'නවකතා විනිශ්චය මණ්ඩලවල ඉන්නෙත් කාට හරි ගහන්න හිතාගෙන ඉන්න අය.
ඉතින් ස්වර්ණ පුස්තක වෙන්නෙ වචන ගල්මුල් හැටියට භාවිතා කරමින් ලියන කතා. මොකද විනිශ්චය මණ්ඩල සාහිත්‍යය කියලා හිතාගෙන ඉන්නෙ ඒක.''
'නවකතා විනිශ්චය මණ්ඩලවල ඉන්නෙත් කාට හරි ගහන්න හිතාගෙන ඉන්න අය. ඉතින් ස්වර්ණ පුස්තක වෙන්නෙ වචන ගල්මුල් හැටියට භාවිතා කරමින් ලියන කතා. මොකද විනිශ්චය මණ්ඩල සාහිත්‍යය කියලා හිතාගෙන ඉන්නෙ ඒක.''
වචනවලින් ගහන්න එපා.
වචනවලින් හිතන්න.
වචනවලින් ගහනවට වචනයක් කියනවා. ඒ තමයි බනිනවා කියන එක.
බනින එක කමක් නෑ. ඒත් වචනවලින් ගහන්න එපා.
බනින කොට වචන පාවිච්චි කිරීමේ එකම අරමුණ වචනවලින් ගහන එක. එතකොට ඒක පැහැදිලියි. විධිමත්.
ඒත් සමහර වෙලාවට ශාස්ත්‍රීය විග්රහ වගේ ලියනවා. ඒත් එතන විග්‍රහයක් නෑ. එතන තියෙන්නේ බැනීමේ අරමුණක් විතරයි.
එතන දී වෙන්නෙ වචනවලින් ගැහීමක්.
සමහර වෙලාවට අපි කාට හරි ගහන්නෙ වෙන කෙනෙකුට ප්‍රශංසා කිරීමෙන්.
බුදුහාමුදුරුවන්ට බනින්නෙ නැතිව දේවදත්තට ප්‍රශංසා කරනවා වගේ වැඩ කරනවා.
මෙතන ඇත්තටම වචන පාවිච්චි කරන්නෙ ගහන්න විතරයි. වෙන අරමුණක් නෑ.
සමහර විට අපි කාටවත් ගහන්නෙ නෑ. අපි අපි ගැන කියන්න වචන පාවිච්චි කරනවා.
උදාහරණයක් හැටියට අපි හෙළයෝ කියනවා. මේ හෙළයෝ කියන්නේ සිංහලයෝවත් නෙමෙයි.
සිංහලයන් අතරිනුත් හදාගත්ත කට්ටියක්.
ඒ වචනෙ හදාගෙන තියෙන්නෙත් අනිත් අයට ගහන්න.
මං මේ කුමාරතුංග මුනිදාස මහත්තයා ‘හෙළ’ කියන වචනෙ පාවිච්චි කරපු හැටි ගැන කියනවා නෙමෙයි.
එතන ශාස්ත්‍රීය පදනමක් තිබුණා.
ශාස්ත්‍රීය පදනමක් මතයි වචනෙ පාවිච්චි කළේ. කාටවත් ගහන්න නෙමෙයි.
ඒත් අද හෙළයෝ කියලා කියනවා.
අපි රාවණා පරපුරේ කියනවා.
මෙතන කාටවත් බැනීමක් මතුපිටින් පේන්නෙ නෑ.
ඒත් මෙතන තියෙන්නෙත් කාට හරි ගහන්න වචන පාවිච්චි කිරීමක් විතරයි.
අපි බමුණො කියලා කිව්වාම ඒකෙන් ඇත්තටම කියවෙන්නෙ උඹල වසලයෝ, අනිත් උන් වසලයෝ කියන එකමයි.
මේ වචන මේ විදිහට විග්රහ කිරීමට පදනමක් නෑ.
එතන තියෙන්නෙ අපි ලොක්කො කියන කතාව, හැඟීම විතරයි.
ඒකම දිගින් දිගටම කියාගෙන යනවා විනා, ඒ අරමුණින් වචන පාවිච්චි වෙනවා විනා එතන ශාස්ත්‍රීය විග්‍රහයක් නෑ.
ඒ විදිහට වචන පාවිච්චි කරන්න එපා. වචන ඊට වඩා වටිනවා.
වචන තියෙන්නෙ කාටවත් ගහන්න නෙමෙයි. වචන ඊට වඩා වටිනවා. වචන කියන්නෙ ගල් කැට නෙමෙයි.
උපහාසය පාවිච්චි වෙනවා. ඒත් එතනදී ප්රමුඛ වෙන්න ඕනැ ගැහීම නෙමෙයි උපහාසය.
ඒකට තමයි උපහාස රසය කියන්නෙ.
ඒත් අද උපහාසය නෑ අපහාසය විතරයි.
වචන ගල්මුල් වගේ පාවිච්චි කිරීම උපහාසය නෙමෙයි.
වචන තියෙන්නෙ යමක් විග්රහ කරන්න. එහෙම නැතිව අපිත් මුලාවේ වැටිලා අනුන්වත් මුලාවේ වට්ට්වන්න නෙමෙයි.
ඒත් අද අපි හිතන්නෙ වචන තියෙන්නෙත් අපටත් මුලා වෙලා අනුන්වත් මුලා කරන්න කියලා.
දැන් මේ විදිහට ගල්මුල් විදිහට වචන පාවිච්චි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අද වැඩියෙන් ඇත්තේ එවැනි ලියැවිලි වීම.
මනුස්සයන්ට හරි තමන්ට හරි ආදරෙන් ලියන ලියැවිලි නෑ.
කරුණාසේන ජයලත් මහත්තයා වගේ ලේඛකයන්ගේ පොත් කියවන එක වැදගත් වෙන්නෙ ඒ නිසා.
මනුස්සයන්ට ආදරෙන් වචන පාවිච්චි කරන හැටි එතකොට ඉගෙනගන්න පුළුවන්.
ඒත් අපි ඒවා කියවන්න නෑ. එතකොට අපි වචන ආදරෙන් පාවිච්චි කරන්න පුරුදු වෙනවා.
ඒත් අපට ඕනැ වචන ආදරෙන් නෙමෙයි තරහෙන් පාවිච්චි කරන්න.
ලේඛනය කියලා අපි හිතන්නෙ ඒක.
වචන තියෙන්නෙ ගහන්න, ගහගන්න නෙමෙයි හිතන්න.
ඒත් පේස්බුක් එකේ වචන වැඩියෙන් පාවිච්චි වෙන්නෙ නම් ඒකට නෙමෙයි වගේ.
නිවනට නම් අන්තිමට වචනත් අතාරින්න ඕනැලු.
ඒත් ඊට කලින් අපට වචන ගල්මුල් හැටියට පාවිච්චි කරන එක අතාරින්න වෙනවා.
ඇත්තටම සාහිත්‍යය කියන්නෙ, නවකතා කියන්නෙ වචන හිතන්න පාවිච්චි කරන අවස්ථාවක්.
ඒත් අද නවකතා ලියන්නෙත් කාට හරි ගහන්න.
නවකතා කියන්නෙත් කාට හරි ගහන්න වචන පාවිච්චි කිරීමක්.
මේ නවකතා විනිශ්චය මණ්ඩලවල ඉන්නෙත් කාට හරි ගහන්න හිතාගෙන ඉන්න අය.
ඉතින් ස්වර්ණ පුස්තක වෙන්නෙ වචන ගල්මුල් හැටියට භාවිතා කරමින් ලියන කතා.
මොකද විනිශ්චය මණ්ඩල සාහිත්‍යය කියලා හිතාගෙන ඉන්නෙ ඒක.
බොරැ ශාස්ත්‍රීය විග්රහ විලාසයෙන් කාට හෝ පහරදීම.
වචන ගල්මුල්, කැටකැබිලිති, පොලු කෑලි, මුගුරු, කුණු බිත්තර ආදිය බවට පත්කරගැනීම.
ඒක සාහිත්‍යය නෙමෙයි.
සාහිත්‍යය හිතන්නට නොපොළඹවන මාධ්‍යයක් බවට අද පත්වෙලා තියෙන්නෙ ඒ විදිහට.
සාහිත්‍යය කියන්නෙ මිනිස්සුන්ට ආදරෙන් ලියන දෙයක්.
හිතාගන්න බැරිනම් කරැණාසේන ජයලත් කියවන්න.
සාහිත්‍යය කියන්නෙ හිතන්න පොළඹවන විදිහට වචන භාවිතා කිරීමක්.
ගුත්තිලය කියවන්න.
කව්සිළුමිණ කියවන්න.
ඕනෑම තැනකදී සාහිත්‍යය විදිහට වචන පාවිච්චි කරන්න.
පද්‍ය සාහිත්‍යය, ගද්‍ය සාහිත්‍යය විදිහට සම්ප්රදායක් ඇතිකරගෙන ම තියෙන්නෙ වචන ගල්මුල් විදිහට පාවිච්චි කිරීම වැළැක්වීම සදහා.
අකුරු භාවිතා කරන ඕනෑම ලියවිල්ලක් හැඳින්විය යුත්තේ සාහිත්‍යය නමින්.
ඒකෙ දී වචන ගල්මුල් වගේ භාවිතා වෙන්න බෑ.
සාහිත්‍යය මගින් ඔප්පු කරන්නෙ වචන තියෙන්නෙ කාටවත් ගහන්න නෙමෙයි හිතන්න කියන එක.
(gammiris.lk)