" බැසිල් ලීව්ස්...බැසිල් ලීව්ස්..."
පොරක් බයිසිකලේක නැගලා පාර දිගට කෑගගහා යනවා.
කිංබානට්තුමාට මේ සද්දේ ඇහුණා.
" අඩේ, මෙහෙ වරෙන්...! "
කිංබානට්තුමා බුවාට කතා කළා.
" බැසිල් ලීව්ස්...බැසිල් ලීව්ස්..."
කියාගෙන පොර ආවා.
" තෝ අපේ බැසිල් මහත්තයාට මඩ ගහනවා නේද...? "
කිංබානට්තුමා පොඩි සද්දයක් දැම්මා.
" බුදුම්පා නෑ සර්..."
පොර ගැහි ගැහි කිව්වා.
" බොරු කියන්න එපා යකෝ...! තෝ බැසිල් මහත්තයා ඇමරිකාවට ගිය එකට නේද ඔය බැසිල් ලීව්ස් කියලා කියන්නේ ...? "
" අනේ නෑ සර්... මං මේ බැසිල් කොළ විකුණන අහිංසක බයියෙක් සර්..."
පොර බයිසිකලේ පිටිපස්සේ පෙට්ටිය ඇරලා පෙන්නලා ආපහු පාර දිගේ කෑ ගගහ යන්න පටන් ගත්තා.
" බැසිල් ලීව්ස්...බැසිල් ලීව්ස්..."
කිංබානට්තුමා ෆුල් අංඥකොරොස් වෙලා ඒ දිහා බලන් හිටියා.
( King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
THE LEADER TV
සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!
බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!