ආදරණීය දුව වෙත,
 
 
මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේක තමයි හොඳම වෙලාව. 
 
මට හිතෙනවා අපි පුංචි කාලේ තුළ යන්තමින් හරි වින්ද ලෝකය, ආත්මයෙ  සැනසීම ඔයාට දෙන්න බැරිවෙයි කියලා.  සමාවෙන්න ?
අලියෙක් ඇතෙක් ඇත්තට කැලේ ඇතුළෙන් එනවා පෙන්නන්න බැරි උනොත් මට සමාවෙන්න .?
ප්ලාස්ටික් කැට නැති මුහුදු වෙරළක් දෙන්න බැරි වුනොත් මට සමාවෙන්න ..?
රටේ හැම ප්‍රශ්නයක්ම කැමති දේශපාලන කණ්නාඩියෙන් විඳිමින් බොරු තර්ක කරමින් ජීවිතය ගෙන ගියාට  සමාවෙන්න .?
 
ෆේස්බුක් එකේ නිකං උඩට පල්ලෙහාට සංචාරය කරමින් 
එකෙන් රට හදන්න ගියාට සමාවෙන්න ,?
ඡන්ද කාලයක් ලං උනාම හරි වරද්ද පැත්තක තියලා තමන්ගේ දේශපාලන මතය දිනවන්න හොඳම යාලුවොත් එක්ක පවා මරා ගත්තට සමාවෙන්න .?
තමන්ගේ කොටස රට වෙනුවෙන් නොකර හැමදේටම අනිත් අයට ඇඟිල්ල දික් කළාට සමාවෙන්න .? 
ප්‍රශ්න මගේ වෙන තාක් අනෙක් අයට දාර්ශනික කතා කිව්වට සමාවෙන්න .?
කොටින්ම කිව්වොත්" උඹේ අප්පච්චි  ෆේල්  ?.
රටට මොනවද කරල තියෙන්නෙ කියන හැම වාරයක් පාසාම මම ෆෙල්..?❤
 
හරි දේ හරි දේ හැටියටත්, වැරදි දේ වැරදි හැටියටත් දැකපු නැති තමන්ගේ කොටස ඉටු නොකරපු  මේ රටේ ඉන්න හැම එකාම ෆේල්. හරි වැරැද්දට දේශපාලන මතයක් නෑ .පාටක් නෑ .?
 
මේ ලියන කතාවත් තමන්ගේ දේශපාලන ට අනුව බලමින් වැලලෙන්න යන කැකිරි කොටලුවො ටිකක් ඉන්නවා කියලා  දැන දැනත්  මේවා ලිව්ව මට සමාවෙන්න .
 
රජය වල් වෙනස් වුණාට ප්‍රශ්න වෙනස් වෙන්නෙ නෑ .
 
අපේ ක්‍රියාකලාප වෙනස් වෙන්නෙත් නැහැ .
 
උඹත් එක්ක මේ බිස්කට් එක කාලා සෙල්ලම් නොකර තවත් විකාර ලිය ලිය ඉන්න මට සමාවෙන්න .
 
 
මම උබේ අප්පච්චි ......✍️❤??
 
 
 
( Manuranga Wijesekara ගේ ෆේස්බුක් පිටුවෙන් )
 
 
###############
 
THE LEADER TV 
 
 

 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්