මේ ප්‍රශ්නය මරණ කිසිවක් සිදුනොවි විසඳන්න බැහැ කියන
යතාර්ථය මිනිස්සුන්ට කිව යුතුයි.
 
නිව්ස්ෆීඩ් එකේ උඩ ඉඳන් පහළට ගියා. 
 
ආණ්ඩුවට සහ ජනාධිපති තුමාට බණින පෝස්ට් පිරිල. 
 
හොඳක් කියන එකක් ඇත්තෙම නැති තරම්. 
 
විවිධාකාර හේතු වලට මිනිස්සු ආණ්ඩුවට බණිනව. 
 
විවේචනය කරනව. උපහාස කරනව.
 
 ජන්දෙ දීපු බොහෝ අයත් නිහඬයි.
 
 
සමාජයෙ තියන පොදු මතය බොහෝ විට අල්ලන්න පුලුවන් තැනක් බුකිය.
 
 සමහර විට අතිශය ආණ්ඩු හිතවාදී මිත්‍රයො එකඟ නොවෙන්න පුලුවන්. 
 
ඒත් මේ ආණ්ඩුව විපක්ෂයෙ ඉන්නකොට ඒ මිත්‍රයොත් මේකට එකඟ වුණා. 
 
ඒ මතය කාටවත් සල්ලි වියදම් කරල හදන්න පුලුවන් දෙයක් නෙවෙයි.
 
 
ඇයි මිනිස්සු බණින්නෙ?
 
එක. 
ඉතාම සාර්ථකව කරගෙන ගිය කොරෝනා ප්‍රශ්නය දැන් අවුලක් කියල බොහෝ අය හිතන එක. 
 
දෙක. 
මුස්ලිම්වරුන්ගෙ මෘතදේහ පිළිබඳ ප්‍රශ්නය සහ රාසික්ගෙ ලියුම.
 
තුන. 
රජය ගන්න තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාවට නැංවීම අතර තියන පරස්පරය
 
ගරු ජනාධිපතිතුමනි,⁣
ආණ්ඩුව මේ ගැන යමක් කළ යුතුයි…
 
එක. කොරෝනා ගැන මම ප්‍රාමාණිකයකු නෙවෙයි. 
හැබැයි ගෙවල් ඇතුලෙ මහපාරෙ වයසක මිනිස්සු මැරෙනව නම් ඒව ගෙවල් ඇතුලට ආවෙ පිටින් කියන එක තේරුම් ගන්න කාටත් පුලුවන් වෙන්න එපැයි. 
 
ඒ හින්ද ආණ්ඩුව යතාර්ථය පිළිගත යුතුයි. 
මිනිස්සුන්ට සරලව කියන්න මේ සත්‍යය.
 
මිනිස්සු තමන්ට පුලුවන් මට්ටමෙන් පරිස්සම් වෙනව. 
හොස්පිට්ල් වලට ඉස්සර තරම් මිනිස්සු එන්නෙ නෑ කියන එකෙන්ම අප⁣ට ඒක තේරුම් ගන්න පුලුවන්. 
ඒ පරිස්සම තව ටිකක් වැඩි වෙයි එතකොට.
 
මිනිස්සුන්ට පරිස්සමට අවශ්‍ය දේ සුලබ කරන්න. 
මාස්ක් සැනිටයිසර්ස් නොමිලෙ හරි දෙන්න. 
කාලෙකට කලින් විපක්ෂ නායකවරය කළ යෝජනාවහරි දෙයක් කියල මං හිතනව.
 
වැඩට යන මිනිස්සුන්ගෙ පරිස්සම වෙනුවෙන් මහපොලොවේ කරන්න ඕන දේවල් කරන්න. 
බස් දාන්න. කෝච්චි දාන්න. ඒවගෙ පරිස්සම වැඩි කරන්න.
 
හැම කන්ටැක්ට් එකම PCR කර කර යනවට වඩා රෝග ලක්ෂණයක් තියෙන මනුස්සය PCR කෙරෙන ක්‍රමවේදය හරිගස්සල අසනීප වෙච්ච මනුස්සයා රෝහලට ගෙන එන ක්‍රමවේදය හරිගස්සන්න. 
 
අපි ලෙඩේ හැදුණත් ඔබව රැකගන්නව කියන විශ්වාසය මිනිස්සුන්ට දෙන්න. 
 
කොරෝන කියන්නෙ සමාජ රෝගයක් කියල මත හදන මෝඩ මාධ්‍යවලට නියාමනයක් කරන්න.
 
සෞඛ්‍ය අංශවලට උපරිම ආරක්ෂාව දෙන්න. 
 
ගෙවල්වල ඉන්න හොරගෙඩියන්ට නෙවි තමන් ලඟට එන සියලු ජාතියෙ රෝගීන්ව අවදානම නොතකා බලන අයට විශ්වාසය සහ ගරුත්වය දෙන්න.
 
පාසල්, විශ්ව විද්‍යාල විවෘත කරගත යුතුයි හැකි ඉක්මණට. 
ඒක කරන්නෙ කොහොමද කියල හොයල බලන්න. 
ලෝකයෙ බොහෝ රටවල ලොක්ඩවුන් කිව්වට පාසල් විවෘතයි. 
රට ඉස්සරහට යා යුතුයි.
 
රට වහලා මේ ප්‍රශ්නය විසඳන්නබැරි බවත් කියන්න. 
රටේ ආර්ථිකය රැකගත යුතු බවත් කියන්න.
 
එය ජනාධිපතිතුමා විසින් කළ යුත්තක්. 
ජනතාව බලය දුන්නේ ඔබට. 
අපි පරිස්සම් වෙලා රටත් ඇරගෙන මේකට මුහුණ දෙමු කියන පණිවිඩය මිනිස්සු ඉස්සරහට ඇවිත් කියන්න. එතකොටයි මිනිස්සුන්ට විශ්වාසය හැදෙන්නෙ.
 
මුස්ලිම්වරුන්ගෙ මෘතදේහ පිළිබඳ කාරණාව ඒ අය දැඩි ලෙස සංවේදි දෙයක් නම් රජය ඒගැන සිතා බැලිය යුතුයි. 
 
හොඳම දේ දේශපාලන තීරණයකට වඩා විද්වත් කමිටුවකට වැඩේ බාරදීල දවස් දෙකෙන් වාර්තාවක් ඇරන් කෙලින් තීරණයක් ගන්න එක. 
 
එක දෙයක් කියන්න ඕන…
මුස්ලිම් සමාජයෙන් අප මීට වඩා වගකීම් සහගත හැසිරීමක් බලාපොරොත්තු වෙනව කියන එක. 
 
ඇත්ත ප්‍රශ්නය විය යුත්තෙ ජීවිත ⁣බේරගන්නෙ කොහාමද කියන එක මිසක් මැරුණට පස්සෙ වලදාන එක හෝ ගිනි තියන එක නොවිය යුතුයි සරලවම.
 
රජයෙ ඇමතිවරුන්ගෙන් සහ මන්ත්‍රීවරුන්ගෙන් මීට වඩා වගකීම් සහගත ක්‍රියාකලාපයක් මිනිස්සු ඉල්ලනව. 
 
ලොක්ඩවුන් පැතිවල මිනිස්සු කනවද බොනවද හොයල බලන්න. 
ආණ්ඩුවෙ සල්ලි නැත්නම් තමන්ගෙ මුදලින් හරි කන්න ටික දෙන්න. 
දුක සැප හොයල බලන්න. 
 
මිනිස්සු මහා බලාපොරොත්තු තොගයක් හිතේ තියන් ඔබලව බලයට ගෙනාවෙ. 
ජනාධිපති වරයා ගන්න තීරණ මහපොළොවේ වෙනවද කියන දේ හොයල බලන එක සහ රජයේ නිලධාරින්ට උදව් කරන එක ඔබ සතු වගකීමක්.
 
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි…
 
මේ ප්‍රශ්නය මරණ කිසිවක් සිදුනොවි විසඳන්න බැහැ කියන යතාර්ථය මිනිස්සුන්ට කිව යුතුයි.
 
 අපේ වගේ දුප්පත් රටකට කොහොමත්ම එහෙම නැතුව බැහැ. 
 
වැක්සීන් එකක් එනකන් රට ඇදගෙන යන්න ඕන. 
 
රජය ඒ සඳහා මිනිස්සුන්ට උදව් කරන්න ඕන. රජය මිනිස්සු සමග ඉන්නවාය කියන විශ්වාසය දෙන්න ඕන. 
 
හැමෝම තමන්ගෙ වගකීම තේරුම් ඇරන් වැඩ කරන්න ඕන.
 
එච්චරයි…. මාතෘ භූමියට ජය වේවා…
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්