ටීවී චැනල් එකක අසභ්‍ය දර්ශන පෙන්නනවා කියලා ලොකු පැමිණිල්ලක් ආවා.
 
 
මේ ගැන හොයන්න කිංබානට්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒක පුද්ගල කොමිටියක් පත් කරලා.
 
කිංබානට්තුමා පත්තරේ දැන්වීමක් කාරිය දාලා සාක්කි විමසන්න පටන් ගත්තා.
 
සාක්කි දෙන්න මුලින්ම ඇවිත් හිටියේ ගෑණු සෙට් එකක්.
 
" තමුන්ලා මොන චැනල් එකේද ඔය අසභ්‍ය දර්ශන දැක්කේ...?"
 
කිංබානට්තුමා ඇහුවා.
 
" දෙරණ ටීවී එකේ..."
 
ගෑණු සෙට් එක කිව්වා.
 
" වෙන්න බෑ...මං ඔය චැනල් එකේ සභාපතිවත් දන්නවා...මිනිහා අඳින්නෙත් සුදුමයි...ඒකේ අසභ්‍ය දර්ශන පෙන්නන්නේ නෑ..."
 
කිංබානට්තුමා පැහැදිලි කළා.
 
" ඒ වුණාට අපි දැක්කනෙ...."
 
ගෑණු සෙට් එක උත්තර දුන්නා.
 
" කවද්ද ඕක පෙන්නුවේ ...?"
 
" ගිය සඳුදා රෑ ..."
 
" මොකක්ද වැඩ සටහන ...?"
 
" 360...."
 
" 360 කියන්නේ අසභ්‍ය ඒවා පෙන්නන එකක් ද? "
 
කිංබානට්තුමා සැර දාලා ඇහුවා.
 
" ඒ වුණාට එදා පෙන්නුවානේ...."
 
" හොඳයි එදා මොනවද දැක්කේ කියලා හරියටම කියන්න පුළුවන්ද...?"
 
කිංබානට්තුමා ඉල්ලා හිටියා.
 
" නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එක සාධාරණීකරණය කරන්න හදන කොට....හදන කොට...හදන...."
 
ගෑණු සෙට් එක ඇඹරෙනවා.
 
" ඉතිං තටමන්නේ නැතුව කියනවකෝ..."
 
" නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එක සාධාරණීකරණය කරන්න හදන කොට...."
 
" ඔව්..ඉතිං....?"
 
" සංඛ අමර්ජිත් රත්තරන් ගේ කලිසම ගැලෙව්වා ...! "
 
(King Barnet)
 

 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ? 
 
 
ජනපතිගේ අලුත් කොමිසමට ජාත්‍යන්තර ප්‍රහාරයක්
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්