"...චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ....
 
කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම  සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා...."
 
කිංබානට්තුමාව කාලෙකට පස්සේ කිච පීරිස්ව මීට් වුණා. 
 
කිච පීරිස් මොකක්ද හෑල්ලක් කියව කියවා එනවා.
 
" මොකක්ද බං ඔය කියවන්නේ ...? සිරසේ නිවුස් එකක් ද...? "
කිංබානට්තුමා ඇහුවා. 
 
" නෑ... මේක මේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් ..."
කිච පීරිස් කිව්වා.
 
" වෙන්ඩ බෑ...! මේක හරියට පොඩි එකාගේ ලියුම වගේනේ...."
 
" නෑ.. නෑ.. මේක ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය නිවේදනයක් තමයි...මේ තියෙන්නේ ලෙටර් හෙඩ් එකේම ගහලා..."
කිච පීරිස් නිවේදනය පෙන්නුවා.
 
" කවුද බං මේවා ලියන්නේ නොමේරු ළදරු ඒකකයෙන් ද...? "
කිංබානට්තුමාව ෆුල් නස්කූන්.
 
" මේවා දැන් ලියන්නේ අර ආනන්දේ ඩබලනේ..."
කිච පීරිස් පැහැදිලි කෙරුවා.
 
" වෙන්ඩ බෑ... මෙහෙම ලියන්නේ නම් ආනන්දේ ධර්මදාස සර් ගෙන් සිංහල ඉගෙනගත්තු එවුන් නං වෙන්න බෑ..."
කිංබානට්තුමාට මාර අප්සෙට්.
 
" සිංහල භාෂාවට ගරහපු ජේ.ආර්. ගේ, රනිල්  ගේ කාලවලදී වත් මේ වගේ අමු අමුවේ ව්‍යාකරණ මරපු ප්‍රෙස් රිලීස් නිකුත් කළේ නෑ...."
කිච පීරිස් අතීතය මතක් කළා.
 
" ජනාධිපති කියන්නේ රටේ රජ්ජුරුවෝ...
රජ්ජුරුවන්ගේ ගෙදරින් එන නිවේදනය කොයි තරම් ගාම්භීර වෙන්න ඕනද...
ඒක කොයි තරම් සාරවත් වෙන්න ඕනද....
මොන තරම් උසස් වෙන්න ඕනද...
මොකද රටටම පූර්වාදර්ශය දෙන තැන එතනනේ..."
 
කිංබානට්තුමා හුදකලා ඇදිරි නීතිය පනවන්න කලින් යන්න නැගිට්ටා.
 
" මේවා කියලා දෙන්නෙ කොහොමද ... ජනාධිපති ලේකම්කම කරන්නෙත් ඉලක්කම් දන්න එකෙක් මිස සිංහල දන්න එකෙක් නෙවෙයි නේ..."
කිචා කිව්වා. 
 
"අර ආනන්දෙටම ගිය එකෙක් හිටියා ඩලස් කියලා ...ඒ හාදයාවත් මේ ආණ්ඩුවේ හිටියා නං මේවා කියලා දෙනවා...."
 
"ඒක ඇත්ත.."
 
" මොනවා උනත් මේකෙන් කරුණු 2 ක් ඔප්පු වෙනවා...."
අන්තිමට කිංබානට්තුමා කිව්වා. 
 
" ඒ මොකක්ද ...? "
 
" සිරසේ එවුන් කට ඇරියොත් කියන්නේ බොරු ...!  "
 
" එතකොට අනිත් එක ...? "
 
" ආනන්දෙත් හාල්පාරුවෝ බිහිකරලා තියෙනවා ..."
 
 
( King Barnet FB පිටුවෙන්..)
 
 
 
############
THE LEADER TV 
පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.! 
ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්