ලෝක ක්‍රීඩා වංශකතාවේ පුරාවෘත්තයක් බඳු ඩියගෝ මැරඩෝනාගේ නික්ම යෑම
ලෝකයේම ක්‍රීඩා ලෝලීන් සංවේගයට පත් කර තිබෙනවා. 
 
Diego Maradona.2
 
ලොව වඩාත්ම ජනප්‍රියම ක්‍රීඩාව වූ පාපන්දු ක්‍රීඩාවේ එදා මෙදා තුර බිහි වූ ආකර්ෂණීයම තාරකාව මැරඩෝනා බවයි කියැවෙන්නේ. 
 
ශ්‍රේෂ්ඨත්වය අතින් වුවත් බ්‍රසීලයේ පේලේ හා සම තත්ත්වයේ සිටීමට හැකි වූයේ මැරඩෝනාට පමණයි.
 
මේ අද්විතීය ක්‍රීඩකයාගේ වටිනාකම කෙතරම්ද යත් ඒ යුගයේ ක්‍රීඩක හුවමාරුව සඳහා ලෝක වාර්තා 2 ක්ම ලියැවුණේත් ඔහු නමින්. 
 
වරක් මැරඩෝනාව Boca Juniors කණ්ඩායමේ සිට FC Barcelona කණ්ඩායමට හුවමාරු කිරීමට පවුම් මිලියන 5ක් ගෙවීමට සිදු වූ අතර FC Barcelona සිට Napoli වෙත ඔහුව ලබා ගැනීමට තවත් පවුම් මිලියන 6.9ක් ගෙවීමට සිදුවුණා. 
 
කොහොම නමුත් 1986 දී මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන තරඟයේදී එංගලන්තයට එරෙහිව ලබා ගත් කුප්‍රකට දෙවියන්ගේ හස්තය (Hand of the God) නම් ගෝලය ඉතා ආන්දෝලනාත්මක වුණා. 
 
මේ ගෝලය මැරඩෝනාව එකවර වීරයෙකු හා දුෂ්ඨයෙකු බවට පත් කළා.
 
Hand of the God 1986
 
ලෝක කුසලාන අර්ධ අවසාන පූර්ව තරඟයක් වූ මෙය පැවැත්වුනේ ඉතා නොසන්සුන් වටපිටාවක. 
 
බ්‍රිතාන්‍යය හා ආජන්ටිනාව අතර ෆෝක්ලන්ඩ් යුද්ධය නමින් හැඳින්වෙන අප්‍රකාශිත සති දහයේ යුද්ධය නිමා වසර 4ක් ගත වී තිබුණත් එහි උණුසුම පහව ගිහින් තිබුණේ නැහැ.
 
 දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ෆෝක්ලන්ඩ් දූපතේ අයිතිය සම්බන්ධයෙන් පැවති මේ යුද්ධයෙන් බ්‍රිතාන්‍යය ජයගත්තත් දෙපැත්තේම සෙබළුන් 950ක් පමණ මියගොස් තිබුණා. 
 
දැඩි ආරක්ෂාව මධ්‍යයේ පැවති මෙම තරඟයේ පළමු අර්ධය හමාර වන විටත් දෙපිළම 0-0 ලෙස සම තත්ත්වයේ සිටියා.
 
දෙවැනි අර්ධය ආරම්භ වත්ම තමයි මැරඩෝනාගේ ඓතිහාසික දේව හස්තය ක්‍රියාත්මක වුණේ. 
 
ඒ ගෝලය අතේ වැදී ගිය බවට සැකයක් මතු වුණත් තාක්ෂණය අද තරම් දියුණු නැති ඒ කාලයේ ඒ "දේව හස්තය" ආජන්ටිනාවට වාසනාව ගෙන ආවා. 
 
ඉංග්‍රීසි ක්‍රීඩකයන් මැරඩෝනාට කහ කාඩ් පත නිකුත් කරන ලෙස ඉල්ලා සිටියත් විනිසුරුවන් එය ප්‍රතික්ෂේප කළා.
 
එය කෙතරම් ප්‍රශ්ණකාරී ගෝලයක් වුවත් ඊට මිනිත්තු 4 කට පසු මැරඩෝනා විසින්ම තවත් ගෝලයක් වාර්තා කළා.
 
එය ලෝක පාපන්දු ඉතිහාසයේ අද්විතීයම ගෝලය ලෙසයි සැළකෙන්නේ. 
 
පසුව FIFA විසින් එය සියවසේ ගෝලය හෙවත් Goal of the Century නමින් නම් කළා. 
 

Diego Maradona.1

 
 
සැබැවින්ම එය ආශ්චර්යයක්. 
 
බ්‍රිතාන්‍යයෙන් ෆෝක්ලන්ඩ් යුද්ධයේ පලිය ගත් ආජන්ටිනාව 2-1ක් ලෙස ජයග්‍රහණය කළා. 
 
ඉන් දින 4 කට පසු බටහිර ජර්මනිය පරාජය කරමින් ආජන්ටිනාව ලෝක කුසලානය දිනා ගත්තත් දෙවියන්ගේ ගෝලය හා සියවසේ ගෝලය යන ගෝල ද්විත්වය වාර්තා වුණු මේ තරඟය පාපන්දු ඉතිහාසයේ අමරණීය රාත්‍රියක් සටහන් කළා.
 
ආජන්ටිනා ජාතිකයන් මැරඩෝනාට සැළකුවේ දේව දූතයෙකුට වගේ. 
 
ඒත් බ්‍රිතාන්‍යයනම් මැරඩෝනාව දැක්කේ යක්ෂයෙක් වගේ. 
 
විශ්මය ජනක දෙවන ගෝලය නිසා ආන්දෝනාත්මක පළමු ගෝලය ගැන ලෝකයට අමතක වුණත් බ්‍රිතාන්‍ය පුවත් පත් වලට අදත් ඒ අමිහිරි පරාජය අමතක නැහැ.
 
පසු කළෙක මැරඩෝනා ඒ ගෝලය තමන්ගේ අතේ වැදී ගිය ගෝලයක් බව පිළිගත්තා. ඒත් ඔහු ඒ ගැන කිව්වේ මෙහෙමයි.
 
"මැරඩෝනාගේ හිසෙන් කොටසකුත් හා දෙවියන්ගේ අතින් කොටසකුත් එක්ව ලබාගත් ගෝලයක්"
 
ඒ කොහොම වෙතත් මැරඩෝනාගේ ශ්‍රේෂ්ඨත්වයට ඒ කිසිවෙකින් බාධා වුණේ නැහැ. 
 
පසුකාලයක කෙතරම් ලෝක පූජිත ක්‍රීඩකයන් බිහි වුණත් "මැරඩෝනා රැල්ල" තරම් ගලාගෙන ගියේ නැහැ. 
 
ලෝක පූජිත බ්‍රසීල ක්‍රීඩල පේලේ හා සම තැනට එන්නට මැරඩෝනාට එක රැයෙන් හැකි වුණා.
 
ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ 'හදවතේ ක්‍රීඩකයා' වුණේ ඔහුයි.
 
Diego Maradona
 
 Maradona යන්න පසු කළෙක ආකර්ෂණීය වෙළෙඳ නාමයක් බවටත් පත්වුණා.
 
පසු කළෙක තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණත් ඔහු පාපන්දු පුහුණු කරුවෙකු ලෙස ආජන්ටිනාවට විශාල සේවයක් කළා. 
 
ඔහුගේ නික්ම යෑමෙන් සමස්ත ආජන්ටිනාවම හඬා වැටෙනවා. 
 
බ්‍රිතාන්‍යයේ Daily mirror පුවත්පත මේ මහා ක්‍රීඩකයාගේ මරණය වාර්තා කර තිබුණේ මෙහෙමයි.
 
ඔහු දෙවියන්ගේ සුරතට..
He's in the hands of God
Diego Maradona.3 
ඇත්තෙන්ම ජාති,ආගම්,ගෝත්‍ර වලට බෙදී ගින්නෙන් දැවෙන ලෝකයකට සාමය හා ආනන්දය ලබා දීමට දෙවියන් විසින් දිගුකළ හස්තයක් තමයි ඩියගෝ මැරඩෝනා කියන්නේ.
 
ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක පෙලේ තම අසල්වැසි ගමන් සගයාගේ වියෝවෙන් මහත් කම්පාවට පත්ව සිටිනවා.
 
"One day, I hope we can play ball together in the sky"
"කවදා හෝ අපි ස්වර්ගයේදී එක්ව ක්‍රීඩා කරමු."
 
පෙලේගේ පැතුම එයයි.
 
 (සටහන -Shanaka Madhushan Liyanagama)
(උපුටා ගැනීම -ලෝකය එකම යායක් The world is one Field)
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්