ලංකාවේ මිනිස්සුන්ට දේශපාලන සාක්ෂරතාවයක් තියෙන විත්තිය, අපේ ඇස් පනාපිට ඔප්පු වුන අවස්තාව
තමා ගෝඨාභය රාජපක්ෂ වගේ සාම්ප්‍රදායික දේශපාලන මිනුම්දඩු වලට නොගැලපෙන මිනිහෙක් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද පරතරයකින්, හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක ජනාධිපතිවරයා බවට පත්කරගත්ත වෙලාව. 
 
පවුලේ අනිත් අය කියන නිසාවත්, 
 
අරක්කු බත් පැකට් දෙන නිසාවත්, 
 
මළගෙදර මගුල් ගෙදර බෙදන පච නිසාවත්,
 
යාළුවො කියන නිසාවත් නැතුව, අහල බලල කියවල තෝරලා, ඡන්ද පොලට ගිහින් ඡන්දය දාපු අපේ පරම්පරාව නිසා ඇත්තටම ගෙදර ඉදන් වැඩට එන, රෑ වෙනකන් ඔෆිස් එකේ වැඩකරන, වැරැද්දට කෑ ගහල බනින, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනා.
 
යුද්ධයට ගිහින් හමුදා සෙබළු විදියට පණ දීමෙන් පස්සේ අපේ පරම්පරාව මැදිහත්වුන අයිතිහාසිකම ජාතික තීන්දුව ඒක. 
 
 
ඒ තීන්දුවට දැන් අවුරුද්දක්.
 
අද කරපු සංවාදයකදී ඒ නිවේදිකාව මගෙන් ඇහුවා ‘සර් ෆෙල්ද? කියල’ .
 
මගේ උත්තරය තමා, ඒ ප්‍රශ්නය අහන්න ඔබ නොදන්නවා වුනාට විශාල මුදලක් වියදම්කරපු ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් දියත්වෙලා තියෙනවා. 
 
ඒ නිසා පාස්ද ෆෙල්ද කියලා අහන ප්‍රශ්නය ඇතුලේ, අපි මොන උත්තරය දුන්නත්, මනෝ මුලිකව පරාජිත හැගීමක් ස්ථාපනය කරලා ඉවරයි. 
 
හරින් ප්‍රනාන්දුගේ කණ්ඩායම විසින් ලක්ෂ ගාණක් මුදල් ගෙවා කරන මේ කැම්පේන් එකට දැන හෝ නොදැන අපිත් උත්තර දෙන්න යනවා.
 
අද විපක්ෂ දේශපාලනය සම්පුර්ණයෙන්ම වොයිස් කට්, මාධ්‍ය සංදර්ශන, ටීවී විවාද කෑලි වලට සීමා වෙලා, පොලවේ මිනිස්සුන්ගෙන් දුරස්වෙලා තියෙනවා. 
 
ඒ නිසා තමා ‘ජනබලය කොළඹට’, මහින්ද සුළග, ඒකාබද්ධ විපක්ෂය, මැයි රැළිය වගේ දැවැන්ත විපක්ෂ දේශපාලන ව්‍යාපාර වෙනුවට හරින්, නලීන් වගේ අය තානාපති කාර්යාලවල උදව්වෙන් ගෝඨා ෆේල් වගේ මනොමුලික කැම්පේන් කරන්නේ. 
 
ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මේ ප්‍රශ්න අහන්නේ ඇයි කියල තේරුම්ගන්න එක විද්‍යාත්මක කාරණයක්.
 
 
රට සමත්ද?’ 
 
මගේ යෝජනාව නම් අපේ සංවාදයේ කේන්ද්‍රිය ප්‍රශ්නය විය යුත්තේ ‘රට සමත්ද?’ කියන එකයි. 
 
කවුරු පාස් වුනත්, කවුරු ෆේල් වුනත්, කවුරු ලකුණු දුන්නත්, කවුරු රිසල්ට් දුන්නත්, වැදගත් වෙන්නේ අන්තිමට ‘රට සමත්ද?’ කියන එක. 
 
‘ගෝඨාභය පාස්ද ෆෙල්ද’ කියන ප්‍රශ්නය සමගි ජනබලවේගය අහන්නෙම එයාල හිතනවා ආණ්ඩුවක් හැදුවම රට අයිති ආණ්ඩුව කරන එවුන්ට කියලා. 
 
ඒ නිසා තමයි එයාල මිනිස්සුන්ගෙන් අහන්නේ නැතුව වරාය සහ එයාපෝට් එක විකිණුවේ. ඉතුරු ටිකත් සල්පිලට දැම්මේ.
 
ඒ ආත්මාර්ථකාමී සහ බලකාමී මානසිකත්වයේ ඉදන් තමයි ‘රට ගැන නොසොයා’ ගෝඨාභයට පෞද්ගලිකව ගහන්නේ. 
 
හැබැයි ‘රට’ සහ ‘රටේ මිනිස්සු’ ගොඩ දැමීමේ පරමාර්ථයෙන් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් හදපු මිනිස්සු විදියට අපි සාකච්චා කලයුත්තේ, අවුරුද්දකට පස්සේ රට තියෙන තැන ගැනයි.
 
- ගෝඨාභය රාජපක්ෂට කරගහන්න වුනේ ෆේල් වුන ආර්ථිකයකට, 
 
- ෆේල් වුන ජාතික ආරක්ෂාවකට, 
 
- ෆේල් වුන සමාජ සංස්කෘතික පරිසරයකට, 
 
- ෆේල් වුන දේශපාලන ක්‍රමයකට, 
 
- රන්ජන්ලා ෆේල් කරපු අධිකරණයකට සහ පොලීසියකට, 
 
- හකීම්ලා ෆේල් කරපු ජාති ආගම් සංස්ථාවකට, 
 
- බදුයිදීන්ලා ෆේල් කරපු පරිසරයකට, 
 
- රනිල්ලා ෆේල් කරවපු යටිතල පහසුකම් වලට, 
 
- හරින්ලා ෆේල් කරවපු ඩිජිටල් තාක්ෂණයකට, 
 
- රවීලා ෆේල් කරවපු සංවර්ධනයකට. 
 
එහෙව් ෆේල් රටක මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් හදල දුන්නේ රට සමත් කරවල දෙන්න කියලා. 
 
තමුන්ගේ පෞද්ගලික සුඛ විහරණය පාස්ද ෆෙල්ද කියල බලන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහන්සිවෙන්නේ අන්න ඒ ජනතා අභිලාශය සමත්කරවන්න.
 
- මුළු ලෝකෙම වගේ පැරදිලා ඉන්න කොරෝනා එක්ක හැප්පෙන ගමන්, 
 
- රැකියා ප්‍රශ්නය විසදන ගමන්, 
 
- බැංකු පොලී අනුපාතය අඩුකරන ගමන්, 
 
- ආනයන අපනයන පරතරය කළමනාකරණය කරන ගමන්, 
 
- පාර්ලිමේන්තුවක් හදාගන්න ගමන්, 
 
- ආරක්ෂක අංශවලට ආයෙත් පණදෙන ගමන්, 
 
- දේශීය කර්මාන්තකරුවන් ආරක්ශාකරන ගමන්, 
 
- ගොවියන්ට දිරිදෙන ගමන්, 
 
- කැඩිච්ච පාරවල් බෝක්කු ටික හදන ගමන්, 
 
- පන්සල් පල්ලි කෝවිල් ටික ආරක්ශාකරන ගමන්, 
 
- පාතාලය මඩින ගමන්, 
 
- විපක්ෂයේ පච සහ බොරු උගුල් වලින් බේරෙන ගමන්, 
 
- පොලීසිය සුද්ධ කරන ගමන්, 
 
- රාජ්‍ය යාන්ත්‍රණය නිසිමගට ගේන ගමන්, 
 
ගෝඨාභය රාජපක්ෂ අවුරුද්දක් ඇතුලේ රට සමත් කරවපු හැටි ඕනෑතරම් හොයාගෙන කියවන්න, බලන්න පුළුවන්.
 
 
දේශපාලන ප්‍රශ්න පත්තරේ ලකුණු දෙන්නේ මිනිස්සු. 
 
දේශපාලන ප්‍රශ්න පත්තරේ ලකුණු දෙන්නේ මිනිස්සු. 
 
- ඒ නිසා ජනතා අභිලාෂයන් සමත් කරවන දිශානතියකට රට යනවද කියල, හරින්ගෙන් නෙමෙයි බස් එකේ කෝච්චියේ වැඩට එන මිනිස්සුන්ගෙන් අහන්න.
 
- පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න. 
 
- රාජ්‍ය සේවකයන්ගෙන් අහන්න. 
 
- කොරෝනා ලෙඩ්ඩු එක්ක පොරබදන නර්ස්ලගෙන් අහන්න. 
 
- යුද්ධ කරපු සොල්දාදුවන්ගෙන් අහන්න. 
 
- අලුත් ව්‍යාපාර පටන්ගත්ත තරුණයන්ගෙන් අහන්න. 
 
- කුබුරු කොටන ගොවියන්ගෙන් අහන්න. 
 
- යාපනේ ඉදන් කොලබ එන්න බලන් ඉන්න කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අහන්න. 
 
- අන්තවාදය නිසා පීඩා විදින මුස්ලිම් මිනිස්සුන්ගෙන් අහන්න.
 
ඒ මිනිස්සු කියාවි ඇයි ඒ අයගේ ජීවිත ‘සමත්’ වෙමින් තියෙන්නේ කියල.
 
අවුරුද්දක් කියන්නනේ පහෙන් එකක්. 
ගමන තවම එහෙම්මමයි.
 
ගෝඨාභය ජනාධිපතිතුමණි, 
එකතුවෙලා රට ‘සමත්’ කරවමු. 
 
 
 
milinda R s(මිලින්ද රාජපක්ෂ)
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්