බැසිල් ලොක්කා දවස් 10 කින් ඇදන් දහදාහක කොවිඩ් ඉස්පිරිතාලයක් හදලා.
කිංබානට්තුමා කිච පීරිස්වත් අඬගහගෙන මේ හොස්පිට්ල් එක බලන්න ගියා.
" බලපං මචං කිච පීරිස් දවස් 10 කින් ඇදන් 10,000 ක හොස්පිට්ල් එකක් හදනවා කියන්නේ එසේ මෙසේ වැඩක් ද...?"
කිංබානට්තුමා යනිං ගමන කිව්වා.
" හැබැයි ඔයිට කලින් බැසිල් ලොක්කා අවුරුද්දකින් පළාත් පාලන ජන්දෙත් දිනලා පෙන්නුවා නේ..."
කිච පීරිස් අතීතය මතක් කළා.
" ඒක ඇත්ත ..."
කිංබානට්තුමා ඔලුව වැනුවා.
" හැබැයි අර යූක්රේන් උඩයංග නැත්තං බැසිල් ලොක්කාට ඔහොම හොස්පිට්ල් හදන්න වෙන්නෙ නෑ..."
කිච පීරිස් අලුත් අදහසක් දැම්මා.
" අපොයි ඔව්, සංචාරක බුබුල යටතේ යූක්රේන්වලින් කොරෝනා ගෙන්නලා උඩයංග මොන තරම් උදව්වක්ද බැසිල් ලොක්කට කළේ...! "
කිංබානට්තුමාත් ඒ කතාව අනුමත කළා.
" ඒ වුණාට සිස්ටම් හැදුවේ නෑ කියලා මිනිස්සු ආණ්ඩුවට කොච්චර බනිනවද...! "
" ඉතිං හරිනෙ... මොකක්ද මේ ආණ්ඩුව එක සිස්ටම් එකක්වත් හැදුවද...? "
කිච පීරිස් ඔබ්ජෙක්ෂන් පාරක් දැම්මා.
" ඇයි බං කොරෝනා පැතිරෙනකන් බකන් නිලාගෙන ඉන්න සිස්ටම් එක හැදුවා මදිද ...? "
ඔන්න ඉතිං ඩබලම කතාවෙන් කතාව හොස්පිට්ල් එක ළගට ආවා.
පොරක් එතන ලොකු බෝඩ් එකක් එල්ලනවා.
" හොස්පිට්ල් එකේ නේම් බෝඩ් එක වෙන්නැති ..."
කිච පීරා කිව්වා.
බොඩ් එක එල්ලුවට පස්සේ කිංබානට්තුමාට තරු පෙනුනා.
ඒකේ ගහලා තිබුනේ ' ගාමිණී ලොකුගේ ආදර්ශ කොවිඩ් රෝහල ' කියලා.
" බැසිල් ලොක්කා දවස් 10 න් හදපු ඇදන් 10,000 හේ හොස්පිට්ල් එකට ලොකුගේ ලොක්කගේ නම දැම්මෙ මොකද ...? “
කිංබානට්තුමාට හොඳටම ඔරොප්පු වෙලා.
" නියම වැඩ්ඩා ලොකුගේ ලොක්කා නිසා..."
බෝඩ් එක එල්ලපු පොර කිව්වා.
" කොහොමද යකෝ බැසිල් ලොක්කට වඩා ලොකුගේ පොරක් වුණේ...."
" බැසිල් මහත්තයා දවස් 10 න් ඇදන් 10,000 ක හොස්පිට්ල් එකක් හැදුවට එක දවසෙන් කොරෝනා ලෙඩ්ඩු 10.000 ක් හදලා දුන්නේ කවුද ....? "
බෝඩ් එක එල්ලපු පොර ඇහුවා.
( King Barnet ෆේස්බුක් පිටුවෙන්..)
THE LEADER TV
සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!
බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!