"ජිප්සීස් සුනිල්" කියලා කිව්වම මම ඒ තරම් කැමැති මිනිහෙක් නෙවෙයි. 
මොකද මිනිහගෙ කට හොඳ නෑ... 
 
හැබැයි ඔහුගේ දක්ෂතා වලට මම හැමදාමත් ගරු කළා. 
 
ඇත්තටම සුනිල් අයියා ජනප්‍රිය සංගීතය ඇතුළෙ මාරම මාර බඩුවක්...
 
"කොපි චැට්" කියල කියන්නෙත් මම පුරුද්දක් විදියට බලන වැඩ සටහනක් නෙවෙයි. ඒත් ඉඳලා හිටලා බැලෙනවා කිව්වොත් වැරදි නෑ. 
 
අදත් කම්මැලි කමට ටී වී එක දිහා බලාගෙන ඉන්න කොට  'කොපි චැට්' බැලුනා...
 
අද ඒකට ඇවිල්ලා හිටියේ සහෝදරයෝ ජෝඩු තුනක්. 
 
දෙන්නෙක් එම් එස් ප්‍රනාන්දු ගේ පුතාලා. 
 
තව දෙන්නෙක් මර්වින් පෙරේරාගේ පුතාලා. 
 
අනිත් දෙන්න ගැන තමයි මේ කතාව. 
 
ඒ සුනිල් සහ පියල්. රටම දන්නෙ ජිප්සීස් සුනිල් සහ පියල් කිව්වම...
 
සුනිල් අයියා ගේ සින්දු අහන්න කැමති උනාට කට කැඩිච්ච කතා අහන්න මම කැමති නෑ. 
 
විශේෂයෙන් ම මම කැමති දේශපාලඥයන්ට බනින කතා. ඒක මගේ පුද්ගලිකත්වය.
 
ඒත් එයා කාටවත් බැන්නෙ නෑ. ඒ වෙනුවට අද මිනිහා සහෝදරත්වය ගැන මම කවදාවත් අහලා නැති, අදහාගන්න බැරි කතාවක් කිව්වා. 
 
ඇත්තටම ඒක පුදුම හිතෙන කතාවක්. කෙටියෙන් කිව්වොත් ඒ කතාව මෙන්න මෙහෙමයි...
 
"ජිප්සීස් හැදුවේ මම. මගේ මල්ලි පියල් සහ තව දෙතුන් දෙනෙක් හිටියා. 
 
ඒත් හිටපු ගමන් පියල් ගියා එංගලන්තෙ. එයා එහේ රස්සාවක් හොයාගෙන වෙනම ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මහ ලොකු රස්සාවක් නෙවෙයි. පෙට්රල් ෂෙඩ් එකක තෙල් ගැහුව. ඕවනේ අපිට අහුවෙන රස්සා. අපි එච්චර ලොකුවට ඉගෙනගෙනත් නෑ නේ. පියලුත් අමාරුවෙන් තමයි ජීවිතේ ගෙව්වේ.
 
ඔහොම ඉන්න කොට පියල්ට ඒ රස්සාව එපා වුනා. එයාට ආයෙත් ලංකාවට එන්න හිතුණා."
 
"පියල් මගෙන් කෙළින්ම ඇහුවේ නෑ. මට බයයි. අම්මා මාර්ගයෙන් තමයි ඇහුවේ...
 
 "මල්ලිට ආයෙත් ලංකාවට ඇවිල්ලා බෑන්ඩ් එකට join වෙන්න ඕන කියනවා..."
 
අම්මා එහෙම කිව්වම මම කිව්වා.... 
 
"මල්ලිට ඕන වෙලාවක එන්න කියන්න. මල්ලිගෙ තැන තවම තියනවා...'" කියලා...  
 
 
මල්ලි ආවා... 
 
ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. 
 
මල්ලි නැති කාලේ අපිට හොඳට වැඩ තිබුනා. බෑන්ඩ් එකෙන් හොඳට මම හම්බ කලා. වෙළඳ දැන්වීම් එහෙමත් මට හොඳට ලැබිලා තිබුණා.ඒවයිනුත් මම හොඳට හම්බ කරල ලොකු සල්ලියක් මට තිබුණා...
 
ඒත් මම මල්ලි ආපු ගමන් ම ඒ සල්ලි වලින් මල්ලිගෙ කොටස මල්ලි ට දුන්නා..."
 
ඒ කිව්වේ... හම්බ කරපුවායින් කොටසක් පියල් ට දුන්නාද...?" නිවේදකයා පුදුමෙන් ඇහුවා. 
 
ඇත්තටම එහෙම දෙන්නෙ මොකටද..? මටත් හිතුනා.
 
"කොටසක් නෙවෙයි... හරියට බාගෙට බාගයක් දුන්නා... "සුනිල් අපිව පුදුම කරවමින් කිව්වා.
 
"වෙළඳ දැන්වීමකට මම පෙනී හිටල ඒකෙන් මට ලැබුණ සල්ලි මම මොකටද කාටවත් දෙන්නේ...?
 
ඒත් මම එහෙම හිතුවේ නෑ. ඒකෙනුත් බාගයක් දුන්නා. හම්බකරන හැම මුදලකින්ම බාගයක්..."
 
සුනිල් ගෙ කට හොඳ නෑ තමයි... ඒත් ඔහු කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා මම අහල තිබුණා...
 මට ඔහු ගේ කතාව හරි පුදුමයි...
 
පියල් සාක්කි... සුනිල් කියපු හැම වචනයක්ම ඇත්ත කියලා ලෝබ නැතිව පියල් කිව්වා...
 
ඒ විතරක් නෙවෙයි සුනිල් තව කතාවකුත් කිව්වා...
 
පියල් හම්බු කරපු මුදල් වලිනුත් බාගයක් ඔහු තමන්ට නිරතුරුව දුන් බවත් ඔහු කිව්වා....
 
පුදුම නැද්ද මේ කතාව..
 
පුදුමයි තමයි. 
 
මේ ලෝකෙ තියන හැම බැඳීමක් ම ආරක්ෂා වෙන්නත් නැති භංගස්ථාන වෙන්නත් යටින් තියන එකම හේතුව "සල්ලි" කියලා සුනිල් කියනවා.
 
ඒ කතාව මටත් හොඳට දැනෙනවා. 
 
අපේ පවුලේ අපට වඩා ගොඩක් වැඩිමල් එකට හිටපු සහෝදරයෝ තුන්දෙනෙක් මේ "මුදල්" හා "දේපළ" කියන කාරණා නිසා සහෝදරකම් නැති භංගස්ථාන කර ගෙන වෙන් වෙලා එකිනෙකා විවේචනය කර කර ඉන්න කැත මම අදටත් අත්විදිනවා...
 
ඒ අතින් සුනිලාගේ කට හොඳ නැති උනත් හිත හොඳයි... 
 
ඒ හිත, ඒ හදවත මීට කලින් දකින්න තරම්  මං පොහොසත් නැතිවුන එක ගැන මට මං ගැනම ඇති උනේ ලොකු දුකක්.
 
ඇත්තට ම... අපි මතු පිටින් දැකලා විතරක්.....
 
 හොඳ නැහැ, නරකයි, වැරදියි, කැතයි කිය කිය ඉරි ගහලා වෙන්කරලා හඳුන ගන්න චරිත ඇතුළාන්තයෙන් මොන තරම් සුන්දරයිද, මොන තරම් ලස්සනද කියලා කලින් ම දකින්න පුළුවන් නම්...
 
කලින් දැන ගන්න පුළුවන් නම්... 
 
එක කොච්චර හොදද...
 
සුනිල් අයියේ...
 
උඹ සහෝදරත්වය ගැන විතරක් නෙවෙයි. මනුෂ්‍යත්වය ගැනත් පාඩමක් අද මට කියා දුන්නා.
 
 
 
87157227 3868164119875604 4751251539056656384 n(බුලිත ප්‍රදීප් කුමාර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදී 
 
(Bulitha Pradeep Kumara ගේ ෆේස්බුක් පිටුවෙන් )
 
###############
THE LEADER TV 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

 
කුරුණෑගල හොඳටම කළේ ජොනී
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්