රාජපක්ෂලට ගහන්න තියෙන වුවමණාවට ඕනෑම බෙට්ටක් ඇගේ ගාගෙන ගහන්න යන්න එපා.. 
 
 
එතකොටත් දේශපාලනය මිස් වෙනව..  
 
ක්‍රමවේදයකට විරුද්ධව හැදෙන්න ඕනි විරෝධය සහ ක්‍රමයට විරුද්ධ දෘෂ්ටිවාදය වෙනුවට පුද්ගල විරෝධ බවට පත්වෙනව..
 
අනික ලංකාවෙ එකම දේශපාලන වැඩේ රාජපක්ෂල පරාද කරන එක නෙවියි.. 
 
ඔක්කොමත් හරි රාජපක්ෂල් පරාද කරල ඉන්න ඕනි කියන එක සිස්ටම් එකේම සිස්ටම් වුණු දේශපාලනයක්.. 
 
පුෂ්පිකා නාමල් එක්ක ඉන්න ෆොටෝ එකක් අල්ලන් ගැහැණියක්ට ෂොට් එක දෙනව.. 
 
 
බීල කෑ ගහන හාමුදුරුවො ඩිප්ප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න එකෙක්.. 
 
ඌව ඉවරම කලා. ඒත් රාජපක්ෂල එක්ක ෆොටෝ තියෙන නිසා..
 
අර වෙරි හාමුදුරුවන්ට පාර්ට් එක දාන එකා හාමුදුරුවන්ට වඩා අවුලක් සමාජයට කරනව. 
 
එයා නිකුත් කරන ප්‍රචණ්ඩත්වය හාමුදුරුවරු අරක්කු ටිකක් බීපු එකට වඩා අතිශය බරපතලයි.
 
 child abusing in lankaපොඩි කාලේ මහන කරන දරුවෝ ලොකු වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ට එන හැඟීම් එනවා.. ඒකයි ආර්ථික අපහසුකම් තියෙන දරුවෝ ආණ්ඩුව බලා ගන්නවා මිසක්  මහණ කරන්න හොඳ නැත්තේ.. පටිසෝතගාමී ජීවිතයක් තේරුම් ගන්න ප්‍රැක්ටිස් කරන්න විශාල නිවීමක් ඕනි.. ඇත්තටමත් සිද්ධාර්ථ වගේ  ජීවිතේ විඳලා මහණ වුණු හාමුදුරුවරු සංඝ ශාසනයෙ ඉන්නව.
 
 
 
 
පොඩි කාලේ මහන කරන දරුවෝ අවුරුදු තිහ හතළිහ යද්දි සාමාන්‍ය සමාජයේ දේවල් හොයන එක ඉතාම සාමාන්‍යයක්..  
 
බොන්න හිතෙන එක කෙල්ලෙක්ට ආදරේ කරන්න හිතෙන එක සාමාන්‍යයක්.. 
 
එහෙම හිතුණෙ නැති වුනොත් ඩොක්ට කෙනෙක්ට පෙන්නල බෙහෙත් අරං දෙන්න ඕනි. 
 
මොකද ආධ්‍යාත්මිකව ජීවිතය අත්හරින බෞද්ධ පුහුණුවට පොඩි කාලේ මහන කරන දරුවෝ මානසිකව සූදානම් නැහැ.
 
ඇත්තටම සිවුරෙ ඉන්නනම් සිද්ධාර්ථට වෙන ලෝකයක් හොයන්න හිතුණ වගේ ලෞකික ජීවිතය සම්බන්ධ ඇත්ත කලකිරීම එන්න ඕනි. 
 
පොඩි කාලේ මහන කරන දරුවෝ ලොකු වෙනකොට සාමාන්‍යය සමාජයට වඩා ලෞකික ජීවිතයේ දේවල් හොයන එක ඉතාම සාමාන්‍යයක්..
 
කරන්න ඕනි ඔක්කොම කැත වැඩ කරන සමාජයක් හාමුදුරුවෝ කෙනෙක් බීපු එකක් අල්ලන් දගලනව.. 
 
ඒ සමාජයෙ වුවමණාව වෙනුවෙන්ම තමයි පන්සල් සංස්කෘතියක් පවත්වාගෙන යන්න පොඩි කාලෙ මහණ වෙන දරුවන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්නෙ..
 
ඒව වීඩියෝ කරල සමාජයට මුදා හරින්නේ සහ සහ ශෙයාර් කර ගන්නෙ අංක එකේ කැතයො සහ තක්කඩි..
 
 
( Lakmal Ranabahu ගේ FB පිටුවෙන්...)

 

 


 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්