කිංබානට් තීරු ලිපියට බයියෝ වැඩිය කැමති නැති බව කිංබානට්තුමාට තේරුම් ගියා.

 
ඒ නිසා බයියන්ගේ හිත සුවපත් වෙන ආකාරය මෙවර කිංබානට් තීරු ලිපිය ලියන්න කිංබානට්තුමා තීරණය කළා.
 
ඔන්න කිංබානට්තුමාට ටොයියෙක් මාට්ටු වුණා.
 
කිංබානට්තුමා 69 ලක්ෂයක් බයියෝ වෙනුවෙන් ටොයියා එක්ක ඔට්ටු වෙන්න හිතුවා.
 
" මුන් තෙල් මිලත් වැඩි කළා නේද...? "
ටොයියා ඇහුවා.
 
 
" තමුසෙ කතා කරන්නේ හරියට මේ රටේ පළවෙනි වතාවට තෙල් මිල වැඩි කළා වගෙයිනෙ....
මතකද මංගලයා ඒ කාලේ හැම මාසෙම 10 වෙනිදාට තෙල් මිල වැඩි කළා...?
 
 
දන්නවාද ඉන්දියාවේ පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 275.45 යි....
 
බංග්ලාදේශයේ රුපියල් 208.07 යි...
 
නේපාලයේ රුපියල් 188.25 යි..."
 
කිංබානට්තුමා ටොයියාට කණ පැලෙන්න උත්තර දුන්නා.
 
" ඇමරිකාවෙත් තෙල් මිල වැඩියි අපට වඩා...ඒක දන්නවද...? "
 
කිංබානට්තුමා කබ්‍රාල් ගේ කබ්බ පොයින්ට් එකෙකිනුත් දමලා ඇන්නා.
 
" ඒ විතරක් නෙවෙයි, තෙල් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙළක එක් ප්‍රධාන සාධකයක් ....
 
 
ඒකෙන් රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කරලා අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්,
විදේශ විනිමය වියදම් අඩු කර විනිමය අනුපාතය ශක්තිමත් කර ගැනීමටත්,
ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය සුරක්ෂිත කර ගැනීමටත්,
ආනයනය මත රඳා පවතින පරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමටත් හේතු වෙනවා...."
 
කිංබානට්තුමා ලෝකේ කිසිම ආර්ථික විද්‍යා පොතක නැති න්‍යාය ටිකක් කියලා ටොයියව කරකෝලා අත ඇරියා.
 
 
" සීනි බද්ද සත 25 කළාට අපිට සීනි රුපියල් 85 ට ලැබුනද...? "
ටොයියා ඇහුවා.
 
 
" සීනි බද්ද සත 25 නොකළා නං සීනි කිලෝ එක රුපියල් 500 ක් විතර වෙන්න තිබුනා.... ආණ්ඩුවේ බුද්ධිමත්භාවය නිසයි අපි තාම සීනි කන්නේ ..."
කිංබානට්තුමා ඒ පොයින්ට් එකත් ඛණ්ඩනය කළා.
 
 
" දැන් බලන්න කිලෝ 12.5 ගෑස් සිලින්ඩරේ ලීටර් 18 කරලා ගෑස් මිලත් වැඩි කළානේ..."
ටොයියා ඒ පාර ගෑස් ඇඳලා ගත්තා.
 
 
" ගෑස් කොහෙද වැඩි වුණේ...? ගෑස් මිල අඩු කරලා තියෙන්නේ ....කලින් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරේ රුපියල් 1495 යි....
දැන් ගෑස් ලීටර් 18 ම රුපියල් 1395 යි.... 12.5 ද 18 ද ලොකු....? තමුසෙට ගනං බැරිද....? "
කිංබානට්තුමාගේ කතාවට ටොයියට කට උත්තරත් නෑ.
 
 
 
" මේ වෙලාවේ අර 225 ට ප්‍රාඩෝ ගෙන්නන එක හරිද...? "
ටොයියා ප්‍රශ්න කළා.
 
" තමුසෙට අමු කැවිලද...! ඒ ප්‍රාඩෝ ගේන්නේ ජනතාවට ඇම්බියුලන්ස් හැටියට පාවිච්චි කරන්න .....
ඔය ප්‍රාඩෝ ගෙන්නුවාට රටට පාඩුවක් සිදු වෙන්නේ නෑ...
 
 
ඒ වාහන ණය පහසුකමක් යටතේ ලබා ගන්නා එකක් නිසා වාහන ගෙනාවා කියලා ආණ්ඩුවට ණය බරක් එක් වෙන්නේ කොහොමද ....
 
ඒක හින්දා දැනට හිමිවී ඇති ඒ ණය පහසුකම අපතේ නොයවා එම වාහන ටික ගෙන්නලා වහාම කවුන්සිලේ සෙට් එකට බෙදා දෙන්න ඕන ....
 
මන්ත්‍රීවරුන්ට ඔය ප්‍රාඩෝ ටික දුන්නොත් තමයි ජනතාව උනත් සතුටු වෙන්නෙ ...."
කිංබානට්තුමා ප්‍රාඩෝ කේස් එකත් බැලන්ස් කළා.
 
" තමුසෙ එක්ක කතා කරලා වැඩක් නෑ...තමුසෙගෙ වෘෂණ කෝෂ දෙක ගලවන් ගියත් තමුසෙ කියයි සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්නෙයි කියලා ...."
ටොයියා හොඳටම ඔරොප්පු වෙලා යන්න ගියා.
 
 
කිංබානට්තුමා ඊට පස්සේ බයියෝ දිහාට හැරිලා මෙහෙම ඇහුවා.
" ඔබට සතුටුයිද දැන් ....? "
 
 
 ( King Barnet ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


 

THE LEADER TV 
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...?
 
 
 
ගම්මන්පිලට ගහන්න ගිය පොහොට්ටු ලේකම් ඉල්ලා අස්වෙයි?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්