කොරෝනා ගැන කතා කරන්න කිංබානට්තුමා ඩොක්ටර් ජයසුමන හම්බවෙන්න ගියා.
 
 
 
" ඩොක්ටර් මේ කොරෝනාවල ප්‍රභේද ගණනාවක් තියෙනවාලු නේද...? "
කිංබානට්තුමා හරි බරි ගැහිලා වාඩිවෙන ගමන් ඇහුවා. 
 
 
" ඔව්, මේක මුලින්ම ආවේ වූහාන් ප්‍රභේදය හැටියට ....".  
ඩොක්ටර් ජයසුමන කතාව පටන් ගන්න ගමන් කිව්වා. 
 
" ඊට පස්සේ ...? "
 
" ඊට පස්සේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආවා...."
 
" ඇමරිකානු ප්‍රභේදයක් ආවා... අප්‍රිකානු ප්‍රභේදයක් ආවා....දැන් ඉන්දියානු ප්‍රභේදය ඇවිත් තියෙනවා ..."
ඩොක්ටර් විස්තර කෙරුවා.
 
 
" දැන් හැම එකකම ප්‍රභේද තියෙනවා නේද ඩොක්ටර් ...? "
කිංබානට්තුමා කතාව තව පැත්තකට හැරෙව්වා.
 
 
" ඔව්... ඔව්... ඔය කොරෝනාවලට ගහන ඉන්ජෙක්ෂන් ප්‍රභේදත් ගණනාවක් තියෙනවානේ...."
ඩොක්ටර් උත්තර බැන්දා.
 
 
" නෑ... මං කිව්වේ බයියෝ ගැන ..."
" ඒ කිව්වේ ...?"
 
 
ඩොක්ටර් ජයසුමන කොවිඩ් ඉන්දියන් ප්‍රභේදේ දැක්කා වගෙ හොල්මන් වෙලා.
 
 
" මං කියන්නේ දැන් බයියොත් ප්‍රභේද 2 ක් ඉන්නවනේ ඩොක්ටර් ...."
 
 
" මොකක්ද ඒ ප්‍රභේද 2...? "
 
" එක ප්‍රභේදයක් රැවටුණා කියලා දන්න උන්..."
 
 
" එතකොට අනිත් ප්‍රභේදේ...? "
 
" රැවටුණාද කියලාවත් දන්නේ නැති උන්...! "
 
 
එහෙම කියපු කිංබානට්තුමා, ඩොක්ටර් ජයසුමන ස්පුට්නික් එකයි, ඇස්ට්‍රසෙනිකා එකයි එකට කවලම් කරලා විදින්න කලින් මාරු වුණා.
 
 
( කිං බානට්)
 
උපුටා ගැනීම - 'කිං බානට්' ෆේස්බුක් පිටුවෙන් ....
 

 

 


 

THE LEADER TV
 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවධානක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්