කොරෝනා වැල ඕපන්.
 
දවසට 3000 පැනලා ආසාදිතයින් මාට්ටු වෙනවා. 
 
ආණ්ඩුවේ PHI ලා පිලියන්දල ලොක්ඩවුන් කරන කොට පොහොට්ටුවේ PHI ලොකුගේ ලොක් අරිනවා.
 
ආණ්ඩුවට ගානකුත් නෑ.
 
ජනතාවට ගානකුත් නෑ.
 
සෞඛ්‍ය බලධාරීන් දේශපාලකයෝ වෙලා.
 
දේශපාලකයෝ සෞඛ්‍ය විශාරදයෝ වෙලා.
 
කේරළය දිහා බලපං කියපු එවුන්ටත් කෙළවෙලා.
 
කිංබානට්තුමා මේ ගැන හොයන්න කවුන්සිලේ පැත්තට ගියා.
 
මුළු ලෝකෙම කොරෝනා උවදුරට එරෙහිව සටන් කරද්දී අපේ ආණ්ඩුව ඊට වඩා බරපතල සටනක් වන පෝර්ට් සිටි පනත සම්මත කර ගැනීමේ සටනේ නිරත වෙලා.
 
කොරෝනා නිසා රටට කෙළ වුණාත් කමක් නෑ කියලා ආණ්ඩුව මුළු ශක්තියම යොදවලා පනත ජයග්‍රහණය කරලා ජය පැන් බොනවා.
 
කවුන්සිල්ලේ සයිඩ් එකට වෙලා ප්ලැකැනිල් පුතානෝ ඉන්නවා.
 
 
" මං ජනාධිපති වුණා නං රටට මෙහෙම වෙන්නෙ නෑ...."
පුතානෝ කිව්වා. 
 
 
" ඔබතුමා මොකද කරන්නේ එහෙනං...? "
කිංබානට්තුමා ඇහුවා. 
 
 
" ඉස්සෙල්ලාම මං ඇස්ට්‍රා සනිකව දෙනවා...."
 
" ඒ කිව්වේ...? "
 
" ඇස්ට්‍රා ..අර පාන්වලට ගාලා කන්නේ ... ඇස්ට්‍රා ග්‍රෑම් 100 පැකට් ගහලා ජනතාවට බෙදනවා...."
 
" ඊළඟට ..."
කිංබානට්තුමා ඇහුවා. 
 
" ඊළඟට මං රශියන් ස්පුට්නික් එකයි, චයිනීස් සයිනොෆාම් එකයි ගෙන්නවා..."
 
" ගෙන්නලා....? "
 
" උස නං රශියන් ගස්සනවා...මිටි නං චයිනීස් ගස්සනවා...."
 
" එතකොට ගහන්නේ නැති උන්ට ...? "
 
 " ගහන්නේ නැති උන්ගෙ ගෙවල්වලට මං රෑට  එනවා...! "
පුතානෝ පුතයා වගෙ කියලා දැම්මා.
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
###############
THE LEADER TV 
 
 

මහා ජීවිත විනාශක් අතළඟයි : දැන්වත් කියන දේ අහන්න

 

තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
     

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්