සන්නස්ගලගෙ විඩියෝ එකක් බයියො හෝගාල ශෙයාර් කරනව ආදරෙන්. 
 
 
මමත් ඉතිං අහල බැලුව. 
 
විනාඩි 38කට වඩා තියෙනව.
 
 ඒකෙ වැදගත් පොයින්ට්ස් වගයකුත් තියෙනව. 
 
ඒත් බයියො වර්ණනා කරන්නෙ ගෝටගෙ ගම සමඟ කයියට හොදයි කියනව කියල. 
 
ගෝටගෙ ගම සමඟ වැඩේ ගැන උපුල් කියන්නෙ මේකයි සරලව කිව්වොත්: 
 
විමල් වීරවංශ කිව්ව එයාට සීගිරියෙ යන්න බැරි උනා, සිරීපාදෙ යන්න බැරි උනා දේශපාලනය කරපු නිසා. 
 
ඒ කියන්නෙ විමල්ගෙ ඇරියස් එකක්. 
 
විමල් කියන්නෙ සමාජ ව්‍යාපාරයක නියැලුන කෙනෙක්ගෙ ඇත්ත ජීවිතය ගැන. 
 
ඒකට කවුරුත් හිනාවෙන එක වැරදියි. 
 
ඒ එයා දේශපාලනයට කැපවෙච්ච නිසා. 
 
ඇයි ඒ අතීත ශ්‍රමයට ගරු කරන්න බැරි. 
 
නමුත් කරේ පුද්ගල බද්ධ වෙලා ජවිපෙ එක්ක එකතුවෙලා විමල්ට පහර දුන්න එක්ක. 
 
 
ඒ වගේ ගෝටබය ගැනත් හිතන්න. 
 
තරුණ වයස එළඹෙන කොටම හමුදවට ගිහින් පස්සෙ අයින් වෙලා ඇමරිකාවට ගිහින් ලංකාවෙ ජනාධිපතිවරය උනාම එයාට ගමත් එක්ක ලොකූ ඇරියස් එකක් තියෙනව. 
 
ඒ නිසා එයා ගමට යනව. 
 
ගමට ගිහින් ගැමියොත් එක්ක කතාකරනව. 
 
ඒ නිසා දැන් ගෝට ගමට යන එක අධ්‍යාපනිකයි. 
 
ඒක හොඳ වැඩක්.
 
දැන් විමල්ට සීගිරියෙ යන්න බැරි උනා කියන එකට කෝචොක් කරන එක වැරදියි. 
 
ඒක ඇත්ත. 
 
ඒත් ගෝටගෙ ප්‍රශ්ණෙ වෙනස්. 
 
එයා හමුදාවෙන් අයින් උනේ 91දි. 
 
ඊට පස්සෙ 2005 ජනාධිපතිවරණය වෙනකන් ඇමරිකාවෙ. 
 
ඊට පස්සෙ 2015 වෙනකන් ආරක්‍ෂක ලේකම්. 
 
තව අවුරුදු හතර හමාරක් රස්සාවක් නොකර ගෙදර. 
 
ඉතිං ඔය හමුදාවෙන් අයින් වෙලා හිටපු කාලෙ එයාට ගම් බලන්න යන්න තිබ්බනෙ. 
 
මෙතන ප්‍රශ්ණෙ තමා ගෝටට ගම එක්ක ඇරියස් එකක් තියෙනව නම් ඒක කවර් කරන්න මහජන මුදල් වැය කරන්නෙ ඇයි? 
 
අනික එයා ගමට යන්න මාසයකට පෙර ඉඳන් රාජ්‍ය නිලධාරීන් කොච්චර ඉන්දන/ බටා /සංග්‍රහ වියදම් දරාගෙන ඒ ගමට යනව ද?
 
 ඊට පස්සෙ ගෝටගෙන් අහන්න ඕන ප්‍රශ්ණ ගැන පෙරහුරුව තියෙනව. 
 
ඒකට කොච්චර මුදල් යනවද?
 
ගෝට එන දවසෙ උත්සවයට කොච්චර වියදම් කරනවද? 
 
එක එක පුද්ගලයින්ගෙ ඇරියස් කවර් කරගන්න මහජන මුදල් වැයකරන එක හරිද? 
 
ජනධිපති වෙන්න කලින් තමන්ගෙ වියදමින් ඇරියස් කවර් කරන් තමා එන්න ඕනෙ.
 
ගෝට ගමට යන එකට මමත් විරුද්ධ නැහැ. 
 
ඒත් ගිහින් නටන නාඩගමයි, මේ වියදම් කන්දරාවයි තමා ඉතිං ප්‍රශ්ණෙ.
 
 
(ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් ...)
 
 
 උපුල් ගෙ විඩියෝ එක මෙතනින් බලන්න: 

 

 


 

 

THE LEADER TV 
 
69 ලක්සෙට ම වඩා 'ස' ට වටිනා මිනිහෙක් ?
 

 
 
'ස' ගේ කෝල් රෙකෝඩ් කරපු බැංකු ලොක්කා? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්