මට ඕන ඉක්මනින්ම පොරක් වෙන්න…
යුරේනි නොෂිකලා, කරූ ජයසූරියලා, මෛත්‍රීපාලලා එතකොට ෆේස් බුක්වල, ඉන්ස්ටග්‍රෑම්වල, වට්ස්ඇප්වල කතා වෙන පොරක් වෙන්න ….
කිංබානට්තුමා හම්බුවෙන්න පොඩි කොල්ලෙක් ආවා.
” මට පොරක් වෙන්න ඕන …”
ඌ කියාපි.
” ඉතින් පොරක් වෙන්න පුලුවන් විදි ගැන හොයලා බැලුවේ නැද්ද …? “
කිංබානට්තුමා ඇහුවා.
” වොයිස් ශ්‍රී ලංකා තියෙනවා … ඩ්‍රිම් ස්ටාර් තියනවා… ලක්ෂපති තියෙනවා …”
” ඉතින් ඔය එකකට ට්‍රයි කරලා බැලුවේ නැද්ද …? “
කිංබානට්තුමා කොලුවා ගෙන් ඇහුවා.
” ට්‍රයි කළා… ඒ වුණත් මට ඕන ඉක්මනින්ම පොරක් වෙන්න… යුරේනි නොෂිකලා, කරූ ජයසූරියලා, මෛත්‍රීපාලලා එතකොට ෆේස් බුක්වල, ඉන්ස්ටග්‍රෑම්වල, වට්ස්ඇප්වල කතා වෙන පොරක් වෙන්න ….”
” එහෙනං උඹ ආණ්ඩුවට බැනපං…”
කිංබානට්තුමා කිව්වා.
” එතකොට …?”
කොලුවා ෆුල් අබ්ලික්.
” එතකොට ආණ්ඩුවෙන් උඹව නිකන්ම පොරක් කරලා දෙයි….! “
(කිංබානට් )
The Leader TV
පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!
සර්ට උදව් කරපු බුලිතල අද කෝ ?