අල්ලපු ගෙදර පොඩි එකා කිංබානට්තුමාට සෙට් වුණා. 
 
 
" අංකල් , ඒ කාලේ සළු වඩන නිළමේ කියලා කෙනෙක් හිටියා නේද? "
පොඩි එකා එකපාරටම ඇහුවා. 
 
" ඔව්..., රජ කාලේ හිටියා නේන්නං සළු වඩන නිළමේ කියලා නිළමේ කෙනෙක් ..."
කිංබානට්තුමා කිව්වා. 
 
 
" සළු වඩන නිළමේ පත් වෙන්නෙ වැඩිම මනාපෙන් ද...? "
ඒ පාර ඌ අහපි.
 
 
"බොට පිස්සුද බං...! සළු වඩන නිළමේ පත් කරන්නේ ‍රජ්ජුරුවෝ..."
කිංබානට්තුමා ඒකට එහෙම කිව්වා. 
 
 
" එතකොට සළු වඩන නිළමේ ගේ රාජකාරි මොනවද...? "
 
 
" රජ්ජුරුවෝ නාන කොට රජ්ජුරුවන්ගේ සළු පිළි දීම තමයි එයාගේ ජොබ් එක ..."
 
 
" රජ්ජුරුවන්ගේ ටවල් එක ..? "
 
"ඔව්.., ඒකත් දෙනවා..."
 
" රජ්ජුරුවන්ගේ ලංකට් එක ..."
 
 
" ඒ කාලේ රජ්ජුරුවෝ ලංකට් ඇන්දේ නෑ නසරානියෝ..."
 
" තව මොනවද දුන්නේ ...? "
 
" රජ්ජුරුවෝ නාලා ඉවර වුණාම අඳින සළු පිළි සේරම දීලා ඒවා ඇන්දුවේ  සළු වඩන නිළමේ තමයි කොල්ලෝ...."
 
 
" එතකොට දේවින්නාන්සේගේ
පෑන්ටියයි, බ්‍රෙසියර් එකයි දුන්නෙත් සළු වඩන නිළමේද...? "
කොලුවා අහපි.
 
 
" යකෝ..., සළු වඩන නිළමේ හිටියේ රජ්ජුරුවන්ට සේවය කරන්න මිසක් වටේටම සර්විස් එක දෙන්න නෙවෙයි ..."
කිංබානට්තුමාගේ මළ අතේ.
 
 
" එතකොට දැන් සළු වඩන නිළමෙලා නැද්ද අංකල් ...? "
 
" ගොං හැලපයෝ..., අපි දැන් ඉන්නේ නව සහශ්‍රකයේ ...මේ කාලේ කොහෙද බං සළු වඩන නිළමෙලා....! "
කිංබානට්තුමා තේරුම් කරලා දුන්නා.
 
 
" අංකල් බොරු නේද කියන්නේ ...? "
 
" මොකක්ද මං කිව්ව බොරුව ...? "
 
" වර්තමානේ  සළු වඩන නිළමෙලා  නෑ කියලා .. "
 
" නෑ තමයි ...! "
 
" ඒ වුණාට අර  ඉන්නේ ..."
 
" කවුද ...? "
 
" සළු වඩන නිළමේ කෙනෙක් ...! "
 
" කාටද...? "
 
" පියුමි ඇන්ටිට...! "
 
එහෙම කියලා කොලුවා ජංගියත් උස්සන් ඔන්ලයින් ක්ලාස් එකට දිව්වා.
 
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන්..)
 
 

 

 

 


 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්