උදයංග අඩි හප්පමින් කිමාලිට බැණ වදින අතර යුක්රේනය ලොක්-ඩවුනයකට ලක් විය. උදයංග ගැනත් උදයංගවාදය ගැනත් තව කුමන කතාද!
උදයංග වීරතුංග මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග ඍජුව අනන්‍ය වූවෙකි. එබැවින් යහපාලන ආණ්ඩුවේ පළිගැනීමේ කමිටුව ඔහුව ඉලක්ක කළේය.
ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ජනමතය ශක්තිමත් කිරීමට ඔහුගේ ‘වික්‍රම’ නොසෑහෙන්න දායක විය.
යහපාලන ආණ්ඩුවේ පරාජය සමග උදයංගට ‘වැඩට බහින්න’ අවස්ථාවක් නැවත උදා විය. ඒ අවසරින් යුක්රේනයෙන් සංචාරකයින් ලංකාවට ගෙන්නන්න ඔහු කටයුතු කළේය. හිටපු තානාපති (Ambassador) සංචාරක මගපෙන්වන්නෙක් (Tour Operator) විය.
ඉතින් යුක්රේනුවෝ ලංකාවට පැමිණියහ. තිදෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බැව් හෙළිවිය. නිරෝධායනය නියම විය. නිරෝධායන නියමයන් නොතකා යුක්රේනුවෝ සංචරණයේ යෙදුනහ.
පත්තු විය.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු පැවසුවේ මේ අවසර නොලත් ගමනාගමන පිළිබඳ ඇය කිසිත් නොදන්නා බවයි.
උදයංග වහාම කිමාලිට දොස් නැගුවේ ඇය මුල සිටම මේ ව්‍යාපෘතියට එරෙහි වූ බව පවසමිනි.
තමන් සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතු බව යුක්රේනුවන්ට ඇය දන්වා සිටීම මීට උදාහරණයක් යැයි ඔහු පැවසීය.
එහි ඇති වරද කුමක්ද? එවැනි කාලයක් එසේ ගත කිරීමට සිදුවන බව ඔවුනට නොකියා සිටිය යුතුද? එය රැවටීමක් නොවේද?
උදයාංගවාදය යනු ‘කොක්කෙන් බැරිනම් කෙක්කෙන්’ ද? එයම නොවේද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට හේතුව?
උදයංගලා සහ උදයංගවාදය අනුමත කරන්නෝ මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 දා විඳින්න වූ පරාජයෙන් පාඩම් උගෙන ගෙන නැති සේය.
උදයංග අඩි හප්පමින් කිමාලිට බැණ වදින අතර යුක්රේනය ලොක්-ඩවුනයකට ලක් විය. උදයංග ගැනත් උදයංගවාදය ගැනත් තව කුමන කතාද!
උදයංගලා ඉවසන, උදයංගලා ෆෝම් කරන කව්රුන් හෝ වේවා ඔවුන් නැවත 2015 ජනවාරි 8කට අත වනන්නෝ වෙති. ආණ්ඩුව වේගයෙන් උදයාංගකරණයට හසු වෙමින් පවතින බව සඳහන් කළ යුතු වේ.
(gammiris.lk- කතුවැකිය)
The Leader TV පුවත් විශේෂාංගය
ගජ මිතුරාගේ ණය පියවන්න සිගරට් මිල වැඩිකිරීමේ සුදානමක් ? (වීඩියෝ)
ආණ්ඩුවේ පහක් 'ස අන්න ලා ? - සජිත්ගේ පහක් චම්පිකට අන්නයි ද ?