මෙදා අවුරුද්දට සමහරු අවුරුදු කෑම මේස දාලා තිබුනේ ගිය අවුරුද්ද පවත්වන්න බැරි වුණු එකේ ඇරියස් කවර් කරන්න වගේ.
 
 ඒ සෝබන, ව්‍යාජ, පඩ ෂෝ අවුරුදු කෑම මේස අතර කැපී පෙනෙන අවුරුදු කෑම මේසයක් තිබුනා. 
 
ඒ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදර අවුරුදු කෑම මේසයයි.
 
පිරිවර නෑ.
 
අණ්ඩපාල මුදලාලිලා නෑ.
 
ශ්‍රී ලංකන් එක කාපු පට්ට හොරු නෑ.
 
ජනාධිපතිතුමායි නෝනායි විතරයි.
 
අඩු ගානේ වෙනදාට ජනාධිපතිතුමාව වට කරගෙන ඉන්න මාධ්‍ය බිස්නස්කාරයන් කවුරුවත් පෙන්න නෑ.
 
ඒ මේසේ මහා ලොකු දේවල් තිබුනේ නෑ.
 
ඒ වුණාට චාම් බවයි, සරල කමයි පිරිලා ඉතිරිලා තිබුනා. 
 
මේ රටේ 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය ගෙන් බලාපොරොත්තු වුණේ අන්න ඒ සරල කමයි.
 
මේ අවුරුද්දෙන් පස්සේවත් ඒ චාම්බවයි, සරලකමයි රටේ පාලනයට එක් කරගත්තොත් ගෝඨාභයට රට කරවන එක අමාරු වෙන්නෙ නෑ.
 
ඒ පාඩම ඉගෙන ගන්න ගම් ගානේ ඇවිදින්න ඕනේ නෑ.
 
ගෙදර නෝනා දිහා බලලා ඉගෙන ගන්න පුළුවන්.
 
 
 
ඒ අතින් මේක මරු ! - තිලාන් ජයසේකර 
 
  172531299 1888851077946865 8959534234711941046 n

172364268 1888851034613536 8788471732529992478 n

 
 
මේ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ප්‍රකාශකයකු වන තිලාන් ජයසේකර ජනාධිපතිවරයාගේ අවුරුදු කෑම මේසය ගැන සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.
 
''මම මේ මනුස්සයාට කොච්චර අකමැති උනත් මේ කරපු දේට නම් මම හරි කැමතියි. 
 
රටේ ඉන්න මිනිස්සුන්ට තම තමන්ගේ ගෙවල් වල අවුරුදු කන්න ඇරලා, ගෙදරට වෙලා තමන්ගේ පාඩුවේ අවුරුදු සමරනවා.
 
එකෙක් හිටියා රටේම ඉන්න උන් නැකත් වෙලවට වලව්ව අස්සට ඔබාගෙන කැමරා හත අටක් දාගෙන උන් කන විදිය අපිට පෙන්නනවා. 
 
මැති ඇමතිලාට ගෙවල් වල ඉන්නත් නෑ. 
 
රාජ්‍ය නිළධාරීන් රොත්තකට ගෙවල් වල ඉන්නත් නෑ. 
 
ගෙවල්‍ වල ඉන්න උන්ට වෙන දෙයක් බලන්නත් නෑ. 
 
ඒ අතින් මේක මරු.
 
 
(තිලාන් ජයසේකරගේ FB පිටුවෙන්...)
 
 
 
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ අලුත් අවුරුද්ද සැමරුවේ පවුලේ ඥාතීන් සමග තංගල්ලේ කාල්ටන් නිවෙසේදීය.
 

MAHINDA 3 1536x878
172029272 10157538604776467 4513828832101912212 n


 

 

THE LEADER TV
 

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්