාහිර මුලෝපායික සන්නිවේදනයේ කාර්ය භාරයද කරට ගත්තේ දිලිත් ප්රමුඛ දෙරන රූපවාහිනියයි.
ඒ අර්ථයෙන් ගත් කල දිලිත් ප්රමුඛ 'දෙරන-අරුන' මාධ්‍ය ජාලය ආන්ඩුව හා පක්ෂය යන සමාජ ව්‍යුහයන් විස්තාපනය කොට රාජ්‍ය කරනයද දේශපාලනයද තම සන්නිවේදනයේ ඒකාධිකාරිය යටතට ගනු ලැබුයේය.
ගෝඨාභය පාලනයේ පලමු වසර තුල දක්නට ලැබුනු දේශපාලනය ඒ අනුව හසුරුවනු ලැබුයේ දිලිත් විසින් කිවහොත් එය අතිශෝක්තියක් නොවේ.
බැසිල්ගේ දේශපාලනික භුමිකාවද දිලිත්ට ද්විතික වන්නේය.
ඒ අරුතින් ගත් කල බැසිල්ගේ දේශපාලනික භුමිකාවද දිලිත්ට ද්විතික වන්නේය.
අවශ්‍යනම් බැසිල් පාර්ලිමේන්තුවට පැමිනිය යුතුද නැද්ද යන්න පිලිබඳ ජනමතය පවා රැඳී පවත්නේ දිලිත් මතය. ඒ අනුව ආන්ඩුවේ දේශපාලනය දිලිත් මත මේ වනවිට අධිනිශ්චය වී ඇත්තේය.
ඒ අර්ථයෙන් ලාංකික රූපට් මර්ඩෝක් වීමට දිලිත් ආසන්නවෙමින් තිබුනි.
''අවශ්‍යනම් බැසිල් පාර්ලිමේන්තුවට පැමිනිය යුතුද නැද්ද යන්න පිලිබඳ ජනමතය පවා රැඳී පවත්නේ දිලිත් මතය. ඒ අනුව ආණ්ඩුවේ දේශපාලනය දිලිත් මත මේ වනවිට අධිනිශ්චය වී ඇත්තේය.''
දිලිත්ගේ උත්සාහයට මරු පහරක් !!
ලාංකික රූපට් මර්ඩෝක් වීමට ආසන්න වෙමින් සිටී දිලිත්ගේ උත්සාහයට මරු පහරක් එල්ල වෙමින් තිබේ.
නමුත් දිලිත්ගේ මෙකී උත්සාහයට මරු පහරක් සන්නිවේදනාත්මකව මේ වනවිට එල්ල වෙමින් තිබේ.
එකක් වන්නේ දිලිත්ගේ සමාජ/දේශපාලනික පරිචය සමාජය ඉදිරියේම පරීක්ෂාවට ලක්කෙරෙන ඇන්ටිජන් පරීක්ෂන කට්ටල ආනයනය කිරීමට අදාලව දිලිත්ට හිමි ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට එල්ලවී ඇති දෝෂාරෝපනයයි.
දෙවැන්න්න දිලිත් ගේ ප්‍රධාන දේශපාලන ව්‍යපෟතිය වන ජනාධිපතිවරයා ගේ රාජ්‍ය පාලන පරිචයට අදාලව සමාජය විසින් ගෝඨා ෆේල් යන සමාජ පාඨයයි.
මේ වන විට 'දෙරන' මාධ්‍ය මෙම කලාප දෙක තුලම තම සන්නිවේදන සංග්‍රාමය අරඹා තිබේ.
අපට පෙනෙන ආකාරයට ඒ සඳහා මොවුන් භාවිතා කරමින් සිටින්නාවු උපක්‍රමය වී ඇත්තේ විෂෙන් විෂ නැසීමටය.
ඒ සඳහා විෂයගත අරගලයන්හි හි ප්‍රධාන නලුවන්ම (කාරකයන් හා සාධක) වේදිකාවට කැඳවා තිබේ.
දිලිත් මේ පැමිනෙමින් සිටින්නේ තම කාර්ය භාරයේ අවසාන ඉනිමට බව අප පවසන්නේ එකී කාර්ය භාරයේ ස්වරූපය සලකා බලන කල්හිය.
පශ්චාත් දෟෂ්ඨිවාදි දේශපාලනය (post ideological politics) යනු තව දුරටත් සම්ප්‍රදයික ආයතන වන පක්ෂය හා නායකයින් විසින් නොහසුරුවන දේෂපාලනික දෟෂ්ඨියක පැවැත්ම ඇති දේශපාලනික අවකාෂයයි.
පශ්චාත් දෟෂ්ඨිවාදි දේශපාලනය (post ideological politics) යනු තව දුරටත් සම්ප්‍රදයික ආයතන වන පක්ෂය හා නායකයින් විසින් නොහසුරුවන දේෂපාලනික දෟෂ්ඨියක පැවැත්ම ඇති දේශපාලනික අවකාෂයයි.
එම දෟෂ්ඨිය හසුරුවන්නේ ගොඩනඟනු ලැබු (constructed) සදාචාරවාදී (morality ) ආඛ්‍යනයක් (narrative) මතය.
එම ආඛ්‍යානය නිපදවන්නේ දසම්ප්රදායිකව දේශපාලනික නොවන සමාජමය ආයතන මගිනි.
මාගේ තේරුම් ගැනීමට අනුව දිලිත් දෙරන හරහා ගොඩ නැගු ආඛ්‍යානයට ඉහතින් දැක්වු සමාජ පාඨ දෙක මගින් බරපතල අභියෝගයක් මතු කර තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ දිලිත් ගේ ආඛ්‍යානයේ පිටුපස පවතින කර්තෘත්වය ඒ තුල පවතින පනිවිඩයද එය සංසරනය කරන පනිවිඩකරුගේ චර්යාවන් ද සමාජය ඉදිරියේ ප්රශ්නගතවීම ඇරඹී තිබේ.
එමගින් තව තවත් එකී ආඛ්‍යානය ගර්හිත භාවයට පත්වන ලකුනු පෙන්වමින් තිබේ.
වැඩ කරන විරුවාට වැඩ බැරි බවත් එහි කර්තෘ දිලිත් යනු ඔය කියන අන්දමේ රටට ආදරය කරන ජනාවගේ කොටස්කරුවකු නොවන බවත් ඒත්තු ගිය හොත් දිලිත් ගේ දේශපාලන ව්‍යාපෘතිය බිඳ වැටෙන්නේ ව්‍යාපෘතිය අරඹා වසරක් ගතවුනු කලකදීය.
එහෙම වුනොත් "15 කට කරපු හරියක් "යන්න අසම්පුර්න ටැග් ලයින් එකක් වනවා නියතය.
අප බලන්නේ දිලිත් panic නොවී වැඩේ පුරුද්දන ආකාරය දෙසය.
(නීතිඥ ශිරාල් ලක්තිලක)