69 ලක්ෂයක් වූ සුවහසක් බයියන් අතරේ භයානක වෛරස් රෝගයක් පැතිරෙන්න පටන් අරන්.

 
මේ ගැන හොයන්න කිංබානට්තුමා හොඳ බයියෙක්ව හොයාගෙන පිටත්  වුණා. 
 
ටික දුරක් යද්දි කිංබානට්තුමාට බයියෙක් ප්ලග් වුණා. 
 
බයියා හිටියේ හරියට රුපියලට අරන් නිකං දීලා වගේ.
 
" මොකද මේ ප්‍රශ්නෙ...? "
කිංබානට්තුමා බයියා ගෙන් ඇහුවා. 
 
" අපි එක නීතියක් වෙනුවෙන් ආණ්ඩුවක් පත් කරගත්තේ ...."
බයියා කතාව පටන් ගත්තා.
 
" ඉතින්...? "
 
" ඒත් ඒක එහෙම වුණේ නෑ....බර්ත්ඩේ පාටි දාපු චන්දිමාල්ටයි, පාන් ගෙඩියක් ගන්න ගිය පියසෝමටයි නීති දෙකක් ...
පියුමි හංසමාලිට වෙන නීතියක්... ලුනු පැකට් එකක් ගන්න ගිය සෙලෙස්තිනා නැන්දට තව නීතියක් ...."
බයියා කළකිරීමෙන් කිව්වා. 
 
" අපි සිස්ටම් එකක් හදන්න කියලයි ආණ්ඩුවක් ගෙනාවේ ...
 
‍රට පුරාම එක දවසෙන් ජන්දයක් පවත්වන්න සිස්ටම් තියෙන රටේ ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න සිස්ටම් එකක් හදාගන්න බැරුව ගියා...."
බයියා පොයින්ට් බයි පොයින්ට් කියනවා.
 
" ආණ්ඩුවට තේරෙන්නේ නෑ අපි පත්වෙලා තියෙන අපහසුතාවය..."
 
" මොකක්ද දැන් තියෙන අපහසුතාවය...? "
කිංබානට්තුමා ඩොක්ටර් පාදෙණිය වගෙ ඇහුවා. 
 
" ලොකුම අපහසුතාවය තමයි ටොයියෝ අපිව දැක්කම පශ්චාත් බාගෙන් හිනා වෙනවා...."
 
" ටොයියෝ දැක්කම මූණ හංගගන්න හිතෙනවා .... හීන් දාඩියයි, මහ දාඩියයි දෙකම එක පාර දානවා...."
බයියා සියලු රෝග ලක්ෂණ පැහැදිලි කළා.
 
" අපට මොනවා වුණාත් කමක් නෑ ඉන්න ‍රටක් තියෙන්න ඕන නේද කියලයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ ...."
 
" ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ ...? "
කිංබානට්තුමා අන්තිමට ඇහුවා. 
 
" ඉන්න ‍රටක් කෙසේ වෙතත් අපට රෙ...න තිබ්බ වෙරලත් නැති වුණා....! "
 
බයියා එහෙම කියලා මූණ වහගෙන මාරු වුණා.
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්)

 

 


 

THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්