කිංබානට්තුමා බන්ධුල සර්ව හම්බවුණා.
" මේ කිංබානට් ශ්‍රීමතාණන්නේ එන්න ..එන්න..."
බන්ධුල සර් කිංබානට්තුමාව සාදරයෙන් පිළිගත්තා.
" මං ආවේ සර් අර හාල් කිලෝ 3 න් එක පවුලක් සුමාන 3 ක් ජීවත් වීමේ රහස ගැන දැනගන්න...."
කිංබානට්තුමා ආපු කාරණාව කිව්වා.
" මං ගනං හැදුවේ මෙට්‍රික් ක්‍රමේට..."
බන්ධුල සර් කිව්වා.
" ඒ කිව්වේ මෙට්‍රික් ක්‍රමේට අනුව එක පවුලක ඉන්නේ එක සාමාජිකයයි...."
" හරි සර්..."
" මේ එක සාමාජිකයා දියවැඩියා රෝගියකු ලෙස අපි උපකල්පනය කරනවා..."
" ඇයි සර් එහෙම උපකල්පනය කරන්නේ ..."
කිංබානට්තුමා ප්‍රශ්නයක් දැම්මා.
" උන්ට වැඩිපුර බත් කන්න හොඳ නෑනේ...ඉතින් මූට වේලකට ඕන හාල් ග්‍රෑම් 71.4 යි...එහෙම තමයි මෙට්‍රික් ක්‍රමේට ගනං හැදුවාම..."
බන්ධුල සර් පැහැදිලි කෙරුවා.
" සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් 6 දෙනෙකුට විතරයි නේද කන්න පුලුවන් ....? "
කිංබානට්තුමා ආපහු ඇහුවා.
" හරි... ඒ වුණාට මූ දියවැඩියාකාරයෙක්නේ...මූට හාල් කිලෝ 3 න් දවස් 14 ක් ජීවත් වෙන්න පුලුවන් ...වේලකට යන්නේ ග්‍රෑම් 71.4 යි..."
බන්ධුල සර් තර්ක කළා.
" ඒ කොහොමද ...? "
" මෙහෙමයි ඒක වෙන්නෙ .. සති දෙකක් කියන්නේ කීයද ...? දවස් 14 යි...දවසට වේල් 3 ගානේ දවස් 14 ට වේල් කීයද..? වේල් 42 යි....එතකොට කිලෝ තුනේ ග්‍රෑම් කීයද..? ග්‍රෑම් 3000 යි....එතකොට එක වේලකට යන ග්‍රෑම් ගාන 3000 බෙදීම 42 සමානයි ග්‍රෑම් 71.4 යි....! "
බන්ධුල සර් ටියුෂන් දෙනවා වගේ විස්තර කෙරුවා.
" මගෙ පූරුවේ පිනකට සර්ගේ පවුලේ සාමාජිකයෙක් වෙලා ඉපදුනේ නැත්තේ..."
කිංබානට්තුමා ට නිකංම කියවුණා.
" ඇයි කිංබානට් ශ්‍රීමතාණෝ එහෙම කිව්වේ...? "
" එහෙම උනා නං බඩගින්නේ ඉදලා මැරිලා යන්න තමයි වෙන්නෙ ..."
බන්ධුල සර් රුපියල් දාහේ බඩු මල්ලෙන් ගහන්න කලින් කිංබානට්තුමා එතනින් මාරු වුණා.
(කිංබානට්)
THE LEADER TV
දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'
පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව