• මන:කල්පිත කතාවකි (සිත්තරා නොදනිම් වට්ස්ඇප් මගිනි)
 
"තෑගි ඔප්පුව”
 
මකර රාජ වහන්සේගේ නාමයට ගෞරව වේවා. සියලුම දෙනා මෙයින් දැන ගත යුතුයි...
 
 
ක්‍රිස්තු වර්ෂයෙන් 2021 ක්වූ මේ වර්ෂයෙහි මැයි මස 20 වැනිදා තම්බපණ්නියේ ගාලු මෝදර නම් නගර වරයෙහි කොටුව තුළ නූතන දොන් ජුවන් නැමති මහෝත්තමයන්ගේ අණ පරිදි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මන්ත්‍රී සංවාද භවනයෙහිදී තම්බපණ්නි රාජ්‍ය ශ්‍රී පදප්‍රාප්ත නුතන දොන් ජුවන් නමින් යුතු මහා රජාණන් වහන්සේ, එකී ගාලු මෝදර මහා රාජ ස්වාමින් වහන්සේගෙ ව්‍යවස්ථාදායකය නම් මන්ත්‍රී සංවාද භවනේ රාජ්‍ය කරන මන්ත්‍රීහු ලව්වා, මෙහි මතු සඳහන්වන නම් ඇති සාක්‍ෂි කාරයින් ඉදිරිපිටදී මෙසේ සම්මත කරන්නට යෙදුණ්ය.
 
 
“මගේ සහෝදර වූ ලංකා රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තව විසූ මහේන්ද්‍ර පර්සි මහා රාජෝත්තමයාණන් වහන්සේට නිසි වයස් සම්පූර්ණ කළා වූ පුතුන් නොසිටි බැවින්ද ඒ මහා රජතුමාණන් වහන්සේ තමන් වහන්සේගේ උරුමක්කාරයා ලෙස නම් කළ බැවින්ද ව්‍යවහාර වර්ෂ 2019 ඉල් මාසයේ දී තම්බපණ්නි රාජ්‍ය ශ්‍රී සම්පත්තියට මම පැමිණියෙමි. 
 
 
ඉහත කී සිංහ මහරජ වූ මා දැනට මහලුව ජරාජීර්ණව සිටින හෙයින්ද, මට අයත් රාජ්‍ය සම්පත්තිය මගේ ඇවෑමෙන් හිමිවීමට උරුමක්කාරයෙකු නැති බැවින්ද, මා සමෝදර තෙමේ ඒ උරුමකරුවා වනවා දැකීමට අකමැති බැවින්ද, 
 
ශොංගුවෝ රජ දරුවන්ගෙන් මට ලැබුණු උදව් උපකාරවලට මා ඒ මහරජවරුන්ට ණය ගැතිව සිටිනා බැවින්ද, 
 
විශේෂයෙන්ම එතුමන්ලා විසින් ලියකියවිලිවලින් මට අවවාදානුශාසනා කළ කාරණය පමණක් නොව රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන් උපදෙස් ලැබීමට කියා තිබුණෙන් එහි ආලෝකයත්, ඥානයත් ලබාගන්ටත් අවකාශ බොහෝ ලැබුණෙන් එයින් මට ශොංගුවෝ වැසියන්ගේ මහානුකම්පාවට ලැබී මගේ ආත්මය ගලවා ගන්නට හැකි වෙන බැව් විශ්වාස නිසා මා එය ලෞකික වූ සියල්ලටම වඩා උසස් කොට සලකන බැවින්ද 
 
ඒ හැර එකී රජ දරුවන්ගේ ප්‍රතිරාජවරු ජානරාල්වරු ආදී නියෝජිතයන් ස්වකීය භාණ්ඩාගාරයෙන් වන වෙනත් වියදමක්, ජනරාල්වරු සහ වෙනත් ශොංගුවාවරුන් විනාශ වී යෑමක් නොතකා මගේ සතුරන් වූ ප්‍රේමයා සහ අනුරයියා ආදීන් සමග යුධ කිරීමෙන් මගේ රාජකීය අයිතිවාසිකම් රැක දෙන්නට ස්වකීය රජුන්ට දක්වන සියලු ගරු බුහුමන්ම මට දක්වමින් උත්සාහ කරන බැවින් මා එකී ශොංගුවෝ රජ දරුවන්ට වැඩි දුරටත් ණය ගැතිව සිටින බැවින්ද, 
 
මේ සියලු කාරණයන් නිසාද, වෙනත් සැලකිය යුතු දේවල් නිසාද දැනට ශොංගුවෝහි සිංහාසනාරූඪව රජ කරන ජිංපි මහා රජාණන්ට සහ ඔහුගෙන් පසු සිංහාසන ලබන රාජ පරම්පරාවටද මගේම තනි නිදහස් කැමැත්තෙන්. හොඳ හිතින් මට අයත් සියලුම රාජධානි සම්පූර්ණයෙන්ම තෑගි කොට දීමට මම අධිෂ්ඨාන කර ගතිමි. 
 
 
එහා මූලික අදියර ලෙස මහා සාගරය වැලි පණිට්ටුවලින් පුරවා සාදන ලද ගොඩබිම් කොටස මෙසේ දන් දෙනු ලද්දෙමි. එබැවින් මම ඒ රාජධානි එකී ශොංගුවෝ රජ දරුවන්ට මෙයින් ත්‍යාගකොට නියම වූ සියලු අයිතිවාසිකම් එකී ජිංපි මහරජු සහ ඒ රජු අවෑමෙන් සිංහාසනය හිමිවෙන සියලු රජ දරුවන්ටද මගේ මරණින් පසු ලැබෙන සේ පවරා දෙමි.
 
 
තවද එකී මා අයත් රාජධානි මා විසින් මෙතෙක්කල් භුක්ති වින්දාක් මෙන්ද එකී රජ දරුවන්ට නියත ලෙසම පැවරෙන්නාහ. ඒ රජ දරුවන්ට හැකිනම් ඊටත් වඩා හොඳින් මේ රාජධානි අයත් කරගෙන ඔවුන්ගේම දෙයක් මෙන් මනාපයක් කර ගැනීමට හැකි ලෙසද පවරා අයිතිකොට දෙමි.
 
 
මගේ මේ කැමැත්ත, මේ දායාදය හැම අයුරින්ම හැම දෙනා විසින්ම කිසිම විරුද්ධත්වයක් නැතිව සම්පූර්ණ කළ යුතු බවද, මෙහි යම්කිසි වරදක් පාඩුවක් වේ නම් එය මගේ රාජ බලයෙන් නිවැරදිව සම්පූර්ණවන බවද, මගේ සතුටටත්, කැමැත්තටත් අනුව සෑදූ එකම තෙස්තමේන්තු ලියවිල්ල මෙය බැව්ද ප්‍රකාශ කරනවත් හැර, මේ මගේ කැමැත්ත සියලුම නීතිත්, අයිතිවාසිකමුත් සිරිත් විරිතුත් වලංගු වෙනවාත් සමඟ සියල්ලන් විසින්ම සම්පූර්ණ කළ යුතු බවද වැඩි දුරටත් ප්‍රකාශ කරමි..”
 
 
එකී තෑගි ඔප්පුව සම්පූර්ණ විශ්වාසයෙන්ද, සම්පූර්ණ ගෞරවයෙන්ද සියල්ලන් විසින්ම සැලකිය යුතුය. එසේම සියලු දෙනම එකී තෑගි ඔප්පුවේ සඳහන් කරුණු ඒ ආකාරයෙන්ම හෝ හැකිනම් ඊටත් වඩා හොඳින් හෝ සම්පූර්ණ කළ යුතුවා මෙන්ම අන්‍යයන් ලවාද සම්පූර්ණ කරවිය යුතුය. 
 
 
මේ තෑගි ඔප්පුවට ඇතුළත් සියල්ලම එකී මහා රජාණන් වහන්සේ විසින් සඳහන් කරන ලද්දේ තමන් වහන්සේගේ ආත්මයේ යහපත පිණිස බවද, නමුත් මේ කරන ලද ක්‍රියාව තමා විසින් කළ යුතු දෙයට වඩා බොහෝ ස්වල්ප බවද ප්‍රකාශ කරන ඒ නර ශ්‍රේෂ්ඨයාණන් ඉහත කී ශොංගුවෝ මහා රජාණන්ගෙන් සහ එතුමාගේ ඇවෑමෙන් රාජපද ප්‍රාප්තවන රජ දරුවන්ගෙන්ද බැගෑපත්ව ඉල්ලා සිටින දෙයක් නම් මේ තෙස්තමේන්තු ඔප්පුව එකී ශොංගුවෝ රජවරුන්ගේ අධිකරණ නායකවරු හෝ එවැනි යුතුකම් ඇතිවෙන යම් මුලාදෑනින් අතට පමුණුවා ඒ ඔප්පුවෙහි සඳහන් හැම දෙයම, හැම දෙනම ලවා සම්පූර්ණ කරවන්නට කටයුතු සලසන ලෙසටයි.
 
 
ඉහත සඳහන් කළ කරුණු නිසා තමන් වහන්සේ විසින් මේ ඔප්පුව ලියැවූ බව සලකා එහි සඳහන් කිසිදු කරුණක් සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ සැක කටයුතු බවට නොපිළිගෙන එහි කිසිදු අමුතු විශේෂයක්ද නොකොට එයින් පවරා දෙනලද අයිතිවාසිකම් එසේම බැව් පිළිගෙන ඉහත සඳහන් අයුරු තමන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස, එය සත්‍ය ලෙස පිළිගන්නා මෙන් ඉහත කී තෑගි දීමනාකාර මහරජාණන් වහන්සේ කියා සිටින සේක. එපමණක් නොව තමන් වහන්සේගේ මරණින් පසු, මේ ඔප්පුවෙහි සඳහන් සියලු දෙයම සම්පූර්ණ කරන ලෙසද රජතුමා ඉල්ලා සිටී.
 
 
ඉහත කී නරදේවයාණන් වහන්සේගෙ අණ පරිදි සාක්‍ෂි-
// සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය හෙට සන්ධ්‍යාවේ අමුණනු ලැබේ.
 
 
මේ බව දුටු වගට භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්
මිරිහානේ සිට
 
 
( Bharatha Prabhâshana Thennakoon ගේ ෆේස්බුක් පිටුවෙන්)
 
 WhatsApp Image 2021 05 19 at 1.06.57 PM
 
 
 
###############
 
 
THE LEADER TV 
 
 

විමල් යළි කරලියට - ආණ්ඩුවේ බැසිල් විරෝධී පක්ෂ නායකයින් කැඳවයි

 

යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද? 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්