කුරුදු සුරුට්ටුවක් හදුන්වා දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පැවැත්වීමේ සිද්දියෙන්
බුකියත් උනුසුම්වෙලා. ලොකු ලොකු සංවාද. ඊයේ දවසේ 'ට්‍රේන්ඩීන් ' නිව්ස් එක. භාග්‍යා දැරියගේ කතාව විතරක් නෙමෙයි, සිනි මගඩියත් යට ගිය සින් එකක් තමයි තිබුනේ. විමල්ගේ වැඩේට ලොකු ලොකු නම් තියන දේශපාලන විශ්ලේෂකයොත් පැටලිලා. 
 
මේ සිද්ධිය ගැන අදහස් දක්වමින්, 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය එයාගේ FB පිටුවේ සටහන් කිහිපයක්ම පළකරලා තියනවා. එයා ඒගැන බලන්නේ ධනාත්මක විදියට. 
 
ඇමති විමල් ලව්වම දේශීය හැලි අරක්කුත් ප්‍රවර්ධනය කරගත්ත නම් හොඳයි කියලයි උවිඳු කියන්නේ.
 
ඔහු එක් සටහනක මෙහෙම කියනවා. 
 
''ලංකාවෙ බාර් ලයිසන් තියෙන්නෙ දේශපාලඥයින්ට. ප්‍රධාන පක්‍ෂ දෙකේම අයට ඒව තියෙනව. ඒ කියන්නෙ ඒ ගොල්ල තමා මත්පැන් ප්‍රවර්ධකයො. 
ඉතිං මේ විමලෙගෙ කුරුඳු බට ප්‍රවර්ධනය ගැන විතරක් ඔච්චර කිපෙන්නෙ ඇයි කියල අහල එතුමාට සප් එකක් දෙන්න බයියෙක් නැද්ද අප්පා!!  ? 
විමලය ලව්වම හැලි අරක්කුත් ප්‍රවර්ධනය කරගත්ත නම් හොඳයිනෙ. එතකොට දේශීයනෙ. ස' නම් රාවලට ඉඩ දීල තියෙන්නෙ. 
 
#බයි_ලොජික්_සපෝර්ට්
 
 
බය නැතිව තීරණ ගන්න බ්‍රෝ!
 
UvinduKඋවිඳු කුරුකුලසූරිය තවත් සටහනක් පළකරමින් විරවංශ ඇමතිවරයාව දිරිමත් කරලා තියන්නේ, ''බය නැතිව තීරණ ගන්න බ්‍රෝ!'' කියලයි 
 
උවිඳු එතැනදී මෙහෙම කියනවා.
 
 
''ඇත්ත වශයෙන්ම විමල් වීරවංශගෙ කුරුඳු බටේ අල්ලගෙන දඟලන්න ඕනෙ නැහැ. 
 
දරුවන්ව යම් යම් දේවල්වලින් බේර ගන්න ඕනෙ. ඒක පලවෙනියට හිතන්න ඕනෙ. 
 
ඒක සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවලට අදාල දෙයක්. ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය එක්ක යන්න ඕනෙ. 
 
විමලුත් ඒව එක්ක එකතුවෙන්න ඕනෙ මේ වගේ ප්‍රචාරණ දෙන්න කලින්. 
 
ඒත් වැඩිහිටියන්ට අදාලව දේවල් සිදුවෙන්නෙ වෙනස් විදියට.
 
දියුණුව - ආර්ථිකය - මුදල් සංසරණය - ගැන එක එක මානවලින් බලනව. 
 
ඒත් ලංකාවෙ ඉඳන් ඇමරිකාව වෙනකන් උනත් තියෙන්නෙ ගමකින් ගමකට, ප්‍රාන්තයකින් ප්‍රාන්‍තයකට නොගිය මිනිස්සු ඉන්න ලෝකයක්. 
 
උදාහරණයකට මට මතකයි ඔය ජෝජ් බුශ් ඡන්දෙ ඉල්ලන කොට ගිය බීබීසී වැඩ සටහන. එතකොට මම එංගලන්තෙ. ඒකෙ පෙන්නුවෙ බුශ් කියන්නෙ ලිං මැඩියෙක්, ලෝකෙ වෙන රටකට තියා, වෙන ප්‍රාන්තෙකටවත් ගිය නැති මිනිහෙක් කියල. 
 
මම අල් ගෝර්ට තමා සපෝට් එක දුන්නෙ හිතෙන් උනත්. ඒත් ලිං මැඩිය දින්න. 
 
මේ කතාව ඒ ගැන නෙමෙයි. රටක් දියුණු වෙන්න සංචාරක කර්මාන්තය ඕනෙ නම්, එක එක පැතිවල නිශ්පාදනවලට තැනක් දෙන්න ඕනෙ. 
 
කියුබාවෙ සුරුට්ටු ලෝකෙ හොඳම සුරුට්ටු වගේ ලොකු ගාණට විකිනෙන්නෙ. 
 
ජේආර්ටත් කියුබන් සුරුට්ටු හැම අවුරුද්දෙම කැස්ත්‍රෝ එව්වනෙ. 
 
ජේආර් මැරුණෙ 80 ගානක් ජීවත් වෙලා. නරක කරපු අයට පඩි සන් දෙනව කියන එකත් බොරුකරල. 
 
ඒ වගේ ඔය කුරුඳු බටෙත් සෞඛ්‍ය පරීක්‍ෂණයකට දාල ඒ දත්ත එක්ක දේශීය සහ විදේශීය සංචාරකයින්ට විකුණන්න පුලුවන්. 
 
ඔය මීගමු පැත්තෙ හැලි අරක්කු, තව තව පැතිවල කිතුල් රා ආදී වශයෙන් එක එක නිශ්පාදන. මම මේ කියන්න ඒ වගේ ජාති විතරක් නෙමෙයි. ඒ ඒ පැත්වලට ආවේනික දේවල්. 
 
උදාහරණයකට මම 2018දි මේ යට දාන පින්තූරෙත් එක්ක සුදු ළූණු වොඩ්කයි තව පින්තූර දෙක තුනක් දාලත් ලිව්ව සටහනක්. 
 

161982825 10158816578724818 3334922593070994292 o

 
 
අර හැලි අරක්කු ප්‍රමිතියකට අනුව හදවල නීති ගත කරල ඒ පැත්තෙ සංචාරක කර්මාන්තය හදන්න පුලුවන් කියල. මේ මම එංගලන්තෙ පැත්තකට ගියාම ගත්ත පොඩි බෝතල් දෙකක්. 
 
විමල් මේ පැත්තෙන් හරි ටිකක් ඉදිරිගාමී වීම ගැන මට නම් සතුටුයි. 
 
ඔය ස' බය නැතිව ගහ වටේ රා විකුණන්න දෙන්න කියල ගම සමඟ කයියෙදි කියන්නෙ. බය නැතිව තීරණ ගන්න බ්‍රෝ!''
 
 
 
 
මංගල මොකද කියන්නේ ?
 
මේවගේ සමාජ ප්‍රශ්නවලට මැදිහත්වෙන හිටපු මුදල් ඇමති මංගල නම් තාම මේගැන 'ට්විට්' එකක් දාලා නැහැ. හැබැයි එයත් කියුබා සුරුට්ටු රසවිදින කෙනෙක්. එයා නම් බය නැතුව එයාගේ FB  පිටුවල සුරුට්ටු බොන දර්ශන පලකරලා තිබුනා.
 

e3427b85 bf2a 4d7c 8d25 dc1c05af4d83

 
 
විමල් කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි රාජිත කියයි.
 
කොහොම වුනත් කුරුදු දුම්වැටියක් හදුන්වා දීමට ඇමති විමල් වීරවංශ මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන අදහස් පල කරමින් හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න නම් විමල්ගේ 'වැඩේ' පතුරු ගහලා. රාජිත කියන්නේ, බැසිල් රාජපක්ෂයේ පාසල් මිතුරා. 
 
දුම්බීම ප්‍රවර්ධනය කිරීම වැරදි සහ නීති විරෝධි කටයුත්තක් බවත් හරිනම් විමල් වීරවංශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එලවා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියනවා. 
 
ඔහු එහෙම කිව්වේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ තිබුන මාධ්‍ය හමුවකදී.
 

 

 


 

 
The Leader TV

 

 

ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව 

 

කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද? 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්