දේශපාලන සහ සමාජ කරුණු සම්බන්දයෙන් ඉතාම දෘඩ ලෙස හාස්‍යෝත්පාදක කාටුනයන් රැගෙන එන
චාර්ලි හෙබ්දූ (Charlie Hebdo) සඟරාව මෙවර තම ඉඩ වෙන්කර ඇත්තේ රජ පවුලේ අර්බුදය සමච්චලයට ලක්කිරීම වෙනුවෙන්. 
 
විශේෂයෙන් මෙග්සිට් (Megxit) නමින් සුපතල මේඝන් මර්කල් සහ හැරී කුමරුගේ රජ පවුලෙන් නික්ම යාම සහ ඔවුන්ගේ ඔප්රා වින්ෆ්රී (Oprah Winfrey සම්මුඛ සාකච්චාව සනිටුහන් කරමින් චාර්ලි හෙබ්දූ මෙම කාටුනය ඇඳ තිබෙනවා. 
 
මෙම සුවිශේෂ කාටූනය පිළිබඳ විචාරක මතය වී ඇත්තේ රජ පවුල පමණක් නොව අතිශයින් දේශපාලනික මරණයක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් ඇමෙරිකානු කළු ජාතිකයා පවා මෙහිදී ඔවුන් සමච්චලයට භාජනය කර ඇති වගයි. 
 
මේඝන් විසින් පවසා ඇති ''රජ පවුලෙන් නික්ම ගිය පසු මම නිදහසේ හුස්ම ගන්නවා'' යන ප්‍රකාශය සහ ඇමෙරිකානු පොලිසීය විසින් ඩේවිඩ් ෆ්ලොයිඩ් ගේ ගෙල පාගා හුස්ම හිරකර මරණයට පත්කිරීමේ අනුවේදනීය සිද්ධිය එකට එකතු කර චාර්ලි හෙබ්දූ සඟරාව මේ කාටුනය නිමකර තිබෙනවා. 
 
එක් අතකින් තවමත් රජ පවුලට ආදරය කරන බ්‍රිතාන්‍ය ජනතාව මෙම කාටූනය නිසා හිත් රිදවා ගෙන ඇතුවා මෙන්ම රැඩිකල් දේශපාලන ධාරාවන් ද ෆ්ලොයිඩ් ඝාතනය උපහාසයට ගැනීම ගැන හෙබ්දූ සමඟ හිත රිදවා ගෙන ඇති බවක් ද බැලු බැල්මට පෙනී යනවා.
 
දැඩි ලෞකිකවාදී ගතිකයක් පෙන්වන චාර්ලි හෙබ්දූ විසින් මීට කලින් මොහොමඩ් නබි තුමා පවා අවඥාවට ලක්කර ඇති අතර සියළු ශුද්ධ වූ දේ ඔවුන් මේ වනවිට අවඥාවට ලක්කර තිබෙනවා. ඒ නිසාම ඔවුන් ඉස්ලාමිය අන්තවාදී කොටස්වල ඉලක්කයක් බවටද පත්ව තිබෙනවා. 
 
මෙම ආක්‍රමණශීලි කාටූනය ගැන අදහස් දක්වන බ්‍රිතාන්‍ය ගාඩියන් සඟරාව ප්‍රකාශ කරන්නේ වර්ගවාදයේ සියළු සීමා තුළ තබා සලකා බැලුවද මෙම කාටූනය තම ප්‍රකාශනයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. 
 
කෙසේ වුවද මගේ අදහස නම් මෙම කාටූනය හෝ වෙනයම් කවර පැපරාසි කාටූනයක් නිසා හෝ චාර්ලි හෙබ්දූ කතුවරයාට වෙඩි තැබීමට කිසිවෙක් ඉක්මන් නොවිය යුතු බවයි. මිනිසුන් ඔබට ගරු කරන්නේ ඔබට ඇති ඒ සහාසික දරාසිටීමේ ගුණයත් ඇතුළත් වන පරිදි ය. එය රජ පවුලට කියා වෙනසක් නැත.
 
@ Charlie Hebdo
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 

 

 


 

 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්