ජීවිතේම දෙශපාලනේ කරගත්තු මිනිහෙක් වුණත් ටිකක් silent උනහම හැමෝටම අමතක වෙලා යනව,


ඒ වගේ වෙලාවට හිතන් නැති තැනකින් කඩා ගෙන පනින්න ඕනෙ, මංගල මේ vedio එක ආතල් එකට කලත් හිතල කලත්, දැන් මංගල ආයෙත් කඩා ගෙන පැනල, ඒනිසා vedio එක ගැන නෙමේ හෙට දේශපාලනේ මංගල භූමිකාව ගැන ලියන්න හිතුන,

Ranil Mangala

මට අනූව රනිල් කියන්නෙ ලන්කාවෙ දේශපාලනේ අන්තිම classical ලිබරල් වාදියා නම් මංගල ඒකෙ රැඩිකල් version එක.

 

රනිල් කියන්නෙ ලංකා දේශපාලනේ අන්තිම classical ලිබරල් වාදියා නම් මංගල ඒකෙ රැඩිකල් version එක. ඒත් මේ දෙන්නම වැරද්ද ගත්ත තැන් ගොඩක් තියනව,



ඒත් මේ දෙන්නම වැරද්ද ගත්ත තැන් ගොඩක් තියනව,

M3 ගේන කොට මම මේ දෙන්න ගෙන්ම ඇහුව හදන ආන්ඩුවෙ cotrol එක තියා ගන්න විදිහ ගැන දැන්ම හිතමු නේද කියල, ඒක ගැන හදපු document එකක් ශානුකයි, මමයි දෙන්නටම දුන්න. රනිල් ඒක ගැන හොද attention එකක් දුන්න. දවස් කීපයක් අතේ තියන් හිටිය, අන්තිමට ඉස්සෙල්ල ආන්ඩුව හදල ඉම්මු කියල කිව්ව , මංගල ඒක ගනන් ගත්තෙම නෑ,\

සජිත් ගෙ campaign එක පටන්න ගන්න කොට මංගල තීරනේ අරන් ඉවරයි, කියල තේරුමක් නැති හින්ද මම ලිව්ව, මේ ඒ ලියමන,


"ආදරණීය මංගල,

දේශපාලන ජීවිතයේ දී අපට බොහෝ දුෂ්ඨයන් මුණගැසී ඇත. ඒ අතර ඉඳහිට වීරයන්ද මුණගැසී ඇත. බොහෝ අනුගාමිකයන් අතර ඉඳහිට හෝ මඟපෙන්වන්නන් මුණගැසී ඇත.

නිමක් නැති දොඩවන්නන් අතර සවන්දෙන්නන් අතලොස්සක් මුණගැසී ඇත. එහෙත් හිතපුරා සුන්දර මිනිසෙකුයි කිවහැකි අය ඒ සියල්ලන්ටම වඩා දුලබය.

මංගල සටන්කාමියෙකි, නායකයෙකි, උපායමාර්ගික විශේෂඥයෙකි. ඒ සියල්ලන්ටම වඩා සුන්දර මිනිසෙකි. මේ සුන්දර මිනිසාගේ නිවස අසළින් වක් වන බොල්ගොඩ ගඟේ භූ දර්ශනය අතිශය සුන්දරය. එසේම එය දේශපාලනිකය .

ඔහුගේ සාලයේ සෝපාව මත හිඳ ඉදු දිග සොයා දිවෙන බොල්ගොඩ ගඟ දෙස බලා හෙට දවස ගැන දොඬමලු වන විට ඔහු විසල් දෑස් විහිදා අසා සිටී. එකවනම විරුද්ධ වෙයි. නිමක් නොවුනද වෙහෙසකර වූ එම කතිකාව අවසන් වන්නේ බලාපොරොත්තු සහගතවය.

ඒ සෑම කතාවකම අවසානයේ, බොල්ගොඩ ගඟ දිගේ හිරු කිරණ අතුරන, ඈත සැඟවුනු හිරු සොයා දුර ගමනක් යමුදැයි යෝජනාවක් විය.

අනන්ත අනාගතයක් දෙස තිස්වසරක් බලා සිට බොරපැහැ ගැහුණු ඇස් වලින් එම ගමන අපට නිමා කළ නොහැකි බව කියවුන ද ? මුවින් ඔව් අපි යමු යැයි පවසමින් සිය දුම් වැටියේ අලු කඩන්නට බොල් ගොඩ ගඟෙන් නෙත් ආපසු ගන්නා මංගලගේ දෑස මොහොතකට නතර වන්නේ පිටුපස බිත්තියේ ඇති ජගත් වීරසිංහගේ 'සූරියකන්ද' සිතුවමිනි.

එය මංගල ම ඔහුට එදිරිව ඇටවූ උගුලකි. ආපහු හැරෙන්නට සිතන හැම විටම අඳුරු, බියකරු අතීතය සිහිගන්වන එම සිතුවමින් හැගීම්බරව නෙත් ඉවතට ගන්නා මංගල යළි ගඟ දියමතින් අනාගතය දෙසම බලයි.

ඒ අප දන්නා මංගලය.

ඒ මංගල අද අපට නොතේරෙන ප්‍රවේශයකය.

රැඩිකල් ලිබරල්වාදියෙකුට වාමාංශිකයෙකු සමඟ උපක්‍රමික ගමනක් පැවතිය හැක.

ඔහුට ජාතිකවාදියෙකු සමඟ සටන් බිමක කෙටි සමාදානයක් හෝ පැවතිය හැක.

එහෙත් කිසිඳු මතයක් නැති මෝඩයෙකු සමඟ ගමනක් තබා සටනක් පවා නැත.


ඉතිං මංගල කියන්න,
අප නොදන්නා මඟක්
ඔබට ඇත් ද?
නැත්නම් ඔබට වැරදී ඇත් ද?
අපේ යෝජනාව
මංගල සූරියකන්ද සිතුවම දෙස
වරක් නොව දෙවරක්
බලන්න ...........
ආපහු හැරෙන්න"


මංගල ආපසු හැරුනේ කල් ගතවය, එහෙත් ඒ ආපසු හැරීම නිවැරදිය, දැන් යලි ඇරබිය යුතුව ඇත.

(වරුණ රාජපක්ෂගේ මුහුණු පොතෙනි)

 


 

THE LEADER TV 
 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්