රූපවාහිනීයට  අලුත් සභාපති කෙනෙක් පත් කරලා.
 
 
කිංබානට්තුමා අලුත් සභාපතිතුමාව බලන්න ගියා.
 
රූපවාහිනීයේ සේවක සේවිකාවෝ පුදුම සතුටින් ඉන්නේ .
 
" මොකද මෙච්චර චූන් එකේ...? "
කිංබානට්තුමා ඇහුවා. 
 
" බලන්න අපට තිබ්බ ලොකුම අඩුපාඩුව සම්පූර්ණ කළානේ...."
රූපවාහිනීයේ පොරවල් ටික එක හඬින් කිව්වා. 
 
" මේකේ කවුද ඉස්සර ඉඳලා තියෙන්නේ ....? එම්. ජේ පෙරේරාලා වගෙ මිනිස්සුනෙ...ඒ ගොල්ලෝ කවුද ...දැන්නේ නියම මෑන්ස් කෙනෙක් ආවේ..."
 
" අනිත් එක මේ වගෙ ජවසම්පන්න තරුණයෙක් අපේ සභාපති වුණාමයි..."
 
" අනික 2015 වෙනකන් රාජපක්ෂලා ළඟ ඉඳලා, රාජපක්ෂලාට  සම්පූර්ණයෙන්ම කෙළවලා, යහපාලනේට ජැක් ගහලා, අන්තිමේදි 2020 දිත් බාගෙට කෙළවපු  මෙහෙම සොලිඩ් පොරවල් තමයි අපට දැන් ඕන..."
 
" රූපවාහිනීයේ සෞභාග්‍යයේ දැක්ම දැන් තමයි ඉතින් පටන් ගන්නේ ...."
 
" ඔන්න බලන්න තව මාස 6 ක් යන්න කලින් අපි නම්බර් 1 රේටිංවලට එනවා...හිරු එකට, දෙරණට, සිරසට , ස්වර්ණවාහිනීයට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ .. "
 
රූපවාහිනීයේ අයියලා ෆුල් ෆෝම් වෙලා.
 
ඔන්න එතකොටම තඩි ජීප් එකක් ඇවිත් නතර කළා.
 
ඒකෙන් බැස්සේ ජය කෙහෙළිය මහත්තයා.
 
" කොහොමද කිංබානට්තුමා ..., මං ඔන්න එළ බුවෙක් එව්වා රූපවාහිනීයට ..."
ජය කෙහෙළිය මහත්තයා කිව්වා. 
 
" ඔව්... කට්ටියට මාර හැපි..."
කිංබානට්තුමා උත්තර බැන්දා.
 
" එතකොට තව මොනවද අඩුපාඩු ...? "
ජය කෙහෙළිය මහත්තයා ඇහුවා. 
 
" තව අඩුපාඩු දෙකයි තියෙන්නේ ...."
කිංබානට්තුමා සමස්ත රූපවාහිනී කාර්ය මණ්ඩලය වෙනුවෙන් උත්තර දුන්නා. 
 
" කියන්න ...කියන්න ....මොනවද ඒ 
අඩුපාඩු දෙක ...? මං ටස් ගාලා කරලා දෙන්නං... කියන්න ..."
ජය කෙහෙළිය මහත්තයා ඇහුවා. 
 
" අපිට තව අඩු සභාපතිතුමා වෙනුවෙන් ඇම්බියුලන්ස් එකකුයි, හර්ස් එකකුයි විතරයි ...! "
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
 
 mbm
සමාජ මාධ්‍ය සංසරණය වන පොස්ටුවක් 

 

 

 


 

THE LEADER TV 
 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයාගෙන් විමර්ශනයක් ? 
 

 
ඩෑන් පබ්ලිසිට් දුන් 'වස්ති'ගේ 'ආලෝක උපාලි..' පෙරළියක ලකුණක් ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්